අර්බුදය උග‍්‍රයි… ජනපතිගේ විශේෂ ප‍්‍රකාශය අවලංගු කෙරේ.. මහ රාත‍්‍රියේ මාධ්‍යට දන්වයි..

February 16, 2018 at 8:40 am | lanka C news
අර්බුදය උග‍්‍රයි… ජනපතිගේ විශේෂ ප‍්‍රකාශය අවලංගු කෙරේ.. මහ රාත‍්‍රියේ මාධ්‍යට දන්වයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අද පෙරවරුවේ කැදවා තිබූ විශේෂ මාධ්‍ය හමුව හදිසියේම අවලංගු කර තිබේ.

කැදවීම් ලැබ තිබූ මාධ්‍යවේදීන්ට ඊයේ රාත‍්‍රියේ දන්වා ඇත්තේ එම හමුව අද දිනයේ නොපැවැත්වෙන බවයි.

මේ අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා හදිසියේම හමුවී ජාතික ආණ්ඩුව තව දුරටත් ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇති බවටද වාර්තා පල වෙයි.

ඇමරිකානු හා ඉන්දීය තානාපතිවරුන්ද ජනාධිපතිවරයා හමු වී 2015 ජනවාරි 08 ජයග‍්‍රහණය රැකගැනීමට ක‍්‍රියාකරන ලෙස දැඩිව ඉල්ලා තිබේ.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද අද දිනයේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

28 views

18 Comments to “අර්බුදය උග‍්‍රයි… ජනපතිගේ විශේෂ ප‍්‍රකාශය අවලංගු කෙරේ.. මහ රාත‍්‍රියේ මාධ්‍යට දන්වයි..”

  1. විශ්ලේෂකයා says:

    රටට මේ ව්‍යාකූල තත්ත්වය ආවේ 19 වන ආණ්ඩු ක්‍රම සංශෝධනයෙන්.. මං බලය ඇත්හැරියා කියලා මහ ලොකුවට පම්පෝරි ගැහුවට අර්බුදයක් හමුවේ ඒකට විසඳුමක් නැතිව රට පත්වෙලා තියෙන තත්ත්වය දැන් වගකිව යුත්තේ කව්ද…?

    • ජනක says:

      ඇමෙරිකානු හා ඉන්දියානුවන්ට මෙරටේ දේශපාලනයට ඇඟිලි ගැසීමට තිබෙන අයිතිය කුමක්ද ?
      ඇමෙරිකානුවන්ට හා ඉන්දියානුවන්ට බියේ හිස නමන ජනපතියෙක් අපට අවශ්‍යද ?
      මේ බලවත් රාජයන් අපට කරන බලහත්කාරය නැවත්වීමට පෙරමුණ ගන්නා ලෙස රුසියාව හා චීනයෙන් අපි මේ රටේ බහුතර මහජනතාවලෙස ඉල්ලා සිටිමු

      • Sampath says:

        Janaka, Chinayatai, Rusiyawatai aithiyak thibeda?

        • kamalasirikuruwita says:

          හරි හරි සම්පත් , අපි එහෙනං , ඉන්දියාවට , ඇමෙරිකාවට තනියෙම වැඩේ දෙමු . මොකද කියන්නේ පුළුවන්නේ සම්පත්ලා වගේ අයට නේද ? උන්ට අපේ රටේ ඕන මගුලක් කර ගන්න ඉඩ දීල බල්ලෝ වගේ ඉම්මු . අනේ උඹල වගේ එවුනුත් මේ රටේ ඉපදුනනේ රටේ කරුමෙට !!!!

        • NAK says:

          China has already threatened to pull their investments out and Russia also can,as they did recently, twist Sirisena’s arm.

