අරලිය වෙඩිමක පැකේජ කෙසේද.. අරක්කු දෙනවාද පිටින් ගේනවාද.. පේලේට් එක කීයද..- අගමැතිගෙන් ලිඛිතව විමසයි..

September 3, 2018 at 9:20 am | lanka C news
අරලිය වෙඩිමක පැකේජ කෙසේද.. අරක්කු දෙනවාද පිටින් ගේනවාද.. පේලේට් එක කීයද..- අගමැතිගෙන් ලිඛිතව විමසයි..

අරලියගහ මන්දිරය විවාහ මංගල උත්සවයක් සදහා ලබා ගැනීම ගැන විමසමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් අග‍්‍රමාත්‍ය කාර්යාලය වෙක යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා
ශ්‍රී  ලංකා අග්‍යාමාත්‍ය
අග්‍රාමාත්‍ය කාර්යාලය
කොළඔ 03.

අග්‍රාමාත්‍යතුමනි

අරලියගහ මැදුර විවාහ මංග්‍යල්‍යයන් සදහා ලබා දීම සම්බන්ධව.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමයේ සිට සෑම පෝය දිනකම බෞද්ධ ශ්‍රී ලංකවේ ප්‍රධාන බෞද්ධ විහාර කිහිපයකම දායකත්වය උසුලන ඔබතුමාට අපගේ ස්තුතිය පළමුව ප්‍රකාශ කරමු.

අගමැතිතුමනි අරලියගහ මැදුර පාර්ලිමේන්තු මන්ත්‍රීරුවන්ට පමණක් නොව ඔවුන් පාර්ලිමේන්තුවට පත්කල මහජනතාවගේ විවාහ උත්සව පැවැත්වීමට ද අවස්ථාව ලබා දෙන ලෙස ඔබ ගෙන් අප ඉල්ලා සිටින අතර ඔබගේ කාර්ය මණ්ඩලය විසින් ප්‍රකාශ කරන පරිදි ඔනෑම පුද්ගලයෙකුට අරලියගහ මැදුර විවාහ උත්සව සදහා භාවිතා කල හැකි උවත් අරලියගහ මැදුරේ ඇති පහසුකම් පිලිබදව හා සපයන සේවාවන් පිළිබදව ජනතාව දැනුවත් වී නොමැති බැවින් පහත සදහන් තොරතුරු ජනතාවගේ දැනුවත් වීම සදහා ප්‍රසිද්ධ කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

  1. අරලියගහ මැදුර විවාහ උත්සව සදහා වෙන්කර ගන්නේ කෙසේද?
  2. විවාහ උත්සව සදහා එහි මිල ගණන් කොපමණද?
  3. ආහාරපාන අරලියගහ මැදුරෙන් සපයනවාද?
  4. එහි පැකේජ වල මිල ගණන් කීයද?
  5. මත්පැන් භාහිරෙන් ගෙන ආ යුතුද නැතිනම් අරලියගහ මැදුරේ තිබේද? එහි මිල ගණන් මොනවාද?
  6. පෝරුව ඇතුලු සැරසිලි සදහා වන මිල ගණන්
  7. නැටුම් කණ්ඩායම් සදහා අය කරන මුදල කීයද?
  8. විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කිරීම සදහා අය කරන මුදල කීයද?
  9. විවාහ ලියාපදිංචි කිරීමේ රිජිස්ටාර් කෙනෙක් අරලියගහ මැදුරේ සිටීද? පිටින් රැගෙන ආයුතුද?

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

93 views

9 Comments to “අරලිය වෙඩිමක පැකේජ කෙසේද.. අරක්කු දෙනවාද පිටින් ගේනවාද.. පේලේට් එක කීයද..- අගමැතිගෙන් ලිඛිතව විමසයි..”

  1. prasantha says:

    good.

  2. Ganja says:

    Better to use as a wedding hall other-than paying 30 LKs electricity bill.

  3. good munta duppath rataka mechchara sepata wiyadam epa. pakistanaye Imran khan diha balapalla podi geyaka inne’
    mun prakoti ganan wiyadam karanna tax gahala apata baluduk deela hena weeeeyan

  4. Dmk says:

    Questions to show stupidity?

    • john says:

      The Stupidity is the conduct at Temple Trees.. Now the Prime Minister and staff say anyone can reserve the hall for functions.. imagine the security issues that will arise out of this. There is a saying in folk ‘You have to tell 10 lies to cover 1 Lie”. Now UNP is doing exactly that. The worst case is what you call beyond Stupidity..! Idiotism..! i.e. not to realize this stupidity due to the Colored glasses. As demonstrated by this Dmk

  5. duk windinna says:

    Ranil sitina mema gedara
    masika widuli bila keeyada???
    watura bila keeyada
    waripanam gasthuwa keeyada
    aaraksaka gastu keeyada
    denata kee denenek innawada?
    wenath wiyadam masika keeyada?
    karya mandalaya kedenekda? yana wiyadama keeyada YAKO ,WARAYAWAL ,HOSPITAL ,PASEL KEEYAK HADANNA PULUWANDA
    me manussayagen ratata una ekama de banku horakama pamanai

  6. Hari says:

    ARALIYA GAHA MANDERAYA PUDGALIKA MANDIRAYA KARAMU HAMOTAMA WEDDING

  7. Open mind says:

    මෙවැනි දේ විමසීම ට කොන්දක් ඇති කළ රනිල් ට ස්තුතියි