අර්ජුන් මහේන්ද්‍රන් රට ගියේ මට කියලා.. එයා ගියේ වෙඩින් එකකට.. – අගමැති පාර්ලිමේන්තුවේදී..

October 28, 2016 at 1:20 pm | lanka C news
අර්ජුන් මහේන්ද්‍රන් රට ගියේ මට කියලා.. එයා ගියේ වෙඩින් එකකට.. – අගමැති පාර්ලිමේන්තුවේදී..

අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා ඊයේ දිනයේ හදිසියේ විදෙස්ගත වූයේ තමනට කලින් දන්වා බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඔහු මේ බව සදහන් කලේ මතබේදාත්මක බැදුම්කර නිකුතුව සම්බන්දයෙන් වූ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා විසින් අසනු ලැබූ ප‍්‍රශ්ණයකට පිලිතුරු ලෙසයි.

අර්ජුන් මහේන්ද්‍රන්ට මගුල් ගෙදරක යන්නට ඇතැයි තමනට දැන්වූයේ දැනට සතියකට කලින් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ එහිදී කියා සිටියේය.

අද ඉදිරිපත් කරන ලද කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනේ පසුගිය සදුදායි.

17 views

11 Comments to “අර්ජුන් මහේන්ද්‍රන් රට ගියේ මට කියලා.. එයා ගියේ වෙඩින් එකකට.. – අගමැති පාර්ලිමේන්තුවේදී..”

  1. Jude says:

    rata yanna deyak nehe miniha game giya.minihage rata meka neme singapore

    • සුමංගල says:

      හොරුන්ට උදවු දෙන උන් ඊටත් වඩා හොරු නේද අගමැතියෝ ?
      දැන් උඹේ කලින් ප්‍රතිරූපය ඉවරයි මචෝ
      දැන් ඉතින් උඹත් හොරෙක් කියල තමා ජනතාවගේ පිළිගනිම
      ලජ්ජම නැති වැඩේ තමයි බොට චන්දෙ දුන්නු පොන්සි ෆේස් බූක් සෙට් එකට බෝ කිසිම දෙයක් ගැලවිල්ලට කියන්න ඉතුරු කරලා නැති එක .උන් දැන් යන එන මන් නැතිව ලැජ්ජාවේ ඉන්නේ හැංගිලා .

      දැන් ඔය බඩෙන් පහලට බහින බෝගේ කලිසම ඇඳගෙන වැදගත් කෙනෙක් කියල තාමත් පෙනි හිටින්න ඕනනම් කරන්න තියෙන්නේ එකම දෙයයි ඉල්ලා අස්වෙයන්

    • Champa says:

      කමක් නැහැ මගුල් ගෙදරින් මහා පරිමාන විලම්බීත කොමිසමට, අල්ලස් කොමිසමට, FCID එකට සහ හිරගෙදරට.

      එක චෝදනාවයි, ආයතන තුනයි, සාක්කි සටහන් කිරීම් තුනයි, නඩු තුනයි. මේක නිකම් අහලා පුරුදුයි පුරුදුයි වගේද අගමැතිතුමා?

      හැබැයි හිර ගෙදරට යන්න ඉස්සෙල්ල, FCID එක මිනිහට පොඩි chance එකක් දෙන්න ඕනේ. වැරැද්ද අගමැතිතුමාගේ කියල කිව්වොත් සහ මේක කරන්න උපදෙස් දුන්නේ අගමැතිතුමා කියල කිව්වොත් හිරේ යන්නේ නැතුව ගෙදර යන්න පුළුවන් කියලා. මේකත් නිකම් අහලා පුරුදුයි වගේ නේද අගමැතිතුමා?

      හැබැයි ඉතින් අර්ජුන් මහේන්ද්‍රන් මොළ කාරයා. වැඩේ වැරදීගෙන එනකොටම වේලාසනම කිව්වා තමන් බිලියන ගානක් හොරකම් කලේ අගමැතිතුමාගේ උපදෙස් අනුව කියලා. හොයලා බලනකොට අගමැතිතුමා බිලියන් ගණන් රාජ්‍ය ධනය නීති විරෝධීව තමන්ගේ මැතිවරණ කටයුතු වලට යොදවලා. හැබැයි ඉතින් මේ බිලියන ගාන හොඳටම මදි සිල් රෙද්දක්, කැලැන්ඩරයක්, දිනපොතක්, කොඩි ගහක්, වාහනයක්, පාවෙන ආයුධයක් වගේ දෙයක් ගන්න. ඒ නිසා අගමැතිතුමාට නඩු වැටුනේ නැහැ තවම.

