අර්ජුන් මහේන්ද‍්‍රන් ලංකාවට බලෙන් උස්සගෙන එන්න බෑ.. එනිසා ඔහු නැතිව නඩු අහනවා..

October 20, 2021 at 3:00 pm | lanka C news
අර්ජුන් මහේන්ද‍්‍රන් ලංකාවට බලෙන් උස්සගෙන එන්න බෑ.. එනිසා ඔහු නැතිව නඩු අහනවා..

මහ බැංකු බැඳුම්කර නඩුවේ ප්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බලෙන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ හැකියාවක් නැතැයි අධිකරණ අලි සබ්රි මහතා සඳහන් කරයි.

නීතිමය වශයෙන් සිංගප්පූරුව සමග නීතිපතිවරයා ඒ සඳහා සාකච්ඡා කරමින් සිටින බව ද ඇමතිවරයා පැවසීය.

නමුත් මෙතෙක් එම සාකච්ඡාවලින් සාධනීය ප්‍රතිඵලයක් තවම ලැබී නැති බවත් එනිසා ප්‍රධාන විත්තිකරු වන අර්ජුන් මහේන්ද්‍ර නැතිව නඩුව විභාගය කරන්න තීරණය කර ඇතැයිද ඔහු පැවසීය.

කෙසේ වෙතත් අර්ජුන් මහේන්ද්‍රන් බලහත්කාරයෙන් උත්සාහ ගෙන ඒමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැති බවද ඔහු පැවසීය.

බැඳුම්කර නඩුවේ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කීය.

12,962 views

12 Comments to “අර්ජුන් මහේන්ද‍්‍රන් ලංකාවට බලෙන් උස්සගෙන එන්න බෑ.. එනිසා ඔහු නැතිව නඩු අහනවා..”

  1. Dharmaprema says:

    Don’t you, Minister Ali Sabry, remember that former PM Ranil Wickremasinghe said that he was responsible for Arjun Mahendran, his non-Sri Lankan (Singaporean) soulmate? If Ranil wants he can bring him. Mahendran said that he did what Ranil asked him to do. Get the government and the people to pressure Ranil to bring Mahendran for facing the courts. Ranil is a lawyer too; he will successfully defend his friend and himself. But you won’t do this because…………………….. (those who know know, danno daniti).

  2. The Funeral Director says:

    මෙි නඩුව කිසිදා නොඅසන බයිලාවක් පමනි. මෙය ඇසුවොත් , බඩවැලේ ගුද විවරයේ සිට මහ බඩවැල, කුඩා බඩවැල , උන්ඩුක පූුචිචය, ග්රහනිය , ආමාශය යන පොයින්ටි වල , අවුරැදු ගානක් ගූ හොරෙන් ගත් බැංකු ලොක්කන්, පපුවට ගහගන්න දේශපෙු්මින් , ටයි පැලදි ලොක්කන් සිය ගනනක් චූදිතයන් වනු ඇත. අර්ජුන මහේන්දුන් ගෙන ඒම වලකන්නේද මෙම රජය විසිනි.

Main News