‘අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණය’ Whatsapp ඔස්සේ 03 වැනිදා කැදවයි…
March 31, 2022 at 5:30 pm | lanka C news
ජාතික නිදහස් පෙරමුණ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
“අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට” ගොදුරු වන්න එපා!
ශ්‍රී ලංකාව සිය ඉතිහාසය තුළ බරපතළම ආර්ථික අර්බුදයට පත්ව ඇති මේ මොහොතේ එමඟින් සමාජයේ සෑම ජන කොටසක්ම දැඩි පීඩාවට පත්ව තිබේ. එම අර්බුදයෙන් රට ගොඩගැනීම ඉලක්ක කරගත් “මුළු රටම හරිමගට” ජාතික වැඩපිළිවෙළ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ආණ්ඩුව නියෝජනය කරනු ලබන පක්ෂ එකොළහ විසින් කඩිනමින් ඉදිරිපත් කරනු ලැබුවේ ඒ කෙරෙහි අප බලවත් සේ සවිඥානක නිසාය.
වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්කොට නව ගමන් මඟකට මුලපිරීමට මේ පිළිබඳ සවිඥානක දේශපාලඥයන් සියල්ලටම අප ඇරයුම් කොට ඇත්තේ ද “මුළු රටම හරි මගට” ගැනීමට මිස පටු දේශපාලන වාසි ලබා ගැනීමට නොවේ. මෙවැනි මොහොතක දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා සාමාන්‍ය ජනතාවට එම අර්බුදයට විසඳුම් ඉල්ලා විරෝධය පෑමේ අයිතියට අපි ගරු කරන්නෙමු. එහෙත් වගකිවයුත්තකු, සංවිධායකයකු නොමැති විරෝධතා කෙරෙහි අපගේ බලවත් අවධානය යොමු විය යුතුව තිබේ. “අප්‍රේල් 03 දා සවස 03ට පාරට බහින්න” නම් විරෝධතාව ද එවැන්නෙකි. එවැනි විරෝධතාවන් පිටුපස සැඟවුණු න්‍යාය පත්රයන් පැවතිය හැකිය.
එම විරෝධතාව සම්බන්ධයෙන් පළමුව පැවසියයුත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එම විරෝධතාවට සහයෝගය දෙන බවට සමාජ ජාලා මගින් සිදුකෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බව ය. එසේ ම ජාතික නිදහස් පෙරමුණ හෝ පක්ෂ 11ක එකමුතුව ද එම විරෝධතා ව්‍යාපාරයට කිසිදු ලෙසකින් සම්බන්ධ නොමැති බව ද ඉතා වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
කෙසේ වුවද රාජිත සේනාරත්න සහ සජිත් ප්‍රේමදාස යන දේශපාලඥනයන් විවෘතවම මෙම විරෝධතාවට සහභාගි වන බව පැවසීම මගින් මෙය සමගි ජන බලවේගය මෙහෙයවන විරෝධතාවයක් බව බොහෝ දුරට තහවුරු වෙමින් පවතී. රට අද පවතින තත්වයට ණය උගුලක සිර කරවීමට මූලික වූ එජාපයේ වත්මන් දිගුව වන “සජබ විරෝධතාවන්ට” අපි කිසිදු ආකාරයක සහයෝගයක් ලබා නොදෙන බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමු. එසේම මෙම “අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට” හසු නොවන ලෙස ආණ්ඩු විරෝධී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.
දේශපාලන මණ්ඩලය,
ජාතික නිදහස් පෙරමුණ
පාරට බැස්සට කමක් නැහැ විරෝදෙ පාල ආන්ඩුවට රතු එලි දල්වපල්ල ඒත් දේශපාලකයන් ගෙ බිලිපූජවලට ගොදුරු නොවෙයල්ල.උන් හැමඩාම කලේ උබ්ලව මාකට් කරල යහතින් වැජබුන එක. පුලුවන්නම් 1990 න් පසු පාර්ලිමේන්තුවේ හිටිය එකෙක් හරි මොනම පක්ශෙක උනත් ගහපිය ගූ උන්ට මේක මහජන අරගලයක්නම් අනිවාර්යයෙන් දේශපාලකයන් අනවශ්‍යයි. මොකද 1990 ඉදන් මොන මොන ලකුනු වලින් ආන්ඩු පිහිටෙව්වත් මේ රටේ ආන්ඩු දෙකයි තිබ්බෙ . ඔය කෑගහන හැමෙකාම කුමක් හෝ ආන්ඩුවක කොටස්කාරයො හා අඩුම වියාපෘති ඇමතියෙක් හරි. ඒකනිසා මොලෙන් හිතපල්ල. උගුල්වලට අහුවෙන්න එපා. දැන් වත් දේශපාලනය ඉවත දාපල්ල රටක් හැටියට ගොඩයන්න බලපල්ල.
පාරට බැස්සට කමක් නැහැ විරෝදෙ පාල ආන්ඩුවට රතු එලි දල්වපල්ල ඒත් දේශපාලකයන් ගෙ බිලිපූජවලට ගොදුරු නොවෙයල්ල.උන් හැමඩාම කලේ උබ්ලව මාකට් කරල යහතින් වැජබුන එක. පුලුවන්නම් 1990 න් පසු පාර්ලිමේන්තුවේ හිටිය එකෙක් හරි මොනම පක්ශෙක උනත් පාරට බැහැල හිරියොත් ගහපිය ගූ උන්ට මේක මහජන අරගලයක්නම් අනිවාර්යයෙන් දේශපාලකයන් අනවශ්‍යයි. මොකද 1990 ඉදන් මොන මොන ලකුනු වලින් ආන්ඩු පිහිටෙව්වත් මේ රටේ ආන්ඩු දෙකයි තිබ්බෙ . ඔය කෑගහන හැමෙකාම කුමක් හෝ ආන්ඩුවක කොටස්කාරයො හා අඩුම වියාපෘති ඇමතියෙක් හරි. ඒකනිසා මොලෙන් හිතපල්ල. උගුල්වලට අහුවෙන්න එපා. දැන් වත් දේශපාලනය ඉවත දාපල්ල රටක් හැටියට ගොඩයන්න බලපල්ල
ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සංවිධානය විය යුත්තේ කාට ඕනෑ විදිහටද?
👍🌷👍
බොර දියේ මාළු බාන්ඩ කෙල හල හල බලන් ඉන්න
පාහර දේශපාලුවන්ට උවමනා විදියට…
පල පල හොර වීරවන්ශයා යන්න ගොම්මන්පිලත් එක්ක
කාලය ඇවිත් දැන් අපිට පුළුවන් වෙයි මෙ ගොං හරක් දේශපාලන ඛල්ලො සහ මුංගේ සහචරයන්, හැමදාම හැමදේම ඔව් සර් කියන ජංගි සරා බටු තිස්ස ලා,මඩ වලේ නාන S,B, ලා ,කී නොකී. සියලුම දුෂ් චරිත වලට මරන සහතික නිකුත් කර ඔවුන් