අර්ජුන් මහේන්ද‍්‍රන් යාළුවා එක්ක එන්න.. සිංගප්පූරුවේ සිටින අගමැති රනිල්ට කියයි..

March 2, 2018 at 6:24 am | lanka C news
අර්ජුන් මහේන්ද‍්‍රන් යාළුවා එක්ක එන්න.. සිංගප්පූරුවේ සිටින අගමැති රනිල්ට කියයි..

නීතිය හා සාමය ඇමති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොලීසියට නව ‘අවම බලය’ යෙදවීමක් හඳුන්වා දී ඇති බවත් ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය රජරට ගොවි ජනතාවගේ ඔළු පළමින්, ක්ලාන්තය දමන තෙක් පන්න පන්නා පහර දෙමින්, වෙඩි තබා බිම වට්ටමින් කටයුතු කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ ද සඳහන් කළේය.

“රාජාංගණය වැව පානීය ජල ව්‍යාපෘතියක් ඇරඹීමේ මුවාවෙන් විකුණා දැමීමට එරෙහිව තඹුත්තේගම ප්‍රදේශයේ දී ගොවි ජනතාව විසින් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වන අන්දමත් ඊට ඉතා ම්ලේච්ඡ ආකාරයට පහර දෙන අන්දමත් අපට දැකගත හැකි වුණා. තමන් සතු ඒ ජල සම්පත නොරටුන්ට විකුණා දැමීමට එරෙහිව පෙළගැසුණු රජරට වීරෝදාර ගොවි ජනතාවට ජාතික නිදහස් පෙරමුණ ලෙස අපි අපගේ ප්‍රණාමය පුදකර සිටිනවා.

‘පොලිසිය සමග මැරයන්’

වැව කියන්නේ අපේ ඓතිහාසික උරුමයන්ගේ සංකේතයක්. 2500 වසරක තම අතීත උරුමයන් රැක ගැනීමට පෙරට ආ දෑහිතකාමී ජනතාවටයි මේ යමපාලන ආණ්ඩුව පොලීසිය යොදවා ම්ලේච්ඡ ආකාරයට පහර දුන්නේ. අප සතුව තිබෙන මේ ඡායාරූපවලින් පෙනෙන්නේ පොලීසිය පමණක් නොව, හෙල්මට් පැලඳ ගත් පොලු, මුගුරු අතින් ගත් මැර පිරිසක් ද නිරායුධ ගොවි පුතුන්ට, අම්මලාට, තාත්තලාට ඉතාමත් නින්දිත ආකාරයෙන් පහර දෙන ආකාරයයි. (ඡායාරූප මාධ්‍යයට පෙන්වමින්) ඒ නිසා අපි යමපාලන ආණ්ඩුව විසින් පොලීසිය හා මැරයන් යොදවා සිදු කළ මේ ම්ලේච්ඡ ප්‍රහාරය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා.

‘රනිල් වැඩ අරඹපු හැටි’

නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වැඩ ආරම්භ කළේ රජරට ගොවි ජනතාවට ක්ලාන්තය දානකම් පහර දීලා. ඔවුන්ගේ ඔළු පළලා. දැන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පොලිසියට නව ‘අවම බලයක්’ හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව තමයි ඒ ‘අවම බලය’ පාවිච්චි කළේ. ඔළු පළන එක, ක්ලාන්තය දමන තෙක් පහර දීම, මැරයන් යොදා පන්නපන්නා පහර දීම, වෙඩි තබා බිම වැට්ටවීම යන ඒවා තමයි දැන් අවම බලය යෙදවීම ලෙස හැඳින්වෙන්නේ. ඒ තමයි බටලන්ද තියරිය අනුව අවම බලය. ඒ අනුව මේ ආණ්ඩුව ඊයේ රටටත් ජනතාවටත් ඔප්පු කර පෙන්නුවා ‘දැනගනිල්ලා අපට තියෙන එකම උත්තරය මර්දනය පමණයි’ කියලා.

