අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමට පත් කලේ මා නොවෙයි.. ජනාධිපති මෛත‍්‍රිපාලයි..- අගමැති බැදුම්කර කොමිසමට සාක්‍ෂි දීලා.. ජනාධිපති අමාරුවේ..

January 19, 2018 at 10:54 pm | lanka C news
අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමට පත් කලේ මා නොවෙයි.. ජනාධිපති මෛත‍්‍රිපාලයි..- අගමැති බැදුම්කර කොමිසමට සාක්‍ෂි දීලා.. ජනාධිපති අමාරුවේ..

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පවත්වන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් සෘජුව චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් එම ධුරයට පත් කරන ලද්දේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බැදුම්කර කොමිසම හමුවේ පවසා ඇත.

අර්ජුන් මහේන්ද‍්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කරන්නට ආණ්ඩුව තුල පොදු එකගතාවයක් තිබූ බවත් තමන්ගේ එකගතාවය සහිතව මුදල් ඇමතිවරයා විසින් අර්ජුන් මහේන්ද‍්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කල යුතු බවට නිර්දේශ කලේ යයිද අගමැතිවරයා සහන් කර තිබේ.

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

21 views

6 Comments to “අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමට පත් කලේ මා නොවෙයි.. ජනාධිපති මෛත‍්‍රිපාලයි..- අගමැති බැදුම්කර කොමිසමට සාක්‍ෂි දීලා.. ජනාධිපති අමාරුවේ..”

  1. Sunil says:

    වෙන්ඩ ඇති! වෙන්ඩ ඇති!! ඒකනෙ එතුමා ඩිව් ගුණසේකර
    වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්ඩ ඉස්සෙල්ල පාර්ලිමේන්තුව
    විසුරුවා හැරල තව සැරයක් මහ බැංකුව කොල්ල කන්ඩ මහේන්දරන්ට අවස්ථාව හදල දුන්නෙ.

  2. බන්ඩා says:

    සහතික අැත්ත. හොරෙක් මහ බැංකු අධිපති ලෙස පත් කිරීමට සිරිසේනත් 50% ක වගකීම බාර ගත යුතුය්. නමුත් අර්ජුන්ව
    අධිපති තනතුරට රෙකමදාරු කල ‘රනිල්’ හොරැන්ගෙ කැප්ටන් බව අපි අමතක නොකල යුතුය්

  3. ජනතාව says:

    සිරියා හොර පොලිස්කාරයාගේ චරිතය නියමෙට රග දක්වනවා.
    මොකද්ද නාටකය?
    ගම් වැසියෝ හොරෙක්ව අල්ලලා ගස් බැදලා ගුටි බැට දෙන්න හදනවා.
    හොර පොලිස්කාරයා ඇත්ත පොලිස් කාරයෙක් වගේ ඇවිල්ල කියනවා “ඔයාල පැත්තකට වෙන්න. හොරාව මට බාර දෙන්න මම දඩුවම් කරන්නම්” කියලා. ඊට පස්සේ මිනිස්සුන්ට පේන්න හොරාට දෙකක් ඇනලා ජීප් එකට දාගෙන හයියෙන් පියාබනවා. හොරාව ඈතට අරගෙන ගිහිල්ලා පස්සේ හිමීට අත හරිනවා. මෝඩ මිනිස්සු රැවටෙනවා.

    ඔන්න ඕකයි සිරිය දෙන ගේම.
    විධායක බලය අතේ තියාගෙන තොත්ත බබෙක් වගේ බයිලා ගසමින් මිනිස්සු අන්දනවා.

  4. රාහුල මල්ලී says:

    අගමැති කිව්වා.. මං පත් කලා.. හැබැයි අර්ඡුන් මහේන්ද්‍රන් හොරකම් කලා.. ඒකට වග කියන්න ඕන ඡනපතිවත් අගමැතිවත් නොව මහින්ද රාඡපක්ෂ බව කොමිසම පෙන්වා දී ඇතැයි අගමැති පවසයි….

    • පෙරේරා says:

      මහින්දයා තමයි මහබැංකු හොරකමට වගකියන්න ඕනෙ. එයාගෙ කාලෙම ඕක කඩල සල්ලි ඉවරකරල තිබුන නම් මේගොල්ලන්ට කඩන්න වෙන්නෙ නෑනෙ.

    • Sorry Buwa says:

      An excellent comment.👍

Main News