අර්ජුන් මහේන්ද්‍රන් පත් කරන විට මා විරුද්ද වුණා.. එය නොතකා අගමැති ඔහු පත් කලා.. අන්තිමේ ලංකාවම ගද ගැස්සුවා.. – රාජිත ඇවිලේ…

November 2, 2016 at 1:06 am | lanka C news
අර්ජුන් මහේන්ද්‍රන් පත් කරන විට මා විරුද්ද වුණා.. එය නොතකා අගමැති ඔහු පත් කලා.. අන්තිමේ ලංකාවම ගද ගැස්සුවා.. – රාජිත ඇවිලේ…

කෝප් කමිටුෙවි නිර්දේශ පිළිබදව අමාත්‍ය මණ්ඩලයේ දී සාකචිඡ කළ බවත්, එම නිර්දේශ නීතිපතිවරයාට සහ රාජ්‍ය මූල්‍ය දෙපාර්තෙමින්තුවට යොමු කර පරික්ෂණ පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලයේ දී අවදානය යොමු කළ බව කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කළ පියා අහිමි වූ දරුවන් 200 කට පාසල් උපකරණ පරිත්‍යාග කිරීෙමි සුවිශක්ති මාතා‘ වැඩසටහනක් පයාගල රාජිත සේනාරත්න ක‍්‍රිඩාංගණයේ දී අද පස්වරුෙවි දී පැවැත්විනි.

එම උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

‘කෝප් කමිටුෙවි සභාපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රිවරයෙක්. රාජපක්ෂ සමයේ කෝප් කමිටුෙවි සභාපති වූයේ අමාත්‍යවරයෙක්. එයයි යහපාලන රජයේ වෙනස. කෝප් කමිටුෙවි නිර්දේශ පිළිබදව අමාත්‍ය මණ්ඩලයේ දී සාකචිඡ කළා. එම නිර්දේශ කථානායක වරයා හරහා නීතිපතිවරයාට යොමු කිරීමටත්, රාජ්‍ය මුල්‍ය දෙපාර්තෙමින්තුව හරහා පරීක්ෂණ පැවැත්වීමටත් අවධානය යොමු කළා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාත් එම පරික්ෂණ පිළිබදව කරුණු පැහැදිලි කළා. අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිධූරයට පත් කරන විට මම විරුද්ධ වුනා. ඔහු පිළිබදව විශ්වාසයක් නොමැති බව ප‍්‍රකාශ  කළා. එවිට අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියා ප‍්‍රශ්නයක් ඇති වුවහොත් පසුව විසදාගමු කියලා. නමුත් මා ප‍්‍රකාශ කළ ආකාරයට අර්ජුන් මහේන්ද්‍රන් ප‍්‍රශ්නයක් ඇති කර ලංකාවම ගද ගැස්සුවා. ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානායක්කාර මන්ත‍්‍රිවරයා ඇතුලු පිරිසක් අල්ලස් කොමිසටම මෙම ප‍්‍රශ්නය ඉදිරිපත් කර තිබෙනවා. රාජපක්ෂ පාලන සමයේ දී ඔවුන්ට මෙවැනි ප‍්‍රශ්න අරගෙන අල්ලස් කොමිසමට යන්න බැරි වුනා. එදා ප‍්‍රශ්න අරගෙන ගියා නම් වාසුදේව මන්ත‍්‍රීවරයාට වෙන්නේ ඇමැතිකම නැතිවීම පමණයි’

– නිපුන් ඒකනායක

15 views

14 Comments to “අර්ජුන් මහේන්ද්‍රන් පත් කරන විට මා විරුද්ද වුණා.. එය නොතකා අගමැති ඔහු පත් කලා.. අන්තිමේ ලංකාවම ගද ගැස්සුවා.. – රාජිත ඇවිලේ…”

  1. ජෝන් බාස් says:

    ධීවර සංස්ථාව ගිය ආණ්ඩුව කාලේ කෑව කියල රාජ්‍ය ඇමති දිලිප් වෙද ආරච්චි කියනවා , ඒවට උත්තර දෙන්න ඇමතියි ඇමතිගේ සභාපති මල්ලියි, ඒකට රාජපක්ෂලා සම්බන්ධ නැහ නේ …….

