‘අරලිය වෙඩිම’ ගැන අගමැතිගේ නිවේදනයෙන් චතුර කැපේ.. මංගල ඇරයුම්පතින් අගමැති කැපේ..

August 31, 2018 at 10:51 pm | lanka C news
‘අරලිය වෙඩිම’ ගැන අගමැතිගේ නිවේදනයෙන් චතුර කැපේ.. මංගල ඇරයුම්පතින් අගමැති කැපේ..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සවය පැවැත්වුනේ අරලියගහ මැදුරේ නොව එම මන්දිර පරිශ්‍රයේ පිහිටි උත්සව ශාලාවේදී බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරයි.

අගමැති කාර්යාලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වෙයි.

කෙසේ වෙතත් චතුර සේනාරත්න මහතා විසින් සිය මංගල ආරාධනා පත‍්‍රයේ පැහැදිලිවම සදහන් කර ඇත්තේ අරලියගහ මැදුරේ දී මෙම උත්සවය පැවැත්වෙන බවයි.

අගමැති කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනය හා චතුර සේනාරත්න මහතාගේ මංගල ඇරයුම්පත පහත දැක්වෙයි.

****

“පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චතුර සේනාරත්න මහතාගේ මංගල්‍ය උත්සවය සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු සමාජගත වෙමින් පවතින බව අප කාර්යාලයේ අවධානයට ලක් විය.

සේනාරත්න මහතාගේ මංගල උත්සවය පැවැත්වූයේ අග්‍රාමාත්‍ය නිල නිවෙස වන අරලියගහ මන්දිරයේ දී නොවේ. අරලියගහ මන්දිර පරිශ්‍රයේ තවත් ගොඩනැගිලි ගණනාවකි. කාර්යාලයීය සංකීර්ණය හා උත්සව ශාලාව ද ඒ අතර වෙයි.

මෙම උත්සව ශාලාව සම්මත ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය හා වෙනත් උත්සව අවස්ථා සඳහා ලබාදීම පිළිගත් ක්‍රමවේදයකි. ශාලාව වෙන් කිරීම සඳහා ලැබෙන ඉල්ලීම් අනුව සුදුසු උත්සව සඳහා ශාලාව ලබා දීමට කටයුතු කරනු ලැබේ.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සිය විවාහ මංගල්‍ය පැවැත්වීම සඳහා උත්සව ශාලාව ලබා දිය හැකිදැයි විමසා ඉල්ලීමක් කළේය. ආණ්ඩු පක්ෂයේ මන්ත්රී්වරයෙකු විසින් කළ ඉල්ලීමක් නිසාත්, ඒ සඳහා ගරු මන්ත්‍රීතුමන් දක්වා තිබූ හේතු යුක්ති යුක්ත නිසාත්, සම්මත ක්‍රමවේදයන් මත ශාලාව ලබා දීමට අග්‍රාමාත්‍ය කාර්යාලය කටයුතු කළේය.

ඇතැමුන් අර්ථ දක්වන පරිදි මෙය, නොමිලයේ ලබා දීමක් හෝ ජනතා මුදල් අවභාවිත කිරීමක් හෝ නොවේ. සේනාරත්න මහතා වෙත ශාලාව ලබා දී ඇත්තේ පිටස්තර උත්සව සඳහා එය ලබා දෙන අවස්ථාවන්හි අය කරන සම්මත ගෙවීම් මත ය. උත්සවයේ සැරසිලි, ආහාරපාන හෝ අන් කිසිදු කාර්යයකට මෙම කාර්යාලයේ සම්බන්ධයක් නොමැත.

2018.08.31
අග්‍රාමාත්‍ය කාර්යාලය

133 views

10 Comments to “‘අරලිය වෙඩිම’ ගැන අගමැතිගේ නිවේදනයෙන් චතුර කැපේ.. මංගල ඇරයුම්පතින් අගමැති කැපේ..”

  1. sL says:

    රටේ ප්‍රශ්න නැතිවට මුන්ගේ විකාර බලන්න වෙලා. නොදකින්

  2. මේක මාර පුඩිමක් බං. says:

    ඔලුවේ අමාරු ඩබල් වෙලා. මේක මාර පුඩිමක් බං. අනේ අපේ කතිරේ. බිසවට ඉතිරේ.

  3. දිනිති ආලෝකා රණසිංහ says:

    ඉදිරියේදී මේ සේවාව තවත් පුළුල් කෙරෙනවා ලු. එතකොට මනාලියන්ට ඇන්දවීම වගේ ඒවා අගමැති ලවා කරවා ගන්න පුළුවන්ලු. මනමාලිගෙයි, දෙවන මනාලියන්ගෙයි, මල් කුමාරියන්ගෙයි ඇඳුම් සකස් කරදීම අවමංගල සමරවීර බාර ගන්නවාලු. අෂ්ටක කියන්න, අපේ සිරිසේන ගොයියව ගන්න පුළුවන් ලු. පෝරුවේ චාරිත්‍ර ඉවර වුනාට පස්සේ මිනිහා කුණුහරුප තේරවිලි වගේ ඒවා කියලා මිනිහා පණහ පැනපු ගෑනුන්ට ගොන් ආතල් දෙනවලු.

  4. PoddaSL says:

    Serious alligation

    This is literally misuse of public assets.
    If PM can prove this is an ordinary course of Temple Trees business i.e. supplying services for the functions and it has been registered for Value Added Tax and paid VAT on reception services rendered for weddings.
    PM can produce copy of VAT output shedule to public in order to show he is not wrong doer.

  5. ගොන් ඩබල බලයට පැමිනි දා පටන් උන්ගේ හැතිකරේගෙ යහපත සහ පැවැත්මට වැඩ කලා මිස අන්ත අසරන දුප්පතුන්ට ද රටට ද කල කිිසිවක් නැත මහ බැංකුව බිඳ මගුල් කෑවා …….ඔලුවක් තිබ්බත් මොලයක් නැති පාලනය.

  6. Ranjan says:

    It is a bloody shame or the post of Prime Minister. When country does not have money selling Govt. property it is better rent out the Temple Trees to functions

  7. Banda says:

    Yes, I do fully agree with SL. Although people blame Mahinda for misappropriation of money, this is one of the clear examples for misappropriation by the current Yahapalanaya. However, we are the people responsible for selecting foolish leaders like My3 and Ranil. Now we cannot avoid these types of situations until we get rid of unwise leaders. Select the best out of worse leaders having in Sri Lanka (as some always blame Mahinda) and allow him (I still believe Mahinda is the best) to find solutions to correct mistakes happening since 9th Jan 2015.
    Temple Trees has now become a Mini-Mahaweli Circuit Bungalow (CB). In Mahaweli Authority (My3’s Assets), book CB for a few people and have big functions and weddings by attending 100 odds people until ruin the premises and building. Similarly, Temple Trees now can book for weddings of a few people and celebrate wedding functions like Chathura’s attending 1000 odds people. Finally, it is Tax Payers money is being used for the operation and maintenance of these buildings/premises. Auditor General, carry out a productive audit including Mahaweli Assets, as you have got more authority under the 19th Amendment, as you have said recently in a meeting at Ratnapura. This is important before accepting an enhanced salary proposed by the parliament.

  8. ULAMA says:

    PLAN eka andala LOCATION eka MARK karala dapanko

  9. ගලබොඩ අත්තේ චමින්ද says:

    අගමැතිතුමා වගේ කෙනෙකුට තේරෙන්නේ නැද්ද මේවගේ වැඩවලට අනුමැතිය දෙනකොට තමන්ගේ රෙද්දත් ගැලවෙනවා කියලා.

Main News