    • සුදා says:

      ආණ්ඩුව වෙනස් නොකර යන පිල්ලේ ගියොත් තමුසෙත් සුං තමුසෙගෙ හත්මුතු පරම්පරාවත් සුං තමුසෙගෙ හෙන්චයියොත් සුනේ සුං රටත් සුනේ සුං.
      කල්පනා කරලා බලනව තමුසෙට මිනිහෙක් වගේ කොන්ද කෙලින් තියාගෙන තනතුරෙන් දවසක බැහැල යන්න ආසද නැතිනම් මිනිසුන්ගේ ශාප කිරීම් මැද තම්සේගේ මිනි වලටත් කෙල ගහන තත්වයක් ඇතිකරගන්න ඔනාද කියල

    • kamalasirikuruwita says:

      සිරිසේන මහත්තයෝ , දැන්වත් මහා පොළොවේ යථාර්තය පිළිගන්න බුද්ධිමත් වන්න.පුංචි රටවල් පගා දමන ඉන්දියානු ඇමෙරිකානු නරියන්ට හිස කොන්ද පාත්නොකරන්න . තමන් අතින් පටු විදියට හිතල ගත්ත වැරදි තීන්දු ගැන අවන්කවම රටෙන් ,ජාතියෙන් , පක්ෂයෙන් හා මහින්දගෙන් සමාවගෙන තම වැදගත් මහත්මයෙක් බව ඔප්පුකර පෙන්වන්න තරම් බුද්ධිමත් වන්න. ඔය පැරදිච්ච හොරු වංචා කාරයෝ එක්ක තමන්ගේ නොවෙන තැනක මොන බලය තිබුනත් වැඩක් නැහැ. තවමත් ඔබට මහින්ද සමග එක්වන්න ප්‍රමාද නැහැ. පුහු කයිවාරු , පොර ටෝක් නවත්තල , මෝඩ නියෝජිතයෝ යවන්නේ නැතුව, ඔබම කෙලින් මහින්දට කතා කරන්න. කල රැවටීම හා පාවාදීම බරපතල නිසා මහින්දගේ හිතේ නැවත විස්වාසය ඇතිකළ හැකි වැඩ පිළිවෙලකට ගියොත් රටටත් හොඳවෙයි. ඔබටත් හොඳවෙයි. ඔබත් මුල් තැනක ඉඳල මහින්ද අගමැති කරලා, පිරිසිදු රටට හිතවාදී පාලනයක් අපට ලබා දෙන්න. ඔබ ආණ්ඩු පිහිටුවන්න එකතුවුනේ වැරදි මිනිසුන් එක්ක බව , දැන් ඔබ කියන කතා වලින් හොඳටම තේරුම් ගිහින් ඇති . රැවටීම්, බොරුකිම් , පාවාදීම් ,උප්පරවැට්ටි නැතිව දැන්වත් මහින්ද සමග අවන්කවම එකතුවන්න. වෙච්ච වැරදිවලට ජනතාවත් .මහින්දත් ඔබට සමාව දෙන බව අපට විස්වාසයි ඔබ වටේ ඉන්න තමන්ගේ වාසිය හා පැවැත්ම ගැන විතරක් යටි හිතේ තියාගෙන ඉන්න බොරු පුච්චානම් කාරයන්ට රැවටිලා ඔබෙත් රටෙත් අනාගතය විනාස කර ගන්න එපා.

    • Amda says:

      වැඩ බැරි සේන ලා වැඩ බාර ගැනීමේ විපාක!
      යමෙක් චන්දයට ඉදිරිපත් කිරීමට පෙර ඒ තැනැත්තාගේ ශක්ති ප්‍රමාණය ගැන සිතිය යුතුය, චන්දයට ඉල්ලන පුද්ගලයා තමුන්ගේ තරම දැනගත යුතුය, ඔහුට චන්දය දෙන අය ඒ ගැන දෙවරක් සිතිය යුතුය… රටක් අරාජික වීමේ විපාකය පටන් ගත්තා පමනයි.

      අපගේ ආදරණීය පොදු ජන පෙරමුණට කියා සිටින්නේ……..
      බුද්ධියෙන් වැඩ කරන්න.
      බැටලු හම් පොරවාගත් හයිනලාගේ (නරියා හොඳ වැඩිය ) ඇත්ත මුහුන පෙනෙන්නට තිබියදීත්, ආයෙත් රැවටුනොත් ඔබ වැනි මැට්ටන් ලෝකයේ තවත් නැත.
      මහ මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් ඉදිරියේ ඇති බව සිහි තබාගෙන වැඩ කරන්න.

