අර්බුදය උපරිමයි.. එජාප මහ ලේකම් අකිල විරාජ් ධුරයෙන් සමුගැනීම දන්වයි..

March 4, 2020 at 10:40 am | lanka C news
අර්බුදය උපරිමයි.. එජාප මහ ලේකම් අකිල විරාජ් ධුරයෙන් සමුගැනීම දන්වයි..

තමන් එක්සත් ජාතික පක්ෂයේ සමගිය වෙනුවෙන් එජාප මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බව එම පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා දැනුම් දී තිබේ.

සිරිකොත එජාප මූලස්ථානයේ දී ඊයේ ඔහු ඔහු මේ බව දැනුම් දී ඇත්තේ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජේෂ්ඨයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.

දෙපාර්ශ්වයම එකඟ විය හැකි නව මහ ලේකම්වරයෙකු පත් කර ගැනීමට අවස්ථාව ලබා දෙමින් තමන් මෙම පියවර ගන්නා බවද ඔහු සඳහන් කර තිබේ.

කෙසේ නමුත් එජාප නායකයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් මෙතෙක් මේ සඳහා එකඟතාවය පළකර නැත.

154 views

2 Comments to “අර්බුදය උපරිමයි.. එජාප මහ ලේකම් අකිල විරාජ් ධුරයෙන් සමුගැනීම දන්වයි..”

  1. kawinda says:

    meka moda kriyaawak. paraajaya bhaara geneemak. naayaka thuma asarana kireemak. theeranaya wenas karanna. please.

    • බය වෙන්න එපා… අඛිල දන්නවා එයාගෙ බොරු ඉල්ලා අස්වීම ‍රනිල් පිලිගන්නෙ නෑ කියලා.. වැඩි දෙනාගෙ ඉල්ලීම මත නැවත සළකා බලා දිගටම ලේකම් කම් කරගෙන යනවා කියලා තව පොඩ්ඩකින් කියයි.. සජිතුත් එතකොට සද්ද නැතුව ඒක පිලිගනියි..

Main News