අර්ධ රාජ්‍ය ආයතන වලට රජයෙන් කුඩම්මාගේ සැලකිලි..
January 21, 2019 at 8:02 am | lanka C news
සමස්ත ලංකා පාරිභෝගික අධිකාරි විමර්ශන නිලධාරීන් ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
අර්ධ රාජ්‍ය ආයතන වලට රජයෙන් කුඩම්මාගේ සැලකිලි ද?
2018.07.24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයට අනුව ආයතන සංග්‍රහයේ XIV වැනි පරිච්ඡේදයේ 4:4:3 හා 4:5 උප වගන්ති සංශෝධනය කර 2018.08.23 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ට සංයුක්ත දිමනාව සංශෝධනය කර ගෙවීමට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 20/2018 නිකුත් කරන ලදි.
එමගින් රාජ්‍ය සේවකයන්ට එතෙක් ලැබූ යැපුම් දීමනාව දෙගුණ වන ලදි.යැපුම් දීමනාව වැඩි කර ඇත්තේ රටේ පවතින ජිවන වියදම වැඩි වී ඇති බැවින් බව සියලුම දෙනා දන්නා කරුණකි. පැය 6කට වඩා කාර්යාලීය ස්ථානයෙන් බැහැරව කිලෝ මීටර් 15 ක දුරස්ථව කරනු ලබන රාජකාරී සදහා මෙම ගෙවීම් කරනු ලබයි.කෑම බිම හා අදාල යැපුම් සදහා එය අදාල වෙ.
එහෙත් අවාසනාවකට මෙම දිමනාව අර්ධ රාජ්‍ය ආයතන වලට ගෙවීමට මෙතෙක් මුදල් අමාත්‍යාංශය මගින් විධිමත් චක්‍රලේඛයක් නිකුත් කර නොමැත.එමගින් අර්ධ රාජ්‍ය , සංස්ථා, ව්යාවස්තාපිත මණ්ඩල වල සේවකයින් වෙත බලවත් අසාධාරණයක් වී ඇත.මන්ද යත් ජිවන වියදම සියලුම දෙනාට එක හා සමානව බැවිනි.
සමස්ත රාජ්‍ය සේවයටම අදාල වන මෙවැනි චක්‍රලේඛයක් මාස 6කට ආසන්න කාලයක් ගතවුවද ,අර්ධ රාජ්‍ය ආයතන වලට මෙතෙක් නිකුත් නොකිරීම ගැන අප සංගමයක් ලෙස ඉතා කනගාටුවෙන් රජයට අවධාරණය කර සිටිමු. මේ සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ ගරු ලේකම් තුමා වෙත ද ලිඛිතව ඉල්ලීමක් කර ඇති අතර රජයේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු.
ලංකා දික්කුඹුර
ලේකම්
සමස්ත ලංකා පාරිභෝගික අධිකාරි විමර්ශන නිලධාරීන් ගේ සංගමය
පඩි වැඩි කිරීම් දීමනා ලබාදීම නෙමෙයි කල යුත්තේ…. හොරට වැඩ කරන බහුතරයක් රජයේ සේවකයන්ගෙන් රාජ්‍ය සේවයට පලදායි සේවාවක් ලබාගැනීමයි… ඒකට විරුද්ධ සමිති සංගම් කාරයෝ එලියට දාන්නත් ඕනි……………..
සංස්ථා සියල්ල ලාබ ලබන හෝ අවම වශයෙන් පාඩු නොලබා දුවන ආයතන විය යුතුය්. රජය වියදම් තලයුත්තේ අධ්‍යාපන සෟක්ය සමාජ සත්කාර පොදු ප්‍රවාහන සමාජසේවා වැනි ආයතන වලට පමනි.