අර්ජුන රණතුංග 96දී ක‍්‍රිකට්වලින්, 2016දී නත්තල් ගසෙන් දෙවරක්ම ලංකාව ලෝක ශූරයින් කලා..

December 25, 2016 at 3:00 pm | lanka C news
අර්ජුන රණතුංග 96දී ක‍්‍රිකට්වලින්, 2016දී නත්තල් ගසෙන් දෙවරක්ම ලංකාව ලෝක ශූරයින් කලා..

ලොව විශාලතම කෘත්‍රිම නත්තල ගසේ නව ගිනස් වාර්තාව පිහිටුවීමට ඒ. ආර්. සමාජ සත්කාරය ගත් උත්සාහය සාර්ථක වේ.

නත්තල උදාවත් සමඟ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් එම නත්තල් ගස ගාලු මුවදොර පිටියේදී විවෘත කෙරුණේ ඊයේ (24) මධ්‍යම රාත්‍රියේදීයි. සාමයේ සම්ප්‍රාප්තිය නමින් හැඳින්වෙන එහි නිර්මාතෘ වන්නේ මහින්ද නානායක්කාර මහතායි. ඒ. ආර්. සමාජ සත්කාරය වෙනුවෙන් මංගල පී. ගුණසේකර මහතා විසින් නත්තල් ගසේ නිර්මාණ මෙහෙයුම දියත් කෙරිණ.

මීට පෙර ලොව විශාලතම කෘත්‍රිම නත්තල් ගසේ උස වූයේ අඩි 182යි දශම 4කි. 2015 වර්ෂයේ දෙසැම්බර් 25 වැනිදා චීනයේ ගුවැන්ෂුහිදී එම නත්තල් ගස නිර්මාණය කළේ GZ ThinkBig Culture Communication Co. Ltd ආයතනයයි. එයින් වසරකට පසුව එම වාර්තාව අභිබවා යමින් ගාලුමුවදොර පිටියේදී නිර්මාණය කළ සාමයේ සම්ප්‍රාප්තිය නත්තල් ගසේ උස අඩි 238කි. නත්තල් ගස නිර්මාණය කිරීම සඳහා විදුලි බුබුළු ලක්ෂ පහක්ද ෆයිනස් ගෙඩි ලක්ෂ දහයකට අඩික ප්‍රමාණයක්ද භාවිතයට ගැනිණ. ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මිය නත්තල්ගසේ නිරීක්ෂණ කටයුතු සිදු කළාය. විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ ශ්‍රී ලංකා නාමය ලොවට ගෙන යාමට මෙම අසිරිමත් නිර්මාණය පිටිවහලක් වී ඇති බවයි. නත්තල් ගස නිර්මාණය කිරීමට රාජ්‍ය මුදල් කිසිම විටක වියදම් නොකළ බවද අමාත්‍ය අර්ජුන රණතුංග මෙහිදී සහතික කළේය.

“ජාතීන් අතර, ආගම් අතර අසමගිය පසුගිය කාලේ අපි දුටු දෙයක් . අපිව කඩලා, බෙදලා, කොන්කරලා මේ රට වෙනස්ම මාර්ගයක ගෙනියන්න පසුගිය කාලේදී උත්සාහ කළා. නමුත් අද ඒ සියල්ල වෙනස් වෙලා. ජාතික සංහිඳියාවත්, ආගමික සංහිඳියාවත් සමඟ ශ්‍රී ලාංකිකයින් විදියට මේ රටේ ජීවත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ නත්තල් ගස නිර්මාණය කරද්දී අපිට විශේෂ දායකත්වය ලබා දුන්නේ බෞද්ධ සහ මුස්ලිම් ජනතාව. එයම තමයි මේ රටේ අප සියලුදෙනාම ඉගෙන ගත යුතු දේ. වරායේ වෙසක් කලාපය නිර්මාණය කරද්දි අපිට සහාය දුන්නේ මුස්ලිම් සහ කතෝලික ජනතාව. මේ විදියට අපි ජාතික සමඟිය සහ ආගම් සමඟිය සහිතව ඉදිරියට ගියොත් අපේ රට වාසනාවන්ත රටක් බවට පත්වෙනවා. අපි දුටුවා විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා මේ නත්තල් ගස විවේචනය කළා. ඒ අය තමයි ඒ කාලේ ජාතීන් අතර, ආගම් අතර අසමඟිය ඇති කරන්න කටයුතු කළේ. නමුත් අපිට අද ලෝකයට සාමයේ පණිවිඩය ලබා දීමට හැකි වී තිබෙනවා….” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසුවේ,

