අර්තාපල් තොග මිල 260යි.. පොහොර නැතිව අස්වැන්න අඩුයි…

August 25, 2021 at 8:02 am | lanka C news
අර්තාපල් තොග මිල 260යි.. පොහොර නැතිව අස්වැන්න අඩුයි…

නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය (24) දින තොග වෙලදාම සදහා විවෘත කල බවත්, ඇතැම් එලවළු තොග ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබිමේ විශාල අඩුවක් පවතින බව නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට කැරට් තොග විශාල ප්‍රමාණයක් ලැබුණු බවත්, කැරට් රු 80-90 අතර මිලට අලෙවි වු බවත්, ආර්ථික මධ්‍යස්ථානයට ලික්ස් තොග ලැබිමේ විශාල අඩුවක් පැවති බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට අර්තාපල් තොග ලැබිමේ අඩුවක් පැවති නිසා නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ (24) දින අර්තාපල් රු  240-260 කට අලෙවි වු බවයි ආර්ථික මධ්‍යස්ථාන ලේකම්වරයා කියා සිටියේ.

රසායනික පොහොර ආනයනය නතර කිරිම හමුවේ නුවරඑලිය එලවළු ගොවින්ගේ අස්වැන්නේ විශාල අඩුවක් පවතින නිසා  මෙසේ එලවළු තොග ලැබිමේ අඩුවක් පවතින බවත්,එවන් තත්ත්වයක් මත නුවරඑලිය අර්තාපල් මිල ඉහල ගොස් ඇති බවද අරුණ ශාන්ත මහතා පැවසිය.

නුවරඑලිය ප්‍රදේශයේ අර්තාපල් වගා කරන ගොවින්ගෙන් අප කල විමසුමකට එම ගොවින් කියා සිටියේ මේ දිනවල අර්තාපල් අස්වැන්න නෙලිම සිදු කරන බවත්, එම අස්වැන්න 1/3 වශයෙන් ලැබිම නිසා වෙලදපොලේ ඉල්ලුමට සරිලන අර්තාපල් තොග ලබාදිමට නොහැකි තත්ත්වයක් උදා වි ඇති බවයි.

රසායනික පොහොර භාවිතය තහනම් කිරිම නිසා ඵලදාව අඩුවි ඇති බවත්, රසායනික පොහොර භාවිතයේදි අස්වැන්න 1/10 වශයෙන් ලබාගත් බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

17,541 views

10 Comments to “අර්තාපල් තොග මිල 260යි.. පොහොර නැතිව අස්වැන්න අඩුයි…”

  1. ගෝවා කාපල්ලා... says:

    අල වගේද ගෝවා ?

  2. බන්ඩා says:

    ආණ්ඩුව පොහොර වැඩේ අනාගන බව අපි දිගටම කිව්වා. 🥲

  3. බන්ඩා says:

    ආණ්ඩුව පොහොර වැඩේට හරි හමන් නියමුවෙ ක්නැතිව අනාගන බව අපි දිගටම කිව්වා. 🥲

  4. Erandika says:

    Janathawata duk dena in sepa windina rajapaksawarunta hena wedewaa

  5. කොරෝනාවට බලුපණු පෙති ගහමු says:

    කෝ මේ කාබනික කාබනික කිය කියා මතුරපු හෙළ කක්කා පුත්තු..පක්ෂලගේ පක්ෂ පැත්ත ලෙවකනවා ඇති තාම.

    • පන්ති පහට අහුවුණු නැති එකා says:

      ඔයා මල්ලි ගන්වන්න මොහොතටකට කලින් වල්නාශක ගහන අල කන්න .අපි මේවා කන්නම්.

  6. යහපාල says:

    අස්වැන්න අඩු උනාට ගොවියන්ගේ ලාබේ ඉහල ගිහින් තියෙනවා. ගොවියන්ට ඔනේ ඉහල මිල මිනිස්සුන්ට ඔනේ අඩු මිල, මිනිස්සුන්ට දැන් පුලුවන් වස නැති අල වැඩි මිලට කන්න කන්න බැරි අයට නොකා ඉන්න පුලුවන් සිම්පල්

  7. Shyagra vashi says:

    Arthapal aswenna adu unata oba 69 lakshse kenek nam adambara wenna.👏👏👏👍👍👍🧐🧐🧐

Main News