අර්ජුනගේ කේලමෙන් ඉන්දියාවට අභියෝගයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අතුගාදමන්නට සහයක්..

October 25, 2018 at 12:00 pm | lanka C news
අර්ජුනගේ කේලමෙන් ඉන්දියාවට අභියෝගයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අතුගාදමන්නට සහයක්..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදුකළ ඉන්දියානු සංචාරයට අමාත්‍ය අර්ජුන රණතුංග මහතාත් සහභාගී වූ අතර එහිදී අමාත්‍යවරයා සිදුකළ ඉල්ලීමක් නිසා ශ්‍රී ලංකා රජයේ කීර්ති නාමයකට හානි සිදුවන බවට සමාජ ජාලාවන්හි විචාරක මත පලෙවයි.

එම සංචාරයේදී අර්ජුන අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ක්‍රීඩකයන්ගේ සිදුව තිබෙන වංචා දූෂණ පිළිබඳ සෙවීමට ඉන්දියාවේ සහය දෙන ලෙසත් ඉල්ලා තිබේ.

ලංකාව පාවාදුන්නාද යන්න ප්‍රශ්නය ඇති වන්නේ රජයේ පූර්ණ දායකත්වය මත තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදුව ඇතැයි කියන දූෂණ ගැන සෙවීමට සහය දෙන්නැයි කියන්නේ වර්තමාන ආණ්ඩුවේම ඇමැතිවරයෙක් වූ අර්ජුන රණතුංගය. අඩුම තරමේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු හෝ ඉන්දියාවේ සංචාරය කළද එවැනි ඉල්ලීම් සිදු කර නොතිබිණි.

එම සංචාරයෙන් පසු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ බුකී සහ ඔට්ටු ව්‍යාපාරය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඇතිව තිබෙන දූෂණය සහ වංචාව තුරන් කිරීමට තම පූර්ණ සහාය ලබා දීමට ඉන්දියාව කැමැත්ත ප්‍රකාශ කළ බවයි.

පසුගියදා පැවැත්වුණු ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි මහතා සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් අර්බුදය ගැන සාකච්ඡා කිරීමේ අවස්ථාව තමන්ට උදා වූ බවද එහිදී ප්‍රකාශ කර ඇති ඇමැතිවරයා සිදු කර ඇත්තේ තමන් අයත් ඇමැති විෂයට කිසිසේත් අදාල නොවන කටයුත්තකට ඉන්දියාවේ රාජ්‍ය නිල සංචාරයකදී ඇමැති ධූරයේ වගකීම් ඉක්මවා කටයුතු කර තිබීමයි.

එම සංචාරයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ඇමැතිවරයා ඒ කිසිවක් ගණන් නොගෙන කටයුතු කර ඇති බවද විචාරක අදහස් පලව අැත.

ප්‍රශ්නය වන්නේ ක්‍රිකට් සම්බන්ධව දූෂණ වංචා රැසක් සිදුවූ බවට වාර්තා වන්නේ ඉන්දියාවේදී වන අතර විශේෂයෙන් IPL ක්‍රිකට් තරඟවලදී එම තත්ත්වය විශාල වශයෙන් සිදුවේ. එවැනි චෝදනා රැසක් පවතින තැනකින් ශ්‍රී ලංකාවේ දූෂණ වංචා චෝදනා සෙවීමට සහය ඉල්ලීම පුදුමයට කරුණකි. එම තරඟාවලදී ඉන්දියාව තුළදී තරග පාවාදීමේ හොකරම් බොහොමයක් සිදු වී තිබිණි.

මෙම කලාපයේ ඉන්දියාවට තිබෙන අබියෝගය ශ්‍රීලංකාවයි. එසේ තිබියදී ශ්‍රීලංකා ක්‍රීඩකයන් දුෂිතයන් ලෙස ප්‍රදාන සතුරු රටකට ගොස් ප්‍රකාශ කිරීම පිළිකුල් විවාද සම්පන්නය.

කෙසේවෙතත් කැබිනට් අමාත්‍යා වරයකු ලෙස ඔහු කර ඉල්ලීම හරහා ලංකාවේ සිටින ඉන්දියාවට අබියෝගයක් වන ක්‍රීඩකයන් මේ හරහා විනසකිරීමට ඉන්දියාවට හැකි වනු ඇත.

– FB

17,247 Viewers

One Comment to “අර්ජුනගේ කේලමෙන් ඉන්දියාවට අභියෝගයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අතුගාදමන්නට සහයක්..”

  1. නයා says:

    අර්ජුන රණතුංගට ඇත්තේ එකම අරමුණයි.
    ඒ තමන් ජීවත්ව සිටිනා තාක් ලංකාව තවත් ලෝක කුසලානයක දිනා ගැනීම වැලැක්වීමයි.

    ඒ වෙනුවෙන් ඕනෑම පාවා දීමක් කරාවි.

Main News