“ඕනෑම දෙයක් සිදු කරන්න ගියාම අවහිරතා, බාධක හමුවෙනවා. මේ ගිනස් වාර්තාවට යන නත්තල් ගසත් ඉදිවෙන්න කලින් පිරිසක් මේකට ගල් ගැහුවා. මේ නත්තල් ගස විනාශ කරන්න, වලක්වන්න විවිධ බලවේග ක්‍රියාත්මක වුණා. අද සවස 7ට මේ නත්තල් ගස විවෘත කරන්න අවස්ථාව තිබුණා. මේ දක්වා එය කරන්නට නොහැකි වුණේ ඒ තිබුණ බාධක නිසා. නමුත් අවසානයේ අපි ජයගත්තා. එදා 96දී ලෝක ක්‍රිකට් කුසලානය ලංකාවට ගෙන ආ අර්ජුන රණතුංග මැතිතුමා අද දෙවැනි වතාවටත් මේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ගෙන දෙන්නට නායකත්වය දුන්නා. මම විශ්වාසයෙන් කියනවා මේ නත්තල් ගස අපේ රටේ කිතුණු බැතිමතුන්ට කරන විශාල ගෞරවයක්. බෞද්ධයින් ජීවත්වන අපේ රටේ වෙසක්, පොසොන්, ඇසල උත්සව වෙනුවෙන් කොළඹ නගරය වටාම තොරණ් ඉදි කරනවා. ඒ වගේම හැම නගරයකම, හැම ගමකම. නමුත් මෙවැනි නත්තල් ගස් එසේ නිර්මාණය වෙන්නේ නැහැ. අද අපි පටන් ගත්තේ ඒ සංස්කෘතිය….” යනුවෙනි.

– තමීර මංජු

6 views

4 Comments to “අර්ජුන රණතුංග 96දී ක‍්‍රිකට්වලින්, 2016දී නත්තල් ගසෙන් දෙවරක්ම ලංකාව ලෝක ශූරයින් කලා..”

  1. ආප්ප වාටියා says:

    ළඟදිම හම්බ වෙනව තුන්වෙනි ගිනස් වාර්තාවත්.ලෝකයේ ලොකුම මී හරක් දෙන්නා ලංකාවෙන්.

  2. harshana says:

    මේක ජාත්‍යන්තර විද්‍යා දිනය එනකම් තියාගත්තොත් අනාගත යහපාලන රජයේ චන්ද්‍රිකා වැඩසටහනට අදාළ රොකට් සැලසුම කියල පෙන්නන්න පුළුවන් කරන්න තියෙන්නේ කඩදාසි වලින් මේ අටලුව අලවලා උඩ හරියට වෙන්න ජාතික ධජය සවිකරන්න විතරයි ජාතික ධජය සවිකරන එක සහජීවනයට බාදාවක් කියල ජනාපති සහ අගමැති තීරණය කරනවානම් එක පැත්තක ජාතික ධජය අනික් පැත්තේ ඊලාම් ජාතික ධජය සවිකරන්න පුළුවන් .ඉටපස්සේ යහපාලනයට චන්දය දුන්නු සියයට 62 වූ “බොස් ටව්රුස් ” ලාට එක ඉදිරියට ගිහිල්ල ජාතික ධජ සහ ඊලාම් ධජ වනලා සහජිවනෙට ජාතික ගිය සහ ඊලාම් ජාතික ගිය කියල පොඩි සිඟිති ආතල් එකක් දාන්න පුළුවන්

  3. KGB says:

    Nodakin, Nodomakin, Appiriyawe baruwa

  4. සිසිර says:

    මුතුහෙට්ටිගම …. මාර වටිනා කෙනෙක්. එයා කිව්වනම් පිලිගන්න වෙනවා. හරක් විජේසූරිය ගෙ ගැන්සියෙ උගතෙක්නේ

Main News