අර්ජුන් මහේන්ද්‍රන් කුදලං එන්න සියළු ලිපි කටයුතු අවසන්..
December 26, 2019 at 6:29 am | lanka C news
උදර්පන නීතිය යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන ඒම සඳහා වත්මන් රජය අවශ්‍ය සියලූ කටයුතු කරගෙන යනබව ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පොල්හේන්ගොඩ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය ලබාදුන් තොරතුරු දැන් සිංගප්පූරුව පරිශීලනය කරමින් සිටින බවද ඒ අනුව ඔවුන් අර්ජුන මහේන්ද්‍රන් මෙරටට භාරදීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබෙන බවද ඇමැති පේ‍්‍රමජයන්ත කියා සිටියේය.
අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ සියලූ තොරතුරු සිංගප්පූරු රජයට ලබාදී ඇති බවද ඇමැතිවරයා කියා සිටියේය.
බැඳුම්කර වංචාව හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නව රජය අලූතින් විමර්ශන ආරම්භ කරන බවට බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා පසුගිය ජනාධිපතිවරණයට පෙර සිදුකර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නව රජය අලූතින් විමර්ශන පටන් ගත් බවද සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවෙන් අර්ජුන මහේන්ද්‍රන් මෙරටට එවීම සම්බන්ධයෙන් ප්‍රතිචාරය ලැබුණු විට බැඳුම්කරය සම්බන්ධ ප්රශ්නය සම්පූර්ණයෙන් විසඳෙන බවත්ය.
අර්ජුන මහෙන්ද්‍රන් මෙරටට එවීමට සිංගප්පූරුව තීන්දුවක් ගතහොත් අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන ඒමට හැකි වන බවත් එසේම මෙම වංචා චෝදනා එල්ල වී ඇති මහ මොළකරුවන් සම්බන්ධයෙන් ද කි‍්‍රයා කළ යුතුව ඇති බවත් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා මහතා කියා සිටියේය.
අර්ජුන මහේන්ද්‍රන් මෙරටට එවීමට සිංගප්පූරුව තීන්දුවක් නොගත්තත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ තිබෙන ප්‍රතිපාදන අනුව විත්තිකරු නොමැතිව නඩුව විභාග කළ හැකි බවද රාජ්‍ය ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා තවදුරටත් කීවේය.
– divaina
දැන් එතකොට මේකා සිංගප්පූරුවෙනුත් පැනලා ගිහින් කියලා සී නෙව්ස් එකේම තිබ්බ නිවුස් එක බොරුවක්ද? මූ තාම සින්ගප්පූරුවෙමද ඉන්නේ? මොන මගුලටද බොරු කියන්නේ?
සිංගප්පුරු වැසියකු වන අර්ජුන් මහේන්ද්‍රන් දැන් කොහේ හිටියත් සිංගප්පුරුවෙන් ශ්‍රී ලංකාවට භාරදෙන එකඟතාවය වැදගත්. නිකම් හාවෝ අල්ලනවා වගේ එකේක රටවල පුරවැසියෝ අල්ලන්න බැරිබව තේරුම්ගන්න බැරිකම ගැන කණගාටුයි.
ඇත්ත. අපි මුව ඇල්ලුවට පස්සේ සතුටුවෙමු.
බොරැකතා වලින් වැඩක් නැහැ රාජිතය අල්ලගන්න බැරිවුනානමි කන්දප්පා අල්ලගන්න බැරිවුනානමි අර්ජුණ අල්ලනවා කියන්නේ කොහොමද?
Ay mathaka nadda KP wa kudalan awa.
when MS was in power, he also mentioned all the documents send to Singapore and at any movement they will hand over him to Sri Lanka. My concern was if change the government and new government need to submit new document again & again. All are baila thamai
HARAKEK UNATA UNBAA KIYANNA EPA,
There is no extradition treaty between Singapore and Srilanka., so its very unlikely this will happen, previous Govt. intentionally let loose the main culprit.
මේ නාට්‍ය සියල්ල පිටුපස සිටින God Father දක්ෂිණාංෂික බලවේගයක් වන International Democrat Unionහි නියෝජිතයා වන මහබැංකු හොරා,ඔහු බටහිරට ලංකාවේ de facto අග්‍රාණ්ඩුකාරයා.
කයිවාරැ කාරයෝ මහබැංකු හොරාගේ මයිලකටවත් අත තැබීමට අසමත්ව ගෙදර මුව හමට තඩිබානවා පමණි.මා පසුපස පන්නන වෙලේ මහබැංකු හොරැන්ව අල්ලන්න කියා පැය කීපයක් යනවිට පාඨලි චම්පික බල්ලෙක් වගේ ඇදගෙන ගොස් කූඩුවකට වැටෙනවා රටම දැක්කා.මහබැංකු හොරාව ගෙන්වන උසාවියක් නැත.ඔහු පසුපස ඇති අඳුරැ ජාත්‍යන්තර බලවේග වල රැදුරැ බවට කවුරැත් බයය.
International Democrat Unionහි නියෝජිතයෙක්ට අත තබන්නට ගොස් වරිගෙ නහගන්නට මේ කවුරැත් ඉදිරියට එන්නේ නැත….එය තමන්ගේ ද්විත්ව පුරවැසිභාවයන්,විදෙස් බැංකු ගිනුම්,බටහිර ජීවත් වන ගෑණි දරැවෝ මේ හැමදේම අනතුරට ඇද දමා එතනින් නොනැවතී තම තමන්ගේ ජීවිත වලින් පවා වන්දි ගෙවන්නට සිදු විය හැකි ගොන් කමක් බව මේ කාඩ් බෝඩ් වීරයෝ මනාව දනිති.
මහබැංකු හොරාට Arrest Warrent දෙන්න යෑම බළලාගේ කරේ සීනුවක් එල්ලන්න (Belling the Cat) මීයෝ ටික කල යෝජනාව සිහි ගන්වයි.
ඇත්තටම කියනවනං ඒ කාලේ මැලේසියාවේ හැංගිලා හිටපු කොටි නායකයා KP මෙරටට කුදලන් එන්න කලින් ඔහු ගැනත් ඔයවගේම කතා කිව්වා. නමුත් ඔහුව ඇත්තටම කුදලාගෙන ආවා. මොහුත් ඒ වගේම කුදලන් ඒවිද කියලා මදක් ඉවසලා බලන් ඉඳිමු.
කුදලන් ඇවිත් මොකද කලේ? දැන් නඩු අහල හිරේද?
ARJUNA MAHEDRAN BEDUMKARA VEDESIYA KERUVE, VARADA THIYENNE VIDI POLYAK MAHEDRANGE BENATA LEBENA VIDIHATA ME HORAKAMA “FATHER IN LAW VS SON IN LAW ” ATHARA SISU VEEMAYI,
This is another FABRICATION by cnews