    • alaya says:

      හොරු හොරු අතර ප්‍රශ්නයක් වගේ

    • Amda says:

      ඔක්කොම නරකායි මම හොඳායි..අනේ අපි නොදන්න මුගෙ වරුනෙ

    • Champa says:

      මහා බැංකු බැඳුම්කර වංචාව කරන්න තමන් වැඩ කලේ අගමැතිගේ උපදෙස් අනුව කියලා අර්ජුන් මහේන්ද්‍රන් පැහැදිලිවම, වේලාසනම COPE කමිටුවට කියලා තියෙනවා.

      හැබැයි ආණ්ඩුවේ කිසි කෙනෙක් ඒ ගැන එදා කතා කළේවත් නැහැ. Perpetual Treasuries Ltd එක ගැන හොයල බැලුවේ නැහැ.

      ඇත්තමයි, කරන වැඩේටම හරියන නම – නල්ල මලේ නම – “Perpetual Treasuries” කියන්නේ “Everlasting Coffer” හෙවත් “Never-ending Funds” කියන එක. සිංහල වචනයක් හෙව්වා. “නොසිඳෙන ධන උල්පත” ! නියම නම. තව පොඩ්ඩෙන් විමල් නොහිටින්න කම්බ හොරුන්ට මේක නොසිඳෙන ධන උල්පතක්ම තමා.

      ගිය අවුරුද්දේ යහපාලනයේ මුල්ම කාලේ මහා භාණ්ඩාගාර බැඳුම්කර ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ මතු කරන කොට රනිල් හිනාවුනා, මහා භාණ්ඩාගාර බැඳුම්කර කියන එකේ තේරුමවත් දන්නා මන්ත්‍රීවරු කීදෙනෙක් නම් පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා.

      විමල් ඒකට උත්තරයක් විදියට රනිල්ටත් තරු පෙන්නලා, ආර්ථික විද්‍යාඥයනුත් මවිත කරලා ඉතාම සරල භාෂාවෙන් මහා භාණ්ඩාගාර බැඳුම්කර විතරක් නෙමෙයි ඒ හරහා කරණ හොරකමත් පැහැදිලිව විස්තර කලා. මුළු ලංකාවම ඒ ගැන දැන ගත්තේ විමල් නිසා. මගේ මතකය නිවැරදි නම් විමල් එදා, හර්ෂව පෙන්නලා කිව්වා “මම නම් මේවා කතා කරන්නේ ඉගෙනගෙන ඇවිල්ල, හැබැයි තමුන්නාසේලා (?) නම් මේවා දන්න දේවල්” කියලා. විමල් තව කිව්වා “හර්ෂ මුදල් ඇමැති වුනා නම් මම හිතන්නේ ආණ්ඩුවට මේ වගේ අලකලංචියකට (?) මුහුණ දෙන්න වෙන එකක් නැහැ” කියලාත්. (? දැම්මේ හරියටම විමල් කිව්වේ ඒ වචනම නෙමෙයි නම් ඊට සමාන වචන කියලා පෙන්නන්න).

      කොහොම හරි විමල් එදා කරපු ප්‍රයෝගික දැනුවත් කිරීම නිසා, ඒ දක්වා පොතේ ගුරාල විතරක් දැනන් හිටපු මහා භාණ්ඩාගාර බැඳුම්කර ගැන රටේ ලොකු ආන්දෝලනයකුත්, විරෝධයකුත් ඇති වෙලා සිරි ලංකාවම හින්දන මේ “නොසිඳෙන ධන උල්පත” වහන්න කියලා COPE කමිටුව විසින් පැහැදිලි සාක්ෂි මත පදනම් වූ, ඒ අනුව කෙරුණු පැහැදිලි නිරීක්ෂණ වල අනුසාරයෙන්, පැහැදිලි නිර්දේශ අද ඉදිරිපත් කරලා තියෙනවා.

      මේකේ ප්‍රධානම චුදිතයා වුනු අර්ජුන් මහේන්ද්‍රන් COPE කමිටුව හමුවේ කියලා තියෙනවා තමන් වැඩ කලේ අගමැතිතුමාගේ උපදෙස් අනුව කියලා. ඊට වඩා මොනවාද?

