අර්බුදයෙන් පීඩාවට පත් ශ‍්‍රී ලංකාවට ඕස්ටේ‍්‍රලියාවෙන් සහල් තොග…

September 21, 2022 at 7:10 pm | lanka C news
අර්බුදයෙන් පීඩාවට පත් ශ‍්‍රී ලංකාවට  ඕස්ටේ‍්‍රලියාවෙන් සහල් තොග…

ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 22ක් (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15 පමණ) වටිනා ඕස්ටේ‍්‍රලියානු ආහාර පරිත්‍යාගයේ පළමු තොගය ශී‍්‍ර ලංකාවට ලැබී ඇති අතර, එය පවතින ආර්ථික අර්බුදය නිසා වඩාත්ම පීඩාවට පත්වූවන් වෙත ඉක්මනින් බෙදා හැරීමට නියමිතය. සහල් මෙටි‍්‍රක් ටොන් 600ක මෙම සහල් තොගය සහල්, පරිප්පු සහ ආහාර පිසින තෙල් අඩංගු ආහාර තොගයේ කොටසක් වන අතර ආහාර පරිත්‍යාගයේ ඉතිරි කොටස ළ`ගදීම දිවයිනට ල`ගාවීමට නියමිතය.

ඕස්ටේ‍්‍රලියාව සහ ශී‍්‍ර ලංකාව අතර දශක ගණනාවක දිගු මිත‍්‍රත්වයක් පවතින අතර, පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණ දී සිටින ශී‍්‍ර ලංකාවට ලබා දෙන මෙම පරිත්‍යාගය අප දෙරට අතර පවතින හොඳ හිත තවදුරටත් ඉදිරියට ගෙන යයි. මිල වැඩිවීම්, රැකියා අහිමි වීම් සහ ආදායම් අඩුවීමෙන් පීඩා විඳින ජනතාවගේ දිවි රැක ගැනීම සඳහා ආහාර ලබා දීම සඳහා අපි ලෝක ආහාර වැඩපිළිවෙලට සහාය ලබා දෙන්නෙමු” යැයි ශී‍්‍ර ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා පැවසීය.

ලෝක ආහාර වැඩපිළිවෙලහි හදිසි ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් පළමුවෙන්ම දායකත්වය ලබා දුන්නේ ඕස්ටේ‍්‍රලියාව වන අතර, එමගින් පවතින අර්බුදයෙන් දැඩිලෙස පීඩාවට පත්ව සිටින්නන්ට බොහෝ ආධාර ලබා දීමට අපට හැකිවිය” යනුවෙන් පැවසූ ලෝක ආහාර වැඩපිළිවෙලහි ශී‍්‍ර ලංකා නියෝජිත සහ ශී‍්‍ර ලංකා අධ්‍යක්‍ෂ අබ්දුර් රහීම් සිද්දිකී මහතා, ඕස්ටේ‍්‍රලියාවේ මෙම නොමසුරු පරිත්‍යාගය හරහා අපි ගැබිණි සහ මව්කිරි ලබාදෙන මව්වරුන් සහ පාසල් ළමුන් ඇතු`ඵ වඩාත් අවදානමට ලක්වී සිටින අය සඳහා මුදල් සහ ආහාර ද්‍රව්‍ය ආධාර ලබා දෙන්නෙමු” යැයි තවදුරටත් පැවසීය.

ශී‍්‍ර ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ආහාර අනාරක්‍ෂිතතාවය ඉහළ මට්ටමකට පත්ව ඇති අතර, ලෝක ආහාර වැඩපිළිවෙල මගින් මෑතකදී සිදුකළ සමීක්‍ෂණයන් පෙන්වා දෙන්නේ හදිසි ආධාර නොලැබුනහොත් ඉදිරි මාස වලදී මෙම තත්වය තවදුරටත් ඉහළ යා හැකි බවය. ජූනි මාසයේදී ලෝක ආහාර වැඩපිළිවෙල මගින් දියත් කරන ලද හදිසි ආධාර ලබාදීමේ ප‍්‍රතිචාරය යටතේ, දැඩි ලෙස අවදානමට ලක්ව සිටින මිලියන 3.4 ජනතාවට උපකාර කිරීමට අරමුණු කර ඇත.

