අර්ජුන-දයාසිරි කැබිනෙට්ටුවේදී දැඩිව ගැටෙති.. දයාසිරි ක‍්‍රීඩා ඇමතිකම අර්ජුනට දෙයි..

August 29, 2017 at 10:24 pm | lanka C news
අර්ජුන-දයාසිරි කැබිනෙට්ටුවේදී දැඩිව ගැටෙති.. දයාසිරි ක‍්‍රීඩා ඇමතිකම අර්ජුනට දෙයි..

ඇමති අර්ජුන රණතුංග හා ඇමති දයාසිරි ජයසේකර අතර කැබිනට් මණ්ඩල හමුවේදී ඉතා උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ.

මෙම තත්වය ඇතිව තිබෙන්නේ සුගතදාස ක්‍රීඩා පිටියේ ධාවන යලි සැකසීම සඳහා ටෙන්ඩර් කැඳවීමට ඇමති දයාසිරි ජයසේකර විසින් කැබිනට් අනුමැතිය ඉල්ලා සිටි අවස්ථාවේදීය.

ක‍්‍රිකට් ක‍්‍රීඩායේ සිටින බුකිකාරයෝ ගැන ඇමති අර්ජුන විසින් නිතර කරන ප‍්‍රකාශය ගැන ඇමති දයාසිරි විසින් ප‍්‍රශ්න කරද්දී තත්වය තවත් උණුසුම් වී ඇත.

අවසානයේ දයාසිරි ජයසේකර මහතා දැඩිව ඇමති අර්ජුනට පවසා ඇත්තේ තමන්ගේ ක‍්‍රීඩා අමාත්‍යංශය බාර ගන්නා ලෙසයි. කෙසේ වෙතත් ඇමති අර්ජුන ඊට පිලිතුරැ දී ඇත්තේ දැනට ඇති ඇමති ධුරවලට අමතරව ක‍්‍රීඩා අමාත්‍යංශය දුනහොත් බාර ගැනීමට සූදානම් බවයි.

අවසානයේ ජනාධිපතිවරයා මැදිහත් වී තත්වය ඉතා අසීරුවෙන් පාලනය කර ඇත.

25 views