අර්ජුනට සජිත් වෙනුවෙන් තනතුරක්..

October 27, 2019 at 5:30 pm | lanka C news
අර්ජුනට සජිත් වෙනුවෙන් තනතුරක්..

මෙවර ජනාධිපතිවරණයේදී ගම්පහ දිස්ත‍්‍රික්කයේ මැතිවරණ මෙහෙයුම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් සම නායකත්වයට ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පත් කෙරේ.

මෙවර ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ මහර ආසනයේ සම්බන්ධීකරණ කටයුතුවල ප‍්‍රධාන්තවයද අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පැවරිණ.

ඒ ගැන අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය සහ උපදෙස් සමගින් සජිත් පේ‍්‍රමදාස මහතාගේ විජයග‍්‍රහණයට දැවැන්ත මෙහෙයුමක් ගම්පහ දිස්ත‍්‍රික්කයේ දියත් කරන බවයි.

”සජිත් පේ‍්‍රමදාස මැතිතුමාව ඉල්ලූවේ මහජනතාව, ඔබතුමාලා. දැන් එතුමාව ජයග‍්‍රහණය කිරීමේ වගකීම ඔබතුමාලට වගේම අපි හැමෝටම තියෙනවා. 2015ට පෙර කාලය හා බලන විට 2105න් පසු මේ වසර 4 – 5 කාලයේදී රටක් විදියට අපි බොහෝ දේ දිනා ගත්තා. නිදහසේ ජීවත් වීමේ අයිතිය ඒ අතරින් ප‍්‍රධාන වනවා. ගම්පෙරළිය වැඩසටහනින් මේ ආණ්ඩුව රටේ සංවර්ධනයට අති විශාල වැඩ කොටසක් කළා.

දැන් පොහොට්ටුවේ අය කියනවා සජිත් පේ‍්‍රමදාස මහතා ගිවිසුම් ගහලලූ. මම ඉතා පැහැදිලිව කියනවා ඔය කියන ආකාරයේ කිසිම ගිවිසුමක් අත්සන් කරලා නැහැ. රටට අහිතකර ගිවිසුම් අත්සන් කළොත් අපිත් මෙතන නැහැ. ඒ නිසා ජාතිවාදය අවුලන පොහොට්ටුවේ බොරු කතාවලට අහු නොවී සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ජයග‍්‍රහණය කරවීමට ගම්පහ දිස්ත‍්‍රික්කයේ හැමෝමත් රටේ හැමෝමත් එකමුතුව කටයුතු කළ යුතු බව මම අවධාරණය කරනවා…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

– තමීර මංජු

46,611 Viewers

8 Comments to “අර්ජුනට සජිත් වෙනුවෙන් තනතුරක්..”

  1. pradeep says:

    අර්ජුන ගැන දන්නා අපටනම් මෙය පුදුමයක් නොවේ අර්ජුන සහ රුවන් නැවත නැවතත් සිය පියා ඝාතනය කරමින් සිටි ඒ ගැන ගම්පහ අපට ඇත්තේ හිරිකිතයකි අර්ජුනලට ඊලග මැතිවරණයේදී ජනතාව නිසි පිළිතුරු දෙනු නිසැකය

    • ඉන්ඳිය හිඟන්නන් ගෙනෙයිද බං පලාලි says:

      ආඩම්බරමය කියන්නට උතුරටත් පලාලි
      මත්කුඩු ගොඩ ගසයි නොහිතම හුලවාලි
      රත්තරන් ඇන්න වරෙන් ඇඟෙ සඟවාලි
      ඉන්ඳිය හිඟන්නන් ගෙනෙයිද බං පලාලි

  2. sunimal says:

    තනතුරු වලට රට පාවාදෙන වසලයෝ

  3. 77 UNP says:

    ගිවිසුම පැනකින් අත්සන් කරන්න ඕන නැහැ. TNA එක හැසිරෙන විධියෙන් අපට පේනවා අත්සන. දිනුවොත් කොන්දේසි 13 ඉටුකරන්නම් නැතිනම් මොනවා කරන්නද යන එකඟතාවය තිබුනම ඇති. අකමැති බව හෝ කොන්දේසි 13 කෙලින්ම ප්‍රතික්ෂේප කරනවා කියල කෙලින් නොකියන්නේ ඒ නිසා.

  4. දප්පුල says:

    “සජිත් පේ‍්‍රමදාස මහතා රටට අහිතකර ගිවිසුම් අත්සන් කරලා නැහැ” – අර්ජුන රණතුංග

    ඇරජුනායා මේ යූඇන්පී ප්‍රචාරය ව්‍යාපාරය පටන් ගන්නෙම පට්ට බොරුවකින්!

  5. සරා says:

    අර්ජුන උඔ දැනගනින් ‌ෙමෙවර ‌ෙගෝඨා ගම්පහ දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 375,000 ට වැඩි ගනනකින් දිනනවා.උඔලා ලැජ්ජා ‌ෙවෙයල්ලා.අවුරුදු 4.5ක් කරපු ඒවගේ ප්‍රතිපල තමයි ඒ ලැබෙන්නේ.

    • ක්‍රිමිනල් says:

      ජේ වි පයයි , අනෙක් අපේක්ශයෝ තිස්ගානයි ගන්න ප්‍රතිඵලෙත් එකතුවෙලාද ?

  6. anande balu says:

    yapane jathyanthara mada gohoruwak lagadi gihin lajjja nathiwa opankala.

Main News