Media

27,044 views

11 Comments to “අර්බුදයෙන් පීඩාවට පත් ශ‍්‍රී ලංකාවට ඕස්ටේ‍්‍රලියාවෙන් සහල් තොග…”

  1. Dp says:

    ඉස්සෙල්ලම ඕක අර ගොන් මොළයක් තියෙන අමරවීර කියන බුතයාගෙන් අනුමත කරගන්න..(කොමිස් කුට්ටිය දෙන්න) නැත්නම් ඕකා කියයි 135% වහ තියෙන්නේ කියලා.

  2. sira says:

    පාර්ලිමේන්තුවේ ගබඩාවටයි, උන්ගේ ගෙවල් වලටයි, උන්ගේ හෙන්චයියන්ගේ ගෙවල් වලටයි බෙදපුවහම කන්න නැති උන්ට දෙන්න ඉතුරු වෙන්න එවපල්ලා.

  3. සම්පත් says:

    ඔය දෙන්නේ අපිට තියෙන ආදරේට නෙවෙයි, අපේ උන් ඔහේට පනින එක වළක්වන්නයි. උන්ට අපිට සල්ලි දීලා මේකේ තියාගන්න එක ලාභයි, එහේට ගන්නවට වඩා. පහුගිය මාස ටිකේ සෑහෙන්න කට්ටිය ඕස්ත්‍රේලියාවට පනින්න ගත්තා, ගොඩක් උන් අහු වුනා. අහු උන උන් ගැන විතරනේ මාධ්‍යය පෙන්වන්නේ, ඒක නිසා අහුවෙන්න නැතුව පැනපු උනුත් ඇති. අපිට ඔච්චර ආදරේ නම් ලංකාවේ සුළු ව්‍යාපරිකයන්ට ප්‍රාග්ධනය දෙන්න, අධ්‍යාපනය දෙන්න බිස්නස් එක දියුණු කරගන්න. ඕස්ත්‍රේලියාවේ රැකියා අවස්ථාවන්ට ලංකාවේ මිනිස්සුන්ට ඉඩ දෙන්න, අධ්‍යාපනය සදහා ශිෂ්‍යත්ව ලබා දෙන්න. ඒ හොදටම ඇති. මේ හිගන බඩු වලින් වැඩක් නෑ, මේක කාල ඉවර උන ගමන්, ආයි ආදාර ඕනේ. ඕක හැමදාම කරන්න බෑ. මිනිස්සුන්ට ඕනේ දිගට සල්ලි ලැබෙන ක්‍රමයක්, ඒ කියන්නේ ආදයම් මාර්ගයක්, නැතුව ආදාර නෙවෙයි. අපි හිගන ජාතියක් නෙවෙයි ආදාර මත යැපෙන. හැමදාම ආදාර ලැබෙන ආප්‍රිකාව හැමදාම දුප්පත් මොකද ආදාර ප්‍රශ්ණ විසදන්නේ නෑ, ආදාර කියන්නේ වණයක් උඩ පැලැස්තර අලවනවා වගේ වැඩක්. ඒක හොදයි හදිසි තත්වයක් ඇති උනාම, සුනාමි, ගංවතුර වගේ තාවකාලික ලෙස ප්‍රශ්ණය ඉවර වෙනකම්, නමුත් ලංකාවේ ප්‍රශ්ණය තාවකාලික දෙයක් නෙවෙයි අවුරුදු ගාණනාවක දුර්වල පාලනයක් නිසා ඇති වෙච්ච දෙයක්. උඩ කියපු විදියට මිනිස්සුන්ව ආර්ථික, අධ්‍යාපනය පැත්තෙන් ශක්තිමත් කරාම, ඒ මිනිස්සු රට හදයි. එහෙම තමයි බටහිර රටවල් හැදුනේ. මේ දේශපාළකයෝ ගොඩේ, මේ රටේ පටු ආකල්ප තුල රට හැදෙන්නේ නෑ. මේ රට හැදෙන්න නම් මිනිස්සු හැදෙන්න ඕනේ, මිනිස්සු හැදුනම දේශපාළණය හැදෙයි, ඊට පස්සේ රට හැදෙයි. බටහිර රටවල කරලා තියෙන පර්යේෂණ වලට අනුව සුභසාදන (Welfare) මත ජීවත වෙන මිනිස්සු දියුනු වීමේ ප්‍රවනතාව අඩුයි. ඒ මිනිස්සු හැමදාම දුප්පත් කමේ ඉන්නේ. අනික මුන් අපිට ආදාර දීලා, පිටිවලින් ඒ සල්ලි ආයි ඒ රටටම ඇදලා ගන්නවා. වැඩක් නෑ. Youtube එකේ මේ ගැන Video එකක් ඇති. Wealth Inequality: How Rich get Richer and Poor Poorer, ඒක බලන්න. දුප්පත් රටවල ඉදලා පෝසත් රටවලට (විශේෂයෙන්ම බටහිරට) ඩොලර් ට්‍රිලියන 2ක් හැම අවුරුද්දේම යනවා, පෝසත් රටවල ඉදලා දුප්පත් රටවලට ලැබෙන්නේ ඩොලර් බිලියන 130යි. ඒකෙන්ම හිතාගන්න අපි මෙච්චර දුප්පත් වෙලා තියෙන හේතුව. මේකට මේ රටේ දේශපාළකයෝත් වගකියන්න ඕනේ.

