අර්ජුන දිනුම්… බිලියන බාගයක් ඉල්ලු නඩුවෙන් තිලංග පරාදයි..

August 24, 2017 at 12:43 pm | lanka C news
අර්ජුන දිනුම්… බිලියන බාගයක් ඉල්ලු නඩුවෙන් තිලංග පරාදයි..

තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව නුගේගොඩ දිසා අධිකරණයේ පවරා තිබූ අපහාස නඩුව දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අද නිශ්ප්‍රභා කෙරිණ.

තිලංග සුමතිපාල, අර්ජුන රණතුංගට එරෙහිව මෙම අපහාස නඩුව ගොනු කළේ 2005 වසරේ මාර්තු මස 03 වැනිදාය. ඒ 2003 වසරේ මැයි මස 21 වැනි දින සිය නිවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා අර්ජුන රණතුංග තමන්ට අපහාස කළ බවට චෝදනා නඟමිනි.

තිංලග සුමතිපාල දූෂිත චංචා පුද්ගලයකු බවත්, එවැනි දූෂිත වංචා සහගත පුද්ගලයකු සමඟ මෙරටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට තමන් එක් නොවන බවත්, තිලංග සුමතිපාලට විරුද්ධව වංචා සහගත දූෂණ චෝදනා තිබෙන බවත්, ඒවායින් සමහරක් ඔප්පු වී ඇති බවත්, තව චෝදනා යට ගසා තිබෙන බවත්, තිලංග සුමතිපාලට විධායක බලතල තිබෙන්නේ චීන අවන්හලක බවත්, ටෙලිකොම් සභාපතිකමට තිලංග සුමතිපාල සුදුසු පුද්ගලයකු නොවන බවත් යනාදි අපහාස කියමන් සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් අර්ජුන රණතුංග මහතාගෙන් අය කර දෙන ලෙසට තිලංග සුමතිපාල මහතා ස්වකීය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.

නඩුවේදී අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර සිටියේ තිලංග සුමතිපාල බුකී ව්‍යාපාරයට සම්බන්ධ අයකු බවත් පෝය දිනකදී පවා අධිකරණයෙන් ඇප ලබා ගත් පුද්ගලයකු බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව ඉදිරියේදී සූදු ඔට්ටු ඇල්ලිමේ ව්‍යාපාරයට සම්බන්ධ අයකු ලෙසට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පරීක්ෂණ මෙහෙයවා ඇති බවත්, එබැනින් එබඳු දූෂිත පුද්ගලයකුට ඇමතිවරයා විසින් ප්‍රකාශ කළා යන ප්‍රකාශවලින් අපහාසයක් සිදු නොවී ඇතිය කරුණ වේ.

එම කරුණු සලකා බැලූ උගත් දිසා අධිකරණ විනිසුරුතුමා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එම ඉවත ලා තිබේ.

– තමීර මංජු

147 views

8 Comments to “අර්ජුන දිනුම්… බිලියන බාගයක් ඉල්ලු නඩුවෙන් තිලංග පරාදයි..”

  1. sama says:

    Meaning Arjuna proved everything he said about Sumathipala. President & the minister should know what that means . Now either Sumathipala should resign or Sirisena & the clan should ask him to go!!

  2. NARAYANA says:

    Only KEPPAYA can depend on Gambler HORA, But, DITTA DHAMMAWEDENIYA KAMMA are on the way

  3. sarath says:

    In defamation actions truth is a defence. As far as I can see Arjuna had proved that the Plaintiff is not entitled to dagames as the statement of Arjuna is true.

  4. David Milli-Banda says:

    Oya salli tika eka match fixing ekakin hoya ganna puluwan.
    Oka gaana tois malli…………………. mehemada bookie karayo hamba karanne…ewa wala binduth mathaka nehe ne.

  5. Saradiel says:

    තිලංග ලංකාවේ සූදු ව්‍යාපාරයේ කප්පිත්තෙකු බවත් ක්‍රීඩා භාණ්ඩ ගෙන්වන බවත් මාධ්‍ය ආයතනයක අයිතිකරුවෙකු බවත් නොදන්නේ ඊයේ ඉපැදුනු ළදරුවෙක් පමණි.

  6. love nature says:

    එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී තිලංග සුමතිපාලගේ මව වන, සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනී මිලීනෝනා හෙවත් මිලීනා සුමතිපාල මහත්මියගේ උපන්දිනයට වෙනුවෙන් පුංචි බොරැල්ල අසල කැම්බල් ටෙරස් මාර්ගය ”ආචාර්ය්‍ය මිලිනා සුමතිපාල” නමින් නම් කිරිමට කටයුතු සුදානම් කරමින් ඇති බවට අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පවසයි.

    එම මාර්ගය නම් කිරිම සිදුකිරිමට සැරසෙන්නේ ජනපති තුමන්ගේ උපදෙස් මත බවද ආරධනා පත්‍රයේ පැහැදිලිවම පෙන්නා දී ඇති අතර එම සංවිධානය විසින් වැඩිදුරටත් චෝදනා කරන්නේ සුමති ව්‍යාපාරය විසින් ‘රේස් බුකී’ පවත්වාගෙන යමින් බෞද්ධ කම පෙන්වා තම කලු සල්ලි සුදු කරන බවයි.

  7. Jay says:

    This bookie bloke is totally unfit to hold this position and also deputy speakers position. After losing election how come a person with some sort of shame accept the National MP.

    Mung kamba horu, i could recall many of his unethical behaviors.

  8. sira says:

    Sumathipalaya lankawe Cricket Kawa. Thawa kanna deyak na. Siyaluma Creeda Lolin Siyalu Match Varjanaya Karanna. Minissu Nathuwa Match Wadak Na….

Main News