අර්ජුන් මහේන්ද්‍රන් අපේ රටට මහ අවනම්බුවක්.. කැලලක්.. – සිංගප්පූරුව කියයි..
February 19, 2017 at 10:40 am | lanka C news
අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රි ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා සිංගප්පූරු ජාතිකයෙකු වීමෙන් තම රටටටද කැළලක් එක කර ඇති බව සිංගප්පූරු අභ්‍යන්තර කටයුතු ඇමති කේ. ෂන්මුගම් පවසා ඇත.
ඇමතිවරයා මේ අදහස් පල කර ඇත්තේ සිංගප්පුරුවේ සංචාරයක නිරත වුනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශේෂ දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූ අවස්ථාවේදීය.
එහිදී ඇමතිවරයා තව දුරටත් සදහන් කර ඇත්තේ සී.වී. විග්නේෂ්වරන් උතුරු පළාත් මහ ඇමතිවරයාගේ හැසිරීමද ගැටලුකාරී වී ඇති බවයි.
පසුගිය 13 වැනිදා සිංගප්පුරුව බලා ගිය මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඊයේ (18) රාත්‍රියේ නැවත මෙරටට පැමිණ තිබේ.