‘අනුර දිසානායක පෝය නිවාඩු අරන්’

මේ යමපාලනය බලයට ආවේ රතුපස්වල ජනතාවගේ පානීය ජලය අපවිත්‍ර වීමේ ගැටලුවක් සමග පැන නැඟුණු කදුළු විකුණලා. එහෙම බලයට ඇවිල්ලා රජරට ගොවි ජනතාව තම ජල සම්පත නොරටුන්ට විකුණන්න හදනවාට විරුද්ධව අද පාරට බැහැපුවාම ඔවුන්ට ක්ලාන්තය දමන තෙක් පහර දෙනවා, ඔළු පළනවා, පන්නපන්නා පහර දෙනවා, වෙඩි තබා බිම වට්ටනවා. ඒ විතරක් නෙවෙයි මේ වනවිට 50කට අධික පිරිසක් හිරේ දමා තිබෙනවා. රතුපස්වල ප්‍රශ්නය කරේ තියා ගෙන ඇවිත් මේ යමපාලනයට පාර කපපු ජවිපෙ අද මොකද කරන්නේ? තඹුත්තේගම කියන්නේ ජවිපෙ නායක අනුර දිසානායකගේ ගම. යමපාලනය ගමට ඇවිත් තම ඥාති හිතමිත්‍රාදීන්ට පහර දීලා තියෙද්දිත් අනුර දිසානායක ‘මීක්’ නැහැ. මම හිතන්නේ අද පෝය නිවාඩු අරන් වගේ. අද ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඩීල් විපක්ෂය, මේ යමපාලන ආණ්ඩුවේ ජනතා මර්දනයට නිහඬව ඉඳිමින් සහයෝගය දෙනවා. එෆ්සීඅයිඩිය ලවා තම දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීමට යමපාලනයට ඉඩ හදලා දෙමින්, ජනතා මර්දනයට නිහඬව සහාය දෙමින් යන තත්ත්වයට අද ජවිපෙ භූමිකාව පහත වැටී තිබෙනවා.

‘ගැමි ජන ජීවිතයේ පදනම’

වැව කියන්නේ අපේ රටේ ඓතිහාසික සංස්කෘතියේ, ගැමි ජන ජිවිතයේ හා ගැමි ආර්ථිකයේ පදනමයි. ඒ අනුව මේ යමපාලන ආණ්ඩුව අත තබා ඇත්තේ මේ රටේ සංස්කෘතියට, ගැමි ජන ජීවිතයට හා ගැමි ආර්ථිකයේ පදනමටයි. එනිසා ජනතාව ඊට එරෙහිව නැගී සිටීම ඉතා ස්වාභාවිකයි. පසුගිය කන්න කිහිපය ඉතා අමාරුවෙන් වගා කරපු ගොවි ජනතාවගේ වතුර ටික විකුණා දමන්න හදන කොට ඔවුන් මෙසේ නැගී සිටීම ඉතාමත් සාධාරණයි. වැව අයිති ඒ අවට ජනතාවට හා සතා සිවුපාවුන්ට. පුළුල් අර්ථයෙන් ගත්තොත් වැව කියන්නේ ජාතිය සතු අමිල සම්පතක්. වැව විසින් තමයි ඒ අවට පරිසර පද්ධතිය ආරක්ෂා කරන්නේ. එවැනි ජාතිය සතු උතුම් සංකේතයක් තමයි මේ විදිහට නොරටුන්ට විකුණා දමන්න හැදුවේ.

‘ බැලට් එකට බුලට් එකෙන්’

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මේ රටේ දෑහිතකාමී ජනතාව බැලට් එකෙන් මේ යමපාලන ආණ්ඩුවට හොඳ උත්තරයක් දුන්නා. ඒ ජනතාවට තමයි මේ ජනබලයක් නැති යමපාලන ආණ්ඩුව බුලට් එකෙන් උත්තර දුන්නේ. නමුත් අපි ආණ්ඩුවට කියනවා, ‘මේ විදිහට අපේ රටේ සංස්කෘතියට, ගැමි ජන පදනමට, ආර්ථිකයට අත තියන්න ආවොත් ජනතා ප්‍රතිචාර මීට වඩා දරුණු වෙයි’ කියා. මේ පැනනැගෙන ජනතා අරගලයට අපි සැබෑ විපක්ෂය ලෙස නායකත්වය දීමට සූදානම් බවත් කියන්න කැමතියි.

