අර්බුදයට චන්ද්‍රිකා විසදුම් දෙකක් දෙයි..

May 8, 2022 at 6:20 am | lanka C news
අර්බුදයට චන්ද්‍රිකා විසදුම් දෙකක් දෙයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

පසුගිය සතියේ එක්තරා සුළුතර කණ්ඩායමක් විසින් ගාලු මුවදොර පිහිටා ඇති බණ්ඩාරනායක පිළිරුව මතට නැග, අපහාසාත්මක ලෙස හැසිරුණු බව මට දැන ගන්නට ලැබිණි.

මීට පෙර ද මා ප්‍රකාශ කළ පරිදි එම ක්‍රියාව මා තරයේ හෙළා දකින අතර, එක් කණ්ඩායමකගේ ඒ අපහාසාත්මක ක්‍රියාදාමය නිසා මුළු රටේම තාරුණ්‍ය විසින් අරඹන ලද, පසුව සියයට අනුවක් පමණ වැඩිහිටියන් ද සම්බන්ධ වූ සාමකාමී සටන, ඒ හේතුව මත කිසිසේත් හෑල්ලුවට ලක් නොවන බවත් අවධාරණය කරමි.

ලක්‍ෂ හැට නවයක ජන වරමකින් බලයට පත් කර ගත් රජයක්, එම හැට නව ලක්‍ෂයේ ජනතාව සමග විපක්‍ෂයට ඡුන්දය ලබා දුන් පනස් හය ලක්‍ෂයද එකතුවී, එම රජයට ඉල්ලා අස්වන ලෙසට අවිහිංසාවාදී ව බලපෑම් කරනු ලබයි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උත්කෘෂ්ට අවස්ථාවකි. මෙම ජනතා බලය යටපත් කිරීම සදහා අරගලකරුවන් බේද භින්න කර, ඔවුන් කූපිත කරවීමේ උත්සාහයන් සිදුවිය හැකි බව මාගේ විශ්වාසයයි. මේ සිදුවීම ද එවැන්නක් විය හැකිය.

මේ මොහොතේ රජයට ඇත්තේ විසදුම් දෙකක් පමණි.

1. ජනාධිපතිවරයා සහ රජය ඉල්ලා අස් වී, අන්තර්කාලීන පාලනයක් හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කර, රටේ සශ්වර පාලනයක් පිහිටුවීමට අවස්ථාව ලබා දීම.
2. ඒ සදහා පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සූදානම් නැතිනම් වහා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ස්ථාවර රජයක් බලයට පත්කර ගැනීම.

ජනතාව මහජන නියෝජිතයන්ට බලය ලබා දෙන්නේ තම අභිමාතාර්ථ ක‍්‍රියාත්මක කරවා ගැනීමටය. එය කෙටි කාලීනව ලබා දෙන බලයක් විනා, ඔවුන්ට සදහට හිමිකර ගත හැකි බලයක් නොවන බව අවබෝධකර ගත යුතුය. ඔවුන්ට ජනතා කැමැත්ත තිබෙන තාක් කල් බලයේ රැදිය සිටිය හැකි අතර ජනතාව ප‍්‍රතික්‍ෂේප කළහොත් වහා බලය අත් හැරීමට සූදානම් විය යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී යාන්ත‍්‍රණය මැනවින් ක‍්‍රියාත්මක වන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක නම් මේ වන විටත් රජය ඉල්ලා අස් වී අවසානය.

එහෙත් අප රටේ පාර්ලිමේන්තුවේ බහුතරයක් පිරිස මහජනතාවගේ සියලු විරෝධතාවලට කන් නොදී, තවදුරටත් බලයේ එල්ලී සිටීමට නින්දා සහගත උත්සාහයක නිරත වේ.

මහා සංඝරත්නය ඇතුළු සියලු ආගමික නායකයන්, සිවිල් සමාජය, පොදු ජනතාව ඉතා දැඩි ලෙස බලපෑම් කරද්දීත් ඊට කන් නොදී මෙලෙස අත්තනෝමතික ලෙස බලයේ එල්ලී සිටීම මම ඉතා දැඩි ලෙස පිළිකුල් කරමි.

