අර්ජුන් නිසා ශ්‍රී ලංකන් ඇමරිකානු TPG යට..?
January 30, 2017 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලට ගැනීමේ ගණුදෙනුවේ අවසන් වටයට මේ වන විට තිදෙනකු සිටී. මාලදිවයින් සුපර් ගෘෘප්, ශ්‍රී ලංකාවේ පීස් එයාර් සහ ඇමරිකානු ටෙක්සාස් පැසිෆික් ගෘෘප් – TPG (Texas Pacific Group) ඒ ලංසු ලබාදී ඇති තිදෙනායි.
මෙහිදී මාලදිවයින් සුපර් ගෘෘප් මුල් තේරීම් අවස්ථාවේදී වැඩිම සුදුසුකම් ලබා තිබුණේ 67%ක ප්‍රගතියක් පෙන්වමිනි, එහිදී පීස් එයාර් පීස් එයාර් 65% පෙන්විමින් දෙවන තැනත් 56%ක් ලබා ගනිමින් තෙවන තැනටත් පත්ව තිබුණි. නමුත් පසුව පීස් එයාර් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකන් වෙත ලබාදුන් ලංසුවට (Swift code) ජාත්‍යන්තර සහතිකයක් ලද පසු ඔවුන් මුල් ස්ථානයට පත්විය.
පීස් එයාර් විසින් මේවන විටත් ජර්මනියේ සුප්‍රකට ගුවන් සමාගම වන ලුෆ්තන්සා ගුවන් සමාගමේ සහාය මෙම කටයුත්තේදී ලබාගැනීමට අවශ්‍ය කටයුතුද සූදානම් කර ඇත. ඒ අනුව ලුෆ්තන්සා උපදේශකත්වය ඉදිරි කටයුතු වලදී ලැබීමටද නියමිතය.
තවද පීස් එයාර් පූර්ණ විනිවිදභාවයකින් යුතුව තමන් විසින් ඉදිරිපත්කොට ඇති සියලු තොරතුරු මාධ්‍ය වෙත ඉදිරිපත් කොට ඇති අතර ඔවුන් ශ්‍රී ලංකන් භාර ගැනීමෙන් අනතුරුව ඉදිරියට සිදුකරන ක්‍රියාවලීන්ද ප්‍රකාශයට පත්කොට ඇත.
නමුත් ඇමරිකානු TPG (Texas Pacific Group) වෙත මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව හා සම්බන්ධ ප්‍රධානියාගේ සහාය ලැබීමත් සමගින්, පීස් එයාර් මෙම ගණුදෙනුවට අවශ්‍ය සුදුසුකම් සැපිරුවද එය නොලැබී යන තත්වයක් උදාවී ඇති බවද සඳහන්ය.
– lankaaviationnews
Bloody Rogue
මොකක්ද මේ “ඩබල” මේ කරන්නේ? එකෙක් රට කනවා, අනිකා රට හදන්න හදනවා. Oh, excuse me…. අගමැටිතුමා මෙලෝ සිහියක් නැතුව ඉස්සරහින් ගිහින් රටේ සම්පත් විකුණනව. ජනාධිපතිතුමා පිටිපැස්සෙන් ගිහින් ඒවා බේරා ගන්නවා. එලහරකයි මීහරකයි වගේ මෙලෝ ප්‍රතිපත්තියක් නැහැ, සැලැස්මක් නැහැ, දෘෂ්ඨියක් නැහැ. නීන්කල් එන්නා ඉන්ටාමොරු සේවිහායි, තීරු තලෙයිවාර්?
Sri Lankan Airlines විකුණන්නේ මොකොටද? හැම රටකටම තමන්ගේ කියලා Airline එකක් තියෙන්න ඕනේ. ලැජ්ජා නැත්ද? ඕක එක පාරක් විකුණලා තිබිලා, ආපහු ගෙවලා රටේ අයිතියට ගත්ත එකක් නේද? ඊළඟ ආණ්ඩුවක් අවහම මෙහෙම කොමිස් වලට කුණුකොල්ලෙට විකුනපු සම්පත් ආපහු ගන්නවා. මේ විදියට නාස්ති කරන්නේ දේශපාලකයන්ගේ අම්ම අප්පා දීපු බූදලයක්ද? රටේ මහජන ධනය නේද?
Sri Lankan Airlines ලාභ ලබන ආයතනයක් විදියට පවත්වා ගෙන යන්න බැරි තරම් අපි හිඟන්නොද? බූරුවොද? Aviation ගැන දන්නා දක්ෂ පරිපාලන නිලධාරියෙක් හොයා ගන්න බැරි තරමට අපේ රටේ බුද්ධිමතුන්ගේ හිඟයක් තියෙනවද? එහෙම නම් පිටරටවල ඉන්න උගත් ශ්‍රී ලාංකිකයෙක්වත් නැත්ද aviation ගැන පලපුරුද්දක් තියෙන?
//Sri Lankan Airlines ලාභ ලබන ආයතනයක් විදියට පවත්වා ගෙන යන්න බැරි තරම් අපි හිඟන්නොද? බූරුවොද?//
චම්පා, ඔව්, ඔබේ ප්‍රශ්නයට පිළිතුර ඔව්. අපි බූරුවෝ. ඒක තමයි අපිට මේකෙන් ලාබ ලබන්න බැරි.
By the time this government complete their tenure, there will be no sign of the country of SRI LANKA, as the stupid politicians are on the way to destroy everything national, local, international.!!!