      FCID එක තියෙන්නේ මහ ජඹුර ලිඳක් ඇතුලේ නිසා රටේ සිද්ධ වෙන දේවල් දන්නේ නැහැ. ඒකෙ ඉන්නේ රූකඩයෝ නිසා වැඩ කරන්නේ උඩින් නූල අදින විදියට. මේ නූල තමයි ලංකාවේ දිගම නූල. කොච්චර දිගද කිවොත් අරලිය ගස් වලත් පැටලෙනවා. FCID එකේ වැඩ ගැන කියන කොට කතාවක් මතක් වුනා. අර Lesotho කියල තියෙන රටේ මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා දවසක් මම Reader’s Digest එකේ කියැව්වා.

      ඔන්න දවසක් Lesotho රටේ රජතුමාට හිතුනලු පාරේ ගස් වවන්න ඕනේ කියලා. ඉතින් එහෙ City Council එකේ ලොක්කට කතා කරලා කිව්වලු එක රැයින් මුළු පාරේම ගස් වවන්න කියලා. රජ්ජුරුවෝ පාන්දර 4ට නැගිට්ටහම පාරේ ගස් තියෙන්න ඕනේ කිව්වලු. ඉතින් City Council එකේ ලොක්ක ඔක්කොම කම්කරුවෝ එකතු කරලා කණ්ඩායම් තුනකට බෙදලා වෙන වෙනම කැඳවලා එක කණ්ඩායමකට වලවල් කපන්න කිව්වලු. අනිත් කණ්ඩායමට ඒ වලවල් වල ගස් හිටුවන්න කිව්වලු. අන්තිම කණ්ඩායමට වලවල් වහන්න කිව්වලු. දීල තියෙන පැය තුන ඇතුලත වැඩේ නොකර තමන්ගේ රාජකාරිය පැහැර හැරියොත් රස්සාවෙන් අස් කරනවා කිව්වලු. මේක හරි දුප්පත් රටක්. රස්සාවක් නැති වෙනවා කියන්නේ ජීවිතේ නැති වුනා වගේ.

      ඉතින් ඔන්න 6 ඉඳන් 9 වෙනකොට වලවල් කපන මිනිස්සු ඔක්කොම වලවල් කපලා ඉවර කලාලු. ඊළඟට 9 ඉඳන් 12ට ගස් හිටවන මිනිස්සු, ගස් අරන් එනකොට හෝ ගාලා වහිනවලු. දැන් කොහොමද ගස් හිටුවන්නේ කියල වාද කරලම පැය තුන ඉවර වෙලා ගස් හිටුවන්නෙ නැතුව යන්න ගියාලු. අන්තිම 12 ඉඳන් 3 කණ්ඩායම නිකම් අපේ FCID එකේ මහත්තුරු වගේලු, පස් tractors අරන් ආවලු. බාර දීපු රාජකාරිය වලවල් වහන්න නිසා, වලවල් ටික වහගෙන වහගෙන ගියාලු. රජ්ජුරුවෝ පාන්දර හතරට වීදි සංචාරය කරනකොට පාර තිබුන විදියමලු. එක ගහක්වත් නැහැලු. ආපහු ගිහිල්ල දඬුවම් කලාලු. ඒ රටේ රජ්ජුරුවෝ කැකිල්ලේ රජ කෙනෙක් ගැන අහලා නැති නිසා ගස් හිටවපු නැති කම්කරුවන්ට දඬුවම් නොදී City Council එකේ ලොක්කව අයින් කලාලු.

      බැඳුම්කර නඩුව ගැන කතා කරන කොට මට සැකයක් තියෙනවා ජනාධිපතිතුමාගේ තීරණය ගැන. ඒ මොකොද එතුමා ජනකතා ගැන හොඳට අහලා තියෙන නිසා කැකිල්ලේ තීන්දුවක් අරන් අර Lesotho රජ්ජුරුවෝ කරපු එකේ අනිත් පැත්ත කරයි කියලා. ඒ කියන්නේ මහ බැංකුවේ අධිපති සහ තව සමහර නිලධාරීන්ට දඬුවම් දීලා, මහා බැංකු බැඳුම්කර මගඩියේ මහා මොළකාරයා රනිල්ව ඉවත් නොකරයි කියල.

      හැබැයි ඉතින් දැන් එතුමා ගිය නුවණ නැවත අද්දවාගෙන තියෙන නිසා, අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා නියෝගයක් (වචනේ එතුමාට බර වැඩිද මන්දා) නිකුත් කරලා ලිපියක් යවන්න තියෙන සම්භාවිතාව වැඩියි.