‘සිංගප්පූරුවට ගියාට මදි. අර්ජුන් මහේන්ද්‍රන්වත් එක්කන් එන්න’

මේ වන විට අගමැති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවට නිල සංචාරයකට යන බව වාර්තා වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා, ‘එදා පාර්ලිමේන්තුවේ දී අර්ජුන් මහේන්ද්‍රන් ගැන විශ්වාසය පළ කරපු අගමැතිවරයා ශ්‍රී ලංකා පොලීසියට කට්ටි පනිමින් සිටින අර්ජුන් මහේන්ද්‍රන් සමඟ ලංකාවට ඇවිත් බැඳුම්කර හොරකම ගැන ඉදිරි පරීක්ෂණවලට අවශ්‍ය සහයෝගය ලබා දේවි’ කියලා.”

මෙම මාධ්‍ය හමුවට කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී සමන්ත නෙළුම්දෙණිය මහතා ද එක්ව සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

4 views

7 Comments to “අර්ජුන් මහේන්ද‍්‍රන් යාළුවා එක්ක එන්න.. සිංගප්පූරුවේ සිටින අගමැති රනිල්ට කියයි..”

  1. Gon_Chathura says:

    එක්කං එයි මේං කියල. බලාගෙන ඉන්න. ඊට වඩා ඉක්මනට හරකගෙ අර මොකක්ද එක වැටෙයි.

  2. බලයා says:

    හරිහරි මුසා ඔයාල කෙලින්ම වෙඩි නෙ තිබ්බෙ මැරෙන්නම අපි මරන්නෙ නැහැනෙ ඔයාගෙ මිනීමරැ ගෝඨා වගේ

    • Dr Saman Liyanage says:

      රටක ස්වභාවික සම්පත් අතුරින් වටිනාම සම්පත වන පානිය ජලය විදේශික රටකට තම හුදු පටු අරමුණ වන කොමිස් ලබාගැනීමේ චේතනාවෙන් UNPයට තුට්ටු දෙකට විකුණා දැමීමට ඇති අයිතිය කුමක්ද ?

      රටක ස්වභාවික සම්පත් එම රටේ පුරවැසියාගේ පරම අයිතිය වේ .

      මෙය ප්‍රදේශයේ ජනතාව සඳහා පානිය ජල යෝජනා ක්‍රමයක් නොව චීන සමාගමක් විසින් වැවේ අක්කර අඩි 10ක් මිලදී ගෙන (99බදු) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පානිය ජලය සකසා බෝතල් කොට විකිණීමේ වියපෘතියකි . ප්‍රාදේශීය ලේකම් වරයා විසින් දේශපාලන උවමනා කරුවන් ගේ උපදෙස් පිට සිය අබිමත බලය මගින් තමන්ට විදේශීය සමාගමෙන් ලැබුන අයතා ලාබ වරප්‍රසාද මත වැවේ කොටසක් විකුණා දැමීමට ප්‍රදේශයේ රජයේ මිනුම් දෝරු හරහා මැනීම් කිරීමට යාමේදී ප්‍රදේශයේ ගොවින් ඊට එරහි වීම කාලෝචිත ඉතා නුවණැති ක්‍රියා වකි .

    • Kelawalla says:

      තොගේ අම්මගෙන් අහපන් , ගෝට කොටි මරල යුද්දේ දින්නේ නැත්තම් තොට මොකද වෙන්න තිබ්බේ කියල
      අපරාදේ තෝ මරුන්නැත්තේ – වල කොටිය

    • Amda says:

      You didn’t officially kill.. But unofficially you did. You’ve beaten them, broken their bones and destroyed the farmers pride… That’s worse than killing at once.
      By the way… What did you do in Hambantota? Didn’t you kill?
      Anyway you kill 20m people everyday…
      Shame on you (if you know what Shame means)… You are the worse retards to rule this country for the past 2500 (known) history.
      Remember… You can’t be in power forever.
      So be prepared to face the consequences of your actions.

  3. indunil says:

    kandulu vikuna balaya ganeema saha balaya gath pasu asata aneema

  4. Kumar says:

    20 Cuscaden Rd Singapore 249726 Cuscaden Rd, Singapore 249726 ?

Main News