  2. kith says:

    Did he feel a tremor beneath his house? The hell will activate more for him unless he act soon.

  3. හිටං හුටං says:

    කලින් සැරෙත් කැබිනට් සංශෝධනය කර ගන්න බැරුව ඉන්න කොට මෝදි ඇවිල්ලා නෙ කරලා දීලා ගියේ.

    මේ පාරත් විශේෂ ප්‍රකාශය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්න ඉන්දීය හරි බටහිර හරි නායකයෙක් එන්න වේවි ද දන්නේ නෑ.

    • Asaranaya says:

      පඹයට කෑපතේ මළ පහා කරන්න බැහැනෙ.ඒක නිසා වෙන්න ඇති රා නීල කාසයට විරුද්දව මුකුත් කරන්න බැරි,
      හැබයි බැරි වුනොත් රට වෙනුවෙන් ජොනි බට්ටන්ගෙ සරණ යනවා

  4. නිදහස් says:

    මෛත්‍රී ජනාධිපති කමටත් ලැජ්ජයි. මොකද්ද ඔබතුමාගෙ චරිතෙ. හැදු වැඩු දෙමාපියන්ටත් නින්දාවක්. චන්ද්‍රිකා, රාජිත, රනිල්, සම්බන්දන් වගේ නරුමයන්ට ඕන විදියට ඔබතුමා නටවෙන රූකඩයක් වෙලා. මේ රටට ආදරය කරන මිනිහෙක්ට ජනාධිපතිකම භාරදිල මිනිහෙක් විදියට අයින් වෙන්න. නැත්තම් මේ රටේ මිනිස්සු ඔබතුමාව වැඩබැරි නරුමයෙන් විදියට ප්‍රතික්ෂේප කරල ඉවත් කරාවි.

  5. nalin says:

    Due to the weak rulers now country is moving to chaotic situation. This country faced for the 30 y war and then politcal war will destroy this country forever. MS and RW both are totally failed rulers. Whey they removed their back bone ?

  6. Sepala says:

    Again it is proved that this country is govern by US Embassy and Indian High Commissioner. It is better give the Presidentship to Athul Prakash and Premiership to Indian High Commissioner.

  7. dula says:

    අපි ජාත්‍යන්තරය ජය ගත්තා කියන්නේ එහෙනම් මේක තමයි. දැන් අපේ රට කරන්නේ ඇමරිකාවට ඉන්දියාවට ඕනේ විදිහට …. රටේ ජන මතයට හිස නමන්නේ නැතුව මේ නටන නාඩගමේ අවසානය බිහිසුණු වියහැකියි.
    2018 පෙබරවාරි රනිල් – සිරිසේන නඩය තමන්ගේ බර කිරා ගත්තට පස්සෙත් බලයේ රැඳී ඉන්න දරන ලජ්ජා නැති උත්සාහය පරාජය කලයුතුමයි

    රුකඩ කිසදාක තනියෙන් නටන්නේ නැති බවත් ….රනිල් සිරිසේන නම් රුකඩ වල නූල් ඇත්තේ ජාත්‍යන්තරයේ බවත් මෙයින් පැහැදිලි වේ

  8. තුෂාර ගුණසිංහ says:

    ආප්පයා ජාතියේ #1 ද්‍රෝ හි යා

  9. ppu says:

    SLFP eke sabapathikama aragena my3 mokadda me kalaya thula SLFP ekta laba dun jaya. ekama deyayi kale ranilta kalaguna salakanna andukaranna SLFP eke aya billata dima neda. mohuge me wade nisa SLFP ekata kirimata thibu ayithi hasika wirudda paksaye karya barayth walkigiya ahimi una neda.

  10. ajitpenawaa de costa says:

    appaya ko kaduwa

Main News