      අනිත් එක ඉතින් පාද යාත්‍රා, වීදි සටන්, දෙගොඩ තලා යන මහා ජන රැලි මුකුත් නැතුව එක අත්සනකින් මුළු ලංකාවම දිනා ගන්න අතිගරු ජනාධිපතිතුමාට මේ ලැබෙන වටිනා අවස්ථාව නැති කරගන්න තරම් එතුමා මෝඩයි කියලා මම නම් හිතන්නේ නැහැ.

  2. Desapremiya says:

    Horu denna katha wela wada karanne bawa threnawa one gonekuta.

  3. lolla says:

    සමලිංගික මගුල් ගෙදරකද ?

  4. saradieal says:

    ඒක අහනකොට ඇඟේ හිරිගඩු පිපෙනවා. දැන් Mr.Clean කියං ඉන්න එවුන්ගෙ ඇතුළෙ ඉන්න යක්ෂයා හඳුන ගන්න.

  5. කරුම රටේ පුරවැස්සා says:

    බලේට එන්න මරාට හොරා ලේබල් අලවපු එකාම, අවුරුදු දෙකක් ඇතුලත අැත්ත හොරා තමුන් බවම සාක්‍ෂි සහිතවම ඔප්පු වීම මොනතරම් පුදුමයක්ද? දිට්ට ධම්ම වේදණීය කර්මයට හොඳම උදාහරණයක් තමා මේ.

  6. gajaba says:

    හොරු ආශ්‍රය කරන්නේ හොරුන්ම තමා. ඒ නිසා හොරා රට ගියා හොර ගුලේ නායකයට කියලා

  7. fashala says:

    මිස්ටර් බීන් හු හු හු හු

  8. Arjun.M.Wikramainha says:

    ඇත්තම කියනවනම් අර්ජුන් මාම ගමේ ගියා.මොන මගුලකට ගියාද කියන්න අපි නම් දන්නෙ නැහැ.ඒක දන්නෙත් මිස්ටර් ඩර්ටි ක්ලීන්ම තමයි.කෝප් කමිටුුවෙ අලි සෙට් එකට ඉහලින්ම උපදෙස් ලැබුන මගුලෙ ගිය අර්ජුන්ට සුදු හුණුු ගාන්න​.ඒක ප්‍රසිද්ධ රහසක්.ඒ සෙට් එක සුදු හුණුු ගාන කොට පාත්වෙච්ච කලිසමට යටින් තිබුන පශ්චාත් භාගෙ රටටම පෙනුන ඒත් උන් ඒක දැක්කෙ නැහැ දිගටම හුණුු ගෑව​,තාමත් ගානව​.පශ්චාත් භාගෙ තාමත් එළියෙ.හොර අල්ලන්න පත් කරපු නීතිය නමන හොරා පොළිස් සෙට් එක අන්ද මන්ද වෙලා බලන් ඉන්නව​.උන්ට දැන් හොරු අල්ලන්න වෙන්නෙ ශතයක් උඩ දාල මූණ පොල්ල ගේම් එකෙන්.පොල්ල වැටුනත් උන්ගෙමයි,මූණ වැටුනත් උන්ගෙමයි.හංදියේ ආප්ප කඩේ ගාව වෙනදට දෙපයින් හිටං පත්තරේ බලන ලොක්ක මේ දවස්වල නිකමටවත් ඒ පැත්තෙ යන්නෙ නැහැ.පත්තරේ බලනවට වඩා හොඳයි මූණ මැද්දෙ තියන නහය හපා ගන්නව කියල ලොක්කටම හිතෙනව ඇති.මිලියනයට බිංදු කීයද බිලියනයට බිංදු කීයද කියල බලපුවම මහ බැංකුවෙ තිබිච්ච බිංදුයි මාම බෑනට දීපුු බිංදුයි දෙකම සමානයි.ඒ කියන්නෙ දැන්නම් මහ බැංකුවෙ බිංදු එකක්වත් නෑ කියල තමයි. රජ සබේ මහ පුටුවෙ ඉන්නෙත් දේශබන්ධු කෙනෙක් උනාට රටේ නම් බැංකු බිංදු කියල උන්නැහෙටත් නොතේරෙනව ඇති.කෝප් එකේ වාර්තාව බෙලෙක් කෝප්පෙකින් වහන්න බැහැ කියල දෙකේ පන්තියෙ එකෙකුට උනත් තේරෙනව​.ඒත් ඉතින් තුනේ පන්තියෙ වැඩ කරන උන්ට මෙව්ව නොතේරෙන්නෙ රටේ කරුමෙටම නේද බොලව්.!!!

  9. sarath says:

    Mona Magulakatatha ratin penne munadenna beriwa misak

Main News