එහි උච්චතම අවස්ථාව ඊයේ දින පාර්ලිමේන්තුවේ දී අපි දුටුවෙමු. ඔවුන් ඊයේ පාර්ලිමේන්තුවේ දී ප‍්‍රදර්ශනය කරන ලද්දේ ඔවුන් මහජනතාව වෙනුවෙන් නොව එක් පවුලක් වෙනුවෙන් පෙනී සිටින බවයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද ඒ මට්ටමට පහතට වැටීම පිළිබද මම අතිශයින් කණගාටු වෙමි. වත්මන් පක්‍ෂ නායකත්වය තවදුරටත් ඔප්පු කරමින් සිටින්නේ ඔවුන්ගෙ බලලෝභිත්වයම හැර ජනතා දේශපාලනය නොකරන බවයි.

අවසාන වශයෙන් මම සියලු මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින්නේ අවංකවම මහජනතාව වෙනුවෙන් පෙනී සිටිමින්, ඔවුන්ගේ අභිලාශයන් නියෝජනය කර ගත නොහැකි නම්, මන්ත‍්‍රී ධුරයට සමු දීම වඩාත් නම්බුකාර බවයි.

131,763 views

18 Comments to “අර්බුදයට චන්ද්‍රිකා විසදුම් දෙකක් දෙයි..”

  1. George says:

    දැන් මේ රට ගොඩ ගැනීමට සජිත්ට අනුරට තබා සක්‍රයාගේ පුතා වයිමටවත් බෑ . බැසිල් රුපියල් කොල මුද්‍රණය කලා වගේ ඇමරිකානු ඩොලරය මාසගානක් එක දිගට මුද්‍රණය කලානම් මේ ප්‍රශ්ණය විසදන්ඩ පුලුවන් නමුත් එය කිසිසේත් ප්‍රායෝගිකව කල නොහැක්කක් .නමුත් මේ රට ගොඩ ගැනීමට හැකි එක් පුද්ගලයෙක් සිටිනවා .ඒ විශ්මකර්මය කල හැකි එකම පුද් ගලයා තමා නාමල් රාජපක්ශ .මොකද ඔහුගේ පියාට දැන් සැම දෙයක් අමතකයි .නාමල් පමනයි දන්නේ ඔහුන් සගවා ඇති මුදල් තිබෙන රටවල් .නාමල් එම මුදල් සම්බාරය ලංකාවට ගෙන ආවොත් ඩොලරය රුපියල 100 ට අඩු මට්ටමට එනවා එවිට රටේ ප්‍රශ්ණ සියල්ල විසදිලා රට සුඛිත මුදිත වෙනවා .

    • atta says:

      GOOD, very GOOD.

    • රනිල් says:

      හික් !

    • Pronto says:

      Eththada? Hari shoak yojanawak! Ape vidwathuntawath oka therila nehe ne appa.

    • CHAMINDA - SADA STF says:

      Yako mala Panala kiyewwe.. Passe thayi therune hondayi kiyala… Patta.

    • Kadikari says:

      බලාගෙන ඉන්න… නාමල් සල්ලි ගෙනත් රට හදයි…ඌ හොරා කාපුවා තියෙන්නේ bitcoin වල.. ඒවා ඩොලර් කරලා ලංකාවට ගේන්න උද්ගෝෂණ කරන්න..

  2. Hora Gudda says:

    This is not the time for a fresh Election woman!! OK. have an election and the same old rotten eggs, thieves, crooks, looters, isis / ltte terrorist agents, and uneducated bulls will come back to the :Parliament to start all over again the Rotting of beautiful little Lanka again.

