‘අර්බුදයේ මුල මැද අග විනිවිද’ – ‘දෙරණ 360’ කුමරතුගු මුණුපුරා විශිෂ්ඨ සලකුණක් තබයි…

November 21, 2018 at 1:20 pm | lanka C news
‘අර්බුදයේ මුල මැද අග විනිවිද’ – ‘දෙරණ 360’ කුමරතුගු මුණුපුරා විශිෂ්ඨ සලකුණක් තබයි…

පසුගියදා දෙරණ 360 වැඩසටහනට පැමිණි ගෙවිඳු කුමාරතුංග මහතා වත්මන් දේශපාලන අර්බුදයේ මුල – මැද – අග ගැඹුරින් විශ්ලේෂණය කරමින් සුවිසේශී පැහැදිළි කිරීමක් සිදු කළේය.

ආණ්ඩු පෙරලිය සිදු නොකලේ නම් මේ වන විටත් රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව කරූ ජයසුරිය මහතාගේ “හඬ අනුව සම්මතයි” ලේබලය ගසාගෙන බලාත්මක වන්නට තිබුණේ යැයි සඳහන් කළ කුමාරතුංග මහතා ඒ භයානක ගමන වැලැක්වීමම සුවිශේෂී ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කල්ලිය විදෙස් තානාපති කාර්යාල කිහිපයක් අල්ලාගෙන කරූ ජයසූරිය කතානායකවරයාද පාවිච්චි කරමින් නිර්මාණය කර ඇති වත්මන් අර්බුදයට විසඳුම් සෙවීම කුණු වී ඕජස් ගලන වත්මන් පාර්ලිමේන්තුවෙන් කරගත නොහැකි බවත් ඒ සඳහා ජනතාව අභියසට ගොස් නව ජනවරමක් මහ මැතිවරණයක් හරහා ලබා ගැනීමට සියළු දෙනා පෙළ ගැසිය යුතු යැයිද අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ මාහතා අගමැති ධූරයට පත් වූ පසුව දුටු නිරීක්ෂණයක් අපූරුවට පැහැදිලි කළේ මෙසේය.

”මහින්ද එදා පරාජය වෙලා මැදමූලනට ගියාම ඔහු හොයාගෙන අාවේ හුදී ජනතාව.. මම පොදු ජනතාව කියන්නෙ නෑ ඒ අතීතයේ ඉදන් කියන හුදී ජනතාව.. ඒ අාව ජනතාවගෙන් 1% වත් විජේරාමෙට අාවේ නැහැ එතුමට අගමැතිකම හම්බ වුනාම.. එහෙම වාහන පෝලිමක් තිබුණේ නැහැ.. ඉතාම සුඛෝපභෝගි වාහන පෝලිමක් නම් තිබුණා.. හැබැයි අර පොල්මල ගහගෙන වන්දනා ගමනක් යනවා වගේ තමන්ගේ ළමයින්වත් වඩා ගෙන එතුමා එක්ක තමන්ගෙ දුක බෙදා ගන්න අාව ජනතාව නෙවේ විජේරාමෙට අාවේ.. ඒක තමයි අපේ රටේ මිනිස්සුන්ගෙ ස්වභාවය..

ඒ අයගේ පැතුම මහින්ද රාජපක්ෂ මහතා කිසි දින අමතක නොකල යුතුයි.

අද මේ රටට ධර්ම වීරයන් අවශ්‍යයි.සමාජය අමතන ,හරි දේ වෙනුවෙන් පෙනී සිටින ,ඒ වෙනුවෙන් සමාජයට බල කරන ,තමන්ටම නිවරදි වෙන්න බලකරන දැනුවත් ස්මාජ ක්‍රියාකාරීත්වයක් අද මේ රටට අවශ්‍යයි.

එදා 2015 අප ගිලගත් විජාතික කුමන්ත්‍රණය පරාජය කළ හැම දෙනාටම යුතුකමක් තිබෙනවා , කැප්පෙටිපොළ නිළමේතුමාගෙන් ඒ අසිපත අතැහරිලා වසර 200ක් ගෙවෙන අද වැනි දිනෙක ඒ අරගලය ජයග්‍රහණය දක්වා රැගෙන යෑමට.අපගේ ආගමට අනුව සරල නිදහස් ජීවිතයක් ගත කිරීමට අවශ්ය මග පාදාගැනීමට හුදී ජනයාගේ ඇති අභිලාෂය ජයග්‍රහණයෙන් කෙළවර කරගැනීමට අධිෂ්ඨානය කරගනිමු.”

