අර්බුද මැද ලක්සල උඩ යයි.. චීන වෙලදපල අල්ලයි..
February 19, 2022 at 8:40 am | lanka C news
බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සංකල්පයක් මත මෙරට දේශීය ආර්ථිකයට හා දේශීය නිෂ්පාදකයාට දිරි දීමක් වශයෙන් ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ විදේශයන්ට අපනයන කිරීම සදහා වන සුවිශේෂී වැඩපිළිවෙළකට එළඹීය.
ඒ හා සමගාමීව හයවන වරලත් අළෙවි නියෝජිත ආයතනය චීනයේ ” සීජියෑන් “හි ස්ථාපිත කිරීම සදහා වන ගිවිසුමක් 18 දින ගරු බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය “ලක්සල” හා “සීජියෑන් බොස්වින් ( Zhejiang Boswin Technology Private Limited ) ආයතන අතර ගිවිසුම රාජ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අත්සන් තැබීය.
මෙමගින් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල) ආයතනය විසින් අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ලැබෙන ආදායමට අමතරව වරලත් අලෙවි නියෝජිත ආයතනයේ මාසික අලෙවි පිරිවැටුමෙන් ප්‍රතිශතයක්ද , කීර්තිමත් “ලක්සල” සන්නාමය චීනය තුළ භාවිතය වෙනුවෙන් වාර්ෂිකව කිසියම් “වෙළඳ හිමිකාරීත්ව භාගයක්” (Royalty Fee) ද ලැබීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සභාපති ලක්මල් වික්‍රාමාරච්චි මහතා ඇතුළු ලක්සල අධ්යක්ෂ මණ්ඩලය,සීජියෑන් බොස්වින් සමාගමේ සභාපති ප්‍රසාද් විදානගේ මහතා හා චීන ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිතුමිය, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් එක් විය.
– media unit
රිලාසිරියට කොහෙන්ද සංකල්ප තිබ්බේ. සංකල්පත් හොරකම් කරනවා කාලකන්නි රිලාසිරිය..ඕක ජනාධිපති ඇතුළු සමුහයක සංකල්පයක් …හොර media යුනිට් එක
“සීජියෑන් බොස්වින් සමාගමේ සභාපති ප්‍රසාද් විදානගේ මහතා”
මේ රිලාසිරිගේ මොන රිලා මොටාද ?
ටයිට්ල් එක දානකොටම බැරිද වරහන් ඇතුලේ දාන්න මිඩියා යුනිට් එකේ පම්පෝරයක් තමයි මේ නිවුස් එක කියලා. එතකොට අපිට ඒක බලන්නෙ නැතිව ඉන්න පුලුවන්. මොකද මේ ජාතියේ හම්පඩ නිවුස් බලන්න නම් ඉතින් අර ගඳ ගහන ආන්ඩුවේ ටොයිලට් පේපර් එක දිනමින ගන්න පුලුවන්නෙ
චීන්නු තමාට ලාබයක් නැතුව කිසිම ගනුදෙනුවක් කරන්නේ නැහැ. අපිට නයදිලා වරාය වසර 99කට ගත්ත එක අමතක නොකළ යුතුයි. අපේ බුරුවන්ට මේවා තේරෙන්නේ නැහැ.
හරියට හරි චීනා වගේම දේසපාලුවොත් ඔකෙන් එන ලාබේ උන්ගෙම කරගනී රටට ඇති ලබ්බක් නෑ අන්තිමට ඔන්න ඕකයි වෙන්නෙ දේශීය නිෂ්පාදකයා හැමදාම එකම තැන
පුද්ගලිකව දයාසිරිට අකමැති වුනත් වැඩේ හොඳනම් හොඳයි කියන්න ඕනෙ.