    • lalindra says:

      අපේ රටේ උන්ට PHD දෙක ගානේ දුන්නත් මොලේ පැදෙන්නේ රට ජාතිය ආගම කියලා පපුවට ගහගන පොලව ඉබපුවාම ඕන හොරෙක් පස්සේ යනවා . 69 ලක්ශේ ඉන්නේ මෝඩයෝ විතරක් නෙමේ හොද උගත්තු පොර ටෝක් දිදී රැවටුනේ

  4. පව් බං මිනිස්සු....!!! says:

    ANEE DENA DEYAK AHINSAKA MINISSUNTAMA DENNA ,NATHNAM KALAKANNI DESHAPALUWO EWAA HORAKAM KARAYI , UNGE PAWUL WALATA DEYI, UNGE EWUNTA WITHARAK DEYI……HAMA DAAMA UN KALEE OKAYI ,PAAHARAYO

  5. ගොන් බයියා says:

    පර සුද්දන්ගෙ හාල් අපිට එපා. අපි 2500 ඉතිහාසයක් තියෙන විශිශ්ට ජාතියක්, ඔස්ට්‍රෙලියාවෙ ඉතිහාසය වසර 250ක්වත් නෑ.

  6. Sri Lankan says:

    It is better to accept what is given without unnecessary comments and distribute among who really needs help.

  7. GulSiri Lal Nanda says:

    Ours on Economic crisis is half of that is man made creation one of that by big countries and culprits of rich elements well jointely act by and lrage of an island well do ofthat few handful of richers in our land.

  8. GulSiri Lal Nanda says:

    Ours on Economic crisis is half of that which is man made creation one of that by big countries and culprits of few rich elements whom well jointely act on by and large of island well do few handful of richers in our land. This is the crisis is over exggration by ruling classes in power to put demololization of whole nation by that vested interest of western civilization by locally joint hand with right-wing forces Island country.

  9. GulSiri Lal Nanda says:

    Ours on Economic crisis is half of that which is man made creation one of that by big countries and culprits of few rich elements whom well jointely act on by and large of island well do few handful of richers in our land. This is the crisis is over exggration by ruling classes in power to put demololization of whole nation by that vested interest of western civilization by locally joint hand with right-wing forces Island country. They have shifted power to hand of that UNP leadership by covred opration and blessing of Rajapake Family clan of that by Weatern new colonilization forces.

  10. athula says:

    මන්නාරමේ මහා ධන නිධානය ගන්න කලින් දෙන ඇමක් නේද ?

Main News