– කැලුම් නිරංජන

වීඩියෝව මෙතනින්

273 views

39 Comments to “‘අර්බුදයේ මුල මැද අග විනිවිද’ – ‘දෙරණ 360’ කුමරතුගු මුණුපුරා විශිෂ්ඨ සලකුණක් තබයි…”

  1. ගෙවිඳු මැතිදානන් ජාතියේ පිනට පහල වූ විද්වතෙකි . ඕනෑම අවස්ථාවකට මුහුණදෙමින් ඉන්ද්‍රකීලයක් මෙන් නොභියව දේශයේ ,ජාතියේ අදීනත්වය වෙනුවෙන් ඉතා නිවැරදි විග්‍රහයක යෙදෙන පඬිරුවනකි.

    මෙතුමාට නිසි ගෞරවයෙන් පුදා දේශයට තව තවත් සෙත සලසලන්නට මං පෙත් හෙළි පෙහෙළි කරලන්නට බලධාරීන්ට සිත් පහළ වේවයි සිරිලක හුදීජන
    ඒකායන පැතුමයි.
    ඔබ තුමාට තිසරණ සරණින් ,සියලු දෙවි පිහිටෙන් තව තවත් හරබර දෙසුමෙන් මෙසිරිලක ජන මන පුබුදුවාලන්නට ශක්තිය දහිරිය ලැබේවා!

    ජය ධරණී!!!!!!!

  2. kamani says:

    obathuma wani ugathun ape mawbimata awshya welawak,thunuruwansaranai

  3. ක්‍රිමිනල් says:

    මහින්දට රෙදි නැතිව කඩේ යන ඩෑල් එකක් , විජාතික කුමන්ත්‍රණ ,රටේ දෙපොල විකුනන ,බදු දෙන දෙවල් ගැන පොර ටෝක් දුන්නට , ම්ධින්ද මහත්තයා ශ්‍රැංගිලා හදන්න ගොල්ෆේස් පිටිය අභිමුව ඉඩං සින්නක්කර දෙද්දී , මුගේ “මීක්” සද්දයක් නෑ. කුමරුතුගු මුනිදස්ටත් අපහාසයක් මූ.

    • යකා says:

      ඕයි මෝඩ ක්‍රිමිනල්,
      යකෝ උඹ උඹේ වදාපු එවුන්ටත් අපහාසයක්…
      උඹ වගේ බුරුවන්ට තේරෙන්නේ නැති දෙයක් තමයි…. තෝරාගන්න ඕන තියන විකල්ප වලින් හොඳම එක කියල…
      මහින්ද මහත්තය ගේ හොරකම් හොයන්න කියල ඇවිල්ල රනිල මහා බැංකුවට දුන්න ගේම උඹට අමතකද?
      උඹ හිතන්නේ රනිල් කියන්නේ 100% white character එකක් කියලද?
      මහින්ද කියන්නේ රටේ ආරක්ෂාව ගැන කෙලින් තීරණ ගන්න එඩිතර නායකයෙක්…
      ඒකට ගරු කරපන්, නරියෙක් වගේ හැසිරෙන්නේ නැතුව

  4. Ui says:

    පිස්සෙක් !

    • යකා says:

      උඹව ජාතක කරපු එකාද? 😀

      • Ui says:

        නෑ, මේ පිස්සයි උඹ වගේ වහලෙකුයි ජාතක කරපු එකා හෝ “සමහර විට” දෙන්නා.

  5. Nimantha Hewaralalage says:

    Gewindu mathinduni obe niunu thiunu katha vilasaya bihina agei.obathuma wani pudgalain apata haiyak

  6. Denzil says:

    aprata enna eade hareyak kafa yan awzdtaeaden .

  7. well said sir.. double salute .thank you gevindu. says:

    well said sir.. double salute .thank you gevindu.That is the truth.

Main News