අර්ජුන ඇමති ධුරයෙන් අස්වෙන්න තීරණය කරයි..

December 19, 2016 at 10:00 am | lanka C news
අර්ජුන ඇමති ධුරයෙන් අස්වෙන්න තීරණය කරයි..

නව වසර ආරම්භයේදීම වරාය හා නාවික කටයුතු ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට ඇමති අර්ජුණ රණතුංග මහතා තීරණය කර ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

වරාය අධිකාරිය සම්බන්ධ විය යුතුව තිබූ හම්බන්තොට වරාය චීනයට පැවරීමේ කටයුතු සදහා තමන් සම්බන්ධ කර නොගැනීමට විරෝධය පල කරමින් ඔහු මෙම තීරණය ගෙන ඇතැයිද පැවසෙයි.

කෙසේ වෙතත් ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර තීරණාත්මක සාකච්චා අගමැති හා ජනපති සමග පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

35 views