  3. Niru says:

    This bitch didn’t do anything to benefit the country during her 10 year rule. No power plants no roads or any projects worthwhile mentioning

    Many soldiers lives were lost due to stupidity of his uncle who conducted the war

    Number of aircrafts lost on the ground oil tanks burned brought untold misery to the country

    She got her children educated in Uk and every time the woman went up and down to Uk 2 bottles of scotch whiskey emptied
    She couldn’t save her husband even. Now offering solutions

    • Gratiaen. says:

      Oba pawichchi karana lada bhasha vilasaya gena kanagatui.

    • Kapila says:

      My dear, you really don’t know what she has done. Still airforce, army and navy have bombs which were obtained during her era in reasonable prices and extensively used during the final war. Total military strength were doubled and all the military hardware were purchased in very reasonable prices without deals. Mahinda does not have any plan to end the war. But SF wanted to end it. Otherwise still you would have witnessed the bomb blasts every where.
      Construction work on both katunayake and southern highways were started during her time and also with very reasonable prices. And also money allocated. But mahinda restarted both halfway completed projects with 10times higher budget.
      She never distroied our country like mahinda.

      • Kotiya says:

        During her time as the President she was trying to please the LTTE by offering peace deals and Sudu Nelum etc. In the meantime the LTTE terror attacks and destruction include (1) Central Bank killing more than 80, (2) Sri Dalada Maligawa destroyed, (3) Katunayaka Airport & destroyed eight aircraft, (4) Palali Military Base & killed nearly all soldiers, (5) Pooneryn military camp & killed many, (6) Elephant Pass military base killing many soldiers, (7) Galadari Hotel bomb blast killing workers and tourists, (8) Claymore bomb blast on the Parliament road near Rajagiriya, (9) Maradana junction bomb blast, (10) Bomb blast in Train near Dehiwala station & killed many. (11) She recruited underworld criminals to her Presidential Security Division and allowed them to carry out criminal activities. (12) If you want, I can list more.

        • David Milli-banda says:

          Beddegana Sanjeewa is not there to continue from No. 13 onwards………

  4. අනේ නෝනෙ ඔයා ගෙ දෙක පස්සේ තියා ගන්න. කල හරිය හොදට ම ඇති. says:

    අනේ නෝනෙ ඔයා ගෙ දෙක පස්සේ තියා ගන්න. කල හරිය හොදට ම ඇති.

  5. Jagath says:

    Itawada narakada namalge. Yoshithage rohitage abuwan internet eke sale kaloth..hugak ratawala kotipathiyo dollar kotiganakata anaum karai..ratath win apith win

  6. ශ්‍රියාණි මල්ලිකා කුවේට් says:

    ඡන්දය ක් තිබ්බොත් නිදහස් පක්ෂයේ එක්කෙක් ට පාර්ලිේන්තුව ට එන්න බැහැ. ඇපත් නෑ. රිලාසිරි ෆුල් ගේම ක් ගහනවා අන්තර් පාලනයකට යන්න. අනිවාර්යෙන් ඡන්දයක් කරා යා යුතුයි. මිනිස්සු තීරණය කරයි කාවද යවන්නේ කාවාද ගෙදර තියන්නේ කියලා. අන්නඑතකොටයි නිදහස් පක්ෂයේ ආයේ පූට්ටුව ජැක් ගහන්නේ.

  7. RAW Agent says:

    මේ ගෑනු උන්දෑ තමන් ගේ සමස්ත දේශපාලන ඉතිහාසයේදීම පළ කළ එකම වැදගත් අදහස

  8. RITIGALA says:

    1. ජනාධිපතිවරයා සහ රජය ඉල්ලා අස් වී, අන්තර්කාලීන පාලනයක් හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කර, රටේ සශ්වර පාලනයක් පිහිටුවීමට අවස්ථාව ලබා දීම. as unama kawuda aluth janadhipathi? Basil wennath puluwan.
    2. ඒ සදහා පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සූදානම් නැතිනම් වහා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ස්ථාවර රජයක් බලයට පත්කර ගැනීම. ko salli…oya genawada england walin?

Main News