අර්බුධය උච්චයි.. පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කරයි..?

June 8, 2019 at 2:10 pm | lanka C news
අර්බුධය උච්චයි.. පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කරයි..?

හදිසියේම පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමක් සිදුවීමට ඉඩ ඇතැයි දේශපාලන අංශවල ආරංචි පැතිර යමින් තිබේ.

මෙයට නිශ්චිත හේතුවක් දැනගන්නට නැතත් පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි විභාග කෙරෙන තේරීම් කාරක සභාව මගින් සංවේදී ආරක්ෂක තොරතුරු ප්‍රචාරය වීම ගැන ජනාධිපතිවරයා සිය දැඩි නොසතුට පළකර තිබූ බව වාර්තා විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන පෙළේ ආරක්ෂක ආයතන ගණනාවක ප්‍රධානීන් මෙම තේරීම් කාරක සභාව හමුවට කැඳවා සාක්ෂි විමසීමට නියමිතව තිබුණත් අවසන් මොහොතේ එම තීරණය අවලංගු කර තිබිණි.

යම් හෙයකින් පාර්ලිමේන්තුව වාර අවසාන කළහොත් එවිට නැවත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කොට සභාව කැඳවන තෙක් පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවීම සිදුවෙයි.

– deshaya

41 views

8 Comments to “අර්බුධය උච්චයි.. පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කරයි..?”

  1. Rathgama MC says:

    කුඹුර ගිනි තිවුවා එක රටටම ගිනි තැබිය හැක.මේ නිසා ඉදිරි මාස කිහිපය ජනතාව ඉතාමත්ම අවදියෙන් සිටිය යුතුයි.

  2. RAYMOND says:

    වාර අවසාන අතර පාර්ලිමේන්තු විසුරුවා හරින්න පුළුවන් ද

    • kawinda says:

      euwa ona nehe. balannako.. maara lassana pinthure neda..? puduma pin paatak thiyenne appa. 70 ta kittui kiyala kiyannawath behe. mehema kenek ape naayakaya vima ape ratema pinak appa. hebei prashne April 21 prashne thamai ne…???

  3. sam says:

    මේ තේරීම් කාරක සභාවේ සාක්ෂි වලින් ජනාධිපතිතුමාගේ කෙරුවාව එලි උනානේ. දැන් ඉතින් පාර්ලිමේන්තුව විසිරෙව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ.
    //එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට වූ කාරියා//
    //දෙකක් කඩතොළු හදා ගත්තැයි ඉඳුරුවේ ආචාරියා //

  4. harry says:

    wandurata delipihiya hasuvi atha

  5. satpurusa says:

    Citizens are satisfied with the evidence provided by the competent senior government officials responsible at the selection committee.

    • Loku Ayya says:

      It is wrong. Who are you to determine such a serious thing. you may agee in such a way. But you are only a one citizen in the country. I am sure that majority citizens of the country do not agree with those type of jokes pre-planned by UNP idiots who have been carrying the country in to the hell for last 4 years.

  6. Udrich says:

    Gramasevakayata mala panala thiyanne saakki dena set eka muge redi galavana nisa. Muta bayai thava monava kiyaida kiyala.

Main News