අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව සාක්‍ෂි ලැබේ.. බැදුම්කර කොමිසම හමුවේ සහකාර අධිකාරී සාක්‍ෂි දෙයි…

March 3, 2017 at 12:13 am | lanka C news
අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව සාක්‍ෂි ලැබේ.. බැදුම්කර කොමිසම හමුවේ සහකාර අධිකාරී සාක්‍ෂි දෙයි…

2015 පෙබරවාරි මස 27 වන දා මතභේදාත්මක බැඳුම්කර නිකුතුවේදී එවක මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ගනුදෙනු කාලසීමාවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පැමිණි බව ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ විය.

ඒ, එවක රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සහකාර අධිකාරී ලෙස සේවය කළ එම්.ඉසෙඩ්.එම්. අසීම් මහතාගේ සාක්ෂියෙනි.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විමර්ශනය කරන ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසම අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී සාක්ෂි විමසුවේය.

එහිදී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධිකාරී එම්.ඉසෙඩ්.එම්. අසීම් මහතාගෙන් සාක්ෂි විමසුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතායි.

ප්‍රශ්නගත ගනුදෙනුව සිදුවූ 2015 පෙබරවාරි 27 වන දා එවක මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පෙරවරු 10.45 යි 45 ට පමණ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරීවරියගේ කාර්යාලයට පැමිණි බව අසීම් මහතා සඳහන් කළේය.

ගනුදෙනු සිදුවන කාලසීමාවේ එම ස්ථානයට ඇතුළුවීම සීමා වන බව ත් තම සේවා කාලය තුළ කිසිඳු අධිපතිවරයෙකු එසේ පැමිණෙනු දැක නැති බවත් ඔහු කියා සිටියේය.

ආරක්ෂක නිලධාරීන් සමග රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පැමිණි අධිපතිවරයා එහි අධිකාරිවරියගෙන් බැඳුම්කර වෙන්දේසියේ ඒ අවස්ථාව වනවිට තත්ත්වය විමසා තිබේ.

එම්.ඉසෙඩ්.එම්. අසීම් මහතා පැවසුවේ, පෙරවරු 8.30 ට ආරම්භ කළ වෙන්දේසිය පෙරවරු 11 ට අවසන්වීමට නියමිතව වුව ද මහේන්ද්‍රන් මහතා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සිටියදී වෙන්දේසිය අවසන්වීමට විනාඩි කිහිපයකට පෙර ඉදිරි කාර්යාලයේ ප්‍රධානියා එම ස්ථානයට පැමිණි බව ය.

ප්‍රාථමික ගැනුම්කරුවෙකු වෙන්දේසි කාලය දීර්ඝ කිරීමට ඉල්ලීමක් ඇති ඔහු රාජ්‍ය ණය අධිකාරීවරියට කළ දැනුම්දීම අනුව පෙරවරු 11 යි 5 දක්වා වෙන්දේසිය දීර්ඝ කිරීමට අනුමැතිය ලැබී තිබේ.

මේ අතර වෙන්දේසි කාලය දීර්ඝ කිරීමට විනාඩි කිහිපයකට පෙර ලංකා බැංකුව බිලියන 13.58 ක ලංසුවක් ඉදිරිපත් කර ඇති අතර එය පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් ඉදිරිපත් කර ඇතැය පසුව අනාවරණවූ බව සාක්ෂිවිමසීමේදී හෙළිවිය.

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධිකාරී එම්.ඉසෙඩ්.එම් අසීම් මහතා සඳහන් කළේ, වෙන්දේසිය පෙරවරු 11 යි 5 ට අවසන් වීමෙන් පසුව අර්ජුන මහේන්ද්‍රන් මහතා අධිකාරීවරියගේ කාර්යාලයෙන් පිටව ගිය බව ය.

-newsfirst.lk

14 views

7 Comments to “අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව සාක්‍ෂි ලැබේ.. බැදුම්කර කොමිසම හමුවේ සහකාර අධිකාරී සාක්‍ෂි දෙයි…”

  1. suji says:

    කෝ අර පෙරේරා කියන කුක්කා

  2. Perera says:

    අර්ජුන මහේන්ද්‍රන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කාර්යාලයට ඒ වෙලාවේ ගියේ, කොහොමද බෑණාට වැඩි ගානක් තියල වැඩේ කරලා දෙන්න පුලුවන්ද කියල බලන්න මිසක් වෙනදේකට නෙමෙයි. ඒකට අපේ සුදුහුම්පිය රනිල් උතුමාණෝ ජීසස් ආශීර්වාදයෙන් උපදෙස් දීල තිබුන. mara හොරකන් නොකෙරුවත් ඉල්ලන් කන්නේ අපේ සුදුහුම්පිය රනිල් උතුමානන්ගේ වැඩ 62 ලක්ෂයක් හරක් විස්වාස කරපු නිසා. වැඩ පෙන්නන ගිහින් ඉල්ලන් කනවට වඩා. වැඩ කරන බව කියල ලනුවක් දීල ගාන හොයා ගත්තම වරදක් තියන වද හරකුනේ.

  3. manoch says:

    මේ සම්බන්දයෙන් ස්වාදීන පරීක්ශනයක් යන එක ගැන ඇත්තටම සතුටුයි. අපරාද කාරයොන්ට නිසි දඩුවම් ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා. ඒවගේම කලින් යටගහපු හෙජින් ගනුදෙනු, ග්‍රීක බොන්ඩ් ගනුදෙනු, මිග් ගනුදෙනු ගැනත් ඉක්මනට පරීක්ශන පවත්වලා රටට වෙච්ච අලාබය වගකිව යුත්තන්ගෙන් අය කර ගත යුතුයි.

    • daham says:

      meka nam digatama oppu welaane thiyenne. ko oya kiyana anik eva ekakwath kochchara wali kewath oppu karanna mokuth saakkiyak hoyaa ganna bariwane dangalanne. boruwa oppo karanna baha aththa eliwena eka walakwannath baha. therunaada

  4. kolitha says:

    මචං ඌ දෙමුහුන් කුක්කෙක් , සිංහලෙන් ලිව්වාට ඌ සිංහල නෙමේ , ජීසස් ගැන කතා කලට ඌ ක්‍රිස්තියානි කාරයෙක් නෙමේ , පොනිල තාත්තා කියල කිව්වට උගේ අම්ම පොනිලගේ ගෙදෙර ගිහිල්ලත් නැහැ පොනිල උන්ගේ ගෙදර ඇවිල්ලත් නැහැ ..උගෙ ප්‍රශ්නේ මහින්දලා විතරයි . දේශපාලනය නෙමේ …

    • asaranaya says:

      අර්ජුන දුර්ජනයා ජම්පරය අඳින දිනය ඇතක නොවේ,පෙරෙරාත් මලපෙරෙත ජීසස්ව සුදුහුනු ගාපු රනිලයට ජම්පරය අන්ඳනවලු, දැනට ඉන්නේ හෙලුවෙන්

  5. Ruwan says:

    When will Arjuna Mahendran and Arjun Alosius be arrested and their stolen assets are recovered from Perpetual Treasuries .Hurry up Mr President,hurry up

Main News