අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදහන්… අතුරුදහන් කාර්යාලයට පැමිණිල්ලක්..

June 7, 2018 at 8:02 am | lanka C news
අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදහන්… අතුරුදහන් කාර්යාලයට පැමිණිල්ලක්..

රුපියල් බිලියන ගණනක් වංචා කර රටේ ආර්ථිකය බරපතළ ලෙස බිඳ දැමූ එමෙන්ම ජාත්‍යන්තරය ඉදිරියේ රටේ ආර්ථික  ප්‍රතිරූපයට බරපතළ ලෙස හානි පැමිණ වූ ආර්ථික ඝාතකයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්  මහතාගේ  අතුරුදහන් වීම සම්බන්ධයෙන්අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සිය ප්‍රමුඛ  අවධානය යොමුකර ඔහු ගැන නිවැරදි තොරතුරු රටට අනාවරණය කළයුතුයැයි පිවිතුරු හෙළ උරුමයේ තරුණ කටයුතු ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ   අර්ජුන් මහේන්ද්‍රන් ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ තරුණ අංශය වන විජයබා පරපුරේ සාමාජිකයන් පිරිසක්  නාවල නාරාහේන්පිට පාරේ පිහිටි අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේදීය.

– අරවින්ද අතුකෝරල

48 views

One Comment to “අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදහන්… අතුරුදහන් කාර්යාලයට පැමිණිල්ලක්..”

  1. Asaranaya says:

    මොන්ටිචෝරු චතුරයාට කිව්වානම් සොයලා දෙයි

Main News