      එදා ඉඳන් මෙච්චර කාලෙකට ඒ කතාව refute කරලා අගමැති වචනයක් කියලා නැහැ. FCID එකයි, අර මහා පරිමාණ විලම්බීත කොමිසමයි අද වෙනකම් අර්ජුන් මහේන්ද්‍රන්ව වත් රනිල්වත් ගෙන්නලා ප්‍රශ්ණ කරලා නැහැ.

      කමක් නැහැ කියමු. එහෙම කරලා මහ බැංකුවේ කම්බ හොරකමට උපදෙස් දීපු අගමැතිතුමා හෙවත් මහ මොලකරු “අපහාසයට, අවමානයට” ලක් කරන්න ඕනේ නැහැ කියමු. ඊට පස්සේ අගමැතිතුමාට තියෙන්නේ එකම විසඳුමයි. එනම්: “නම්බු පිටින්” ඉල්ලා අස්වෙන එක.

      දැන් ජනාධිපතිතුමාගේ භූමිකාව බලමු. රනිල්ව ආරක්ෂා කරන්න මෙහෙයුමක් උඩින් සහ යටින් සිද්ධ වෙනවා. විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා රනිල්ව ජනාධිපති කරන්නත්, හිටපු ආරක්ෂක ලේකම්තුමා දේශපාලනයට එන එක නවත්තන්නත් දේශපාලන සහ-සම්බන්ධතා උඩ සමහර පුද්ගලයන් සහ කණ්ඩායම් සංවිධානාත්මක වැඩ පිළිවෙලක් අරන් යනවා. (Obviously, it is common knowledge that Wimal doesn’t belong to these destructive groups).

      අතිගරු ජනාධිපතිතුමා, ඔබතුමා නම් මාර මෝඩයි අනේ. තමන්වම නැති කරන්න ගහලයාට කඩුවකුත් දීලා, උඩිනුයි යටිනුයි දෙපැත්තෙන්ම ගින්දරත් ඇවිලෙත්දී, ගහලයාවම පෝෂණය කර කර, ආරක්ෂාව දිදී, බලතලත් දීලා වගේ වගක් නැතුව ඉන්නවා.

      ඉතිහාස ගත වෙන්න හිතා ඉන්නේ කොහොමද?

      මැටියෙන් අඹපු නූතන සිරිසඟබෝ රජ්ජුරුවෝ සියතින් ගෙල සිඳගෙන ජාතියක් විනාශ කරපු අළුගෝසුවාට හිස දන් දීල රට භාර දුන්න කියලද?

  2. ABC says:

    එදා එහෙමයි මෙදා මෙහෙමයි කියලා ඔන්න ඔහේ ඕක අමතක කරලා දාමු නේද? ඔය මහ ජනතාව ඉන්නේ බදු ගහන්න. ප්‍රශ්නය ඉවරයිනේ නේද

  3. Nareen says:

    Dan oya boru baila valin janathava ravattanna baha.Tamunnaanse oya try karanne agamathi venna neda? Ath S.L.F.P eke thavamath innava agamathikamata sudusu avanka daksha aya.

  4. dula says:

    කමෝන් ….කමෝන් …..අපේ අනාගත අගමැතිතුමා ….කමෝන්

  5. WWw says:

    Me paraya mona agamathida??? Dula ta pissu… oka agamathiunoth rata iwaramathama , Ranil hondaa..

  6. lion says:

    මම යූඇන්පියට ගිය නිසා තොපිත් වරෙව්… ග්‍රාමසේවක …

  7. Gorakaya says:

    He is one of the biggest rogues. Everybody knows your deals. You got Sirisena to oust Bribery Commissioner to facilitate your escape.

  8. HELAYA says:

    කියාපන් බොරුවක්.
    ගලවපන් ලොක්කගෙ දතක්.
    බලාපන් වෙන අතක්.
    ඉල්ලපන් ලොකු තනතුරක්.

  9. Dickie Bird says:

    Looks like Rajitha has been left out by the Mama/Bana and has not received his commission…. aiyoo

  10. sarath says:

    Rajitha has forgotten the fact that he contested from UNP and won the election 2015. Now he talks against his leader.

Main News