අර්ථික අර්බුදයේ ගිලේ.. රජයේ සේවක වැටුප් ගෙවන්න මුදල් නෑ.. බිලියන 10ක ණයක් TRC වෙතින් ඉල්ලයි..
September 13, 2019 at 12:00 pm | lanka C news
අද වන විට රජයේ සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට නොහැකි තරමේ ආර්ථික අර්බුදයකට රට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යංශය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අද මෙරට සිටින මුදල් ඇමතිවරයාට ගිණුම්කරණ ගැන කිසිදු දැණුමක් නැති බවත් ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එක දී කිසිදු උත්තරයක් නොදෙන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.