අර්ජුන ගැන තීරණයක් ගන්න අගමැති සූදානම්.. ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව අර්ජුන කියයි..

December 9, 2016 at 11:20 am | lanka C news
අර්ජුන ගැන තීරණයක් ගන්න අගමැති සූදානම්.. ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව අර්ජුන කියයි..

රජය විසින් සිදු කරමින් සිටින හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යපෘතිය කඩාකප්පල් කරන්නේ නම් ඇමති අර්ජුන රණතුංගට එරෙහිව දැඩි පියවරක් ගන්නා බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත.

අගමැතිවරයා මේ බව සදහන් කර ඇත්තේ වරාය අධිකාරියේ එජාප වෘත්තීය සමිති නායකයින් හමු වූ අවස්ථාවේදීය.

රජය විසින් හම්බන්තොට වරාය විකුණා දැමීමට සූදානම් වන බව කියමින් ඇමති අර්ජුන රණතුංග විසින් වරාය සේවකයන් වර්ජනයන්ට පොළඹවා ඇතැයිද එම වෘත්තීය සමිති නායකයින් පිරිස අගමැතිවරයා දැනවත් කර ඇත.

මේ අතර ඇමති අර්ජුන රණතුංග ප‍්‍රසිද්ධියේම පවසන්නේ වරාය විකුණා දමන්නේ නම් තව දුරටත් ඇමති ධුරය දරන්නට තමන් සූදානම් නැති බවයි.

0 views

3 Comments to “අර්ජුන ගැන තීරණයක් ගන්න අගමැති සූදානම්.. ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව අර්ජුන කියයි..”

  1. Alapaluwa says:

    අරුජුන ගැන නොවේ හොරදෙටුවෝ අර්ජුන් ගැන ගනින් ඉක්මණට තීරණයක්.ඇයි ඒවට තවම කථා නැත්තේ? කොමේ සිරිපලයා මොකද නිකම් නොවුනා සේ ඇස කන් පිහාගෙන ඉන්නේ.උඹලට ඒගැන කැක්කුමක් නැ නේද?.ඇයි සුරසැප ලැබෙනවානේ හතර වරිගෙටම දුප්පත් අපිට තමයි කෙලවලා ඒඅඩුවත් පිහිරිමහා ගන්නේ.නොදකින් මෙහෙමත් නරුම දෙසපලකයෝ ටිකක් මුන් කොහේ යයිද මන්දා මැරුණම අපායටත් එහා යාවි.

  2. Ruwan says:

    Durjana Ranatunga noditi mokpura

  3. Vishva says:

    Namalge ath shakthimath karanna enno. …

Main News