අර්ජුන ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට එක් වෙන්නැයි මාලිංගගෙන් ඉල්ලයි..

July 26, 2019 at 5:30 pm | lanka C news
අර්ජුන ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට එක් වෙන්නැයි මාලිංගගෙන් ඉල්ලයි..

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට තමන් හා ලසිත් මාලිංගද එක්වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විශ්වාසය පළ කළයි.

ඒ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් අද සමුගන්නා ලසිත් මාලිංගට සුබ පැතුම් එක්කර විශේෂ ලිපියක් යොමු කරමිනි.

ලසිත් මාලිංග ශ්‍රී ලංකා‍වේ ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය එම ලිපියෙන් අගය කරන අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පවසන්නේ ලසිත් මාලිංග ක්‍රිකට් පිටියේ රමණීයත්වය සහ චමත්කාරය සනිටුහන් කළ විශිෂ්ට ක්‍රීඩකයකු වන බවයි.

“වසර 15ක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකා අභිමානය රැක දුන් ඔබට මම මගේ උපහාරය හදවතින්ම පුද කරමි. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් අද සමුගන්නා ඔබගේ නම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක් වන්නේ ක්‍රිකට් පිටියේ රමණීයත්වය සහ චමත්කාරය සනිටුහන් කළ දක්ෂ ක්‍රීඩකයකු ලෙසම පමණක් නොවේ.

2015 වසරින් පසු මෑත කාලීන ක්‍රිකට් පරිපාලනයෙහි නොයෙකුත් කෙණෙහිලිකම් මැද දක්ෂතා ප්‍රකට කළ ක්‍රීඩකයකු ලෙසින්ද වේ. අද අපේ ජීවිතයේ යම් සතුටක් කීර්තියක් හෝ ප්‍රතිලාභයක් ලබා ඇත්නම් එය අපට හිමි වූයේ ක්‍රිකට් ක්‍රීඩාව නිසාය. අපට දිරිදුන් ක්‍රීඩා ලෝලීන්, අපේ ක්‍රිකට් ගුරුවරුන්ගේ සහ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනාගේම අපේක්ෂාව වන්නේද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණවයි. අපේ රටට ඉමහත් කීර්තියක් ගෙන දුන් එම ක්‍රීඩාව රැක ගැනීමට මම අවංකවම පෙනී සිටිමි. ඒ සටනට ඔබේ සහායද අනාගතයේදී එක් වනු ඇතැයි මම විශ්වාස කරමි. ඔබගේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවායිද මම සුබ පතමි…”යිද එම ලිපියේ දැක්වෙයි.

– තමීර මංජු,

28,159 Viewers

9 Comments to “අර්ජුන ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට එක් වෙන්නැයි මාලිංගගෙන් ඉල්ලයි..”

  1. Aruna says:

    අපිට මතකයි එ දවස්වල මෙයා මාලිව අගය කරපු හැටි .කොන්ඩෙ කපනකන් ටිම් එකට ගන්නැතුව හිටිය කියලා අපිට අහලා තියෙන්නෙ

  2. johnscena says:

    Dear Arjuna, Join with Gota please.. He was one of the key leaders behind wining a war against the worlds most ruthless terrorists. You are one of the key leaders behind the wining of Cricket world cup against the worlds most fearsome cricket teams. If you both got together.. imagine what Sri Lanka can do.. Its the best and the ultimate gift to your mother land.

    • Laksman says:

      AR’s glory has long gone since he become an unscrupulous politician who sits with CB and RW. He does not love anything other than his personnel agenda and Jeevan’s Wife. he is a political liability to any party now.

  3. Buruputha says:

    Deshapalanaya paseka thaba kreedakayeku lesa mulu hadavathin suba patheema gana sathutu vemi.

  4. Aurora says:

    අර්ජුන, ඔබට ක්‍රිකට් ගොඩගන්න යම්කිසි ඕනෑකමක් තියනවනම් වෙන අනම් මනම් අතහැරලා පොහොට්ටුවට එකතුවන්න. කොළඹින් චන්දෙ ඉල්ලන්න. රේස් කාරයව පරාදකරලා ක්‍රිකට් මණ්ඩලේ පත්කරන බහුබූත ව්‍යවස්ථාව විසිකරලා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රිකට් බෝඩ් එකක් පිහිටුවන්න. ඔබ සදහටම ගොඩ. රටේ ක්‍රිකටුත් ගොඩ.

  5. ලැජ්ජාවක් ගැවිලවත් නෑ මේ දේශපාලකයොන්ට. තමුන් සභාපති කාලෙ මාලිගෙ කොන්දෙ අමාරුවක් ආව. ඌ ටීම් එකෙන් විතරක් නෙවෙයි සංචිතේනුත් එලෙව්ව. ඌට වෙදකම් කෙරෙව්වෙ මහින්ද ජනාධිපති තුමා ඩොක්ටර් ඒලියන්ත වයිට් ලවා. එදා තමුන් ඌට කිව්වෙ කරාබුව ගලවල වරෙන් කියල. මතක නැද්ද මාලි මේක ප්‍රසිද්ධියේ කිව්ව. උගෙ නායකත්වය යටතෙ 20-20 කප් එක ගහපු එකවත් අගයන්න බැරි තරම් කුහක වුනා

  6. Dp says:

    මාලිංග ඔහුගේ ගමන ගියදෙන් .අර්ජුන වගේ දේශපාලන අපතයින් බලන් ඉන්න කාගේ හරි පිහිටෙන් උඩට එන්න .

  7. MD says:

    Arjuna please Ane e kollawa oyage waira pirimaha ganna yodaganna epa,hariyata chandrika nona Maitri mahattaya yoda gatta wage

  8. Lakshman says:

    මුන් එක්ක හදන සාදාරන ක්‍රිකට් හරියට UNP එකත් එක්ක හදන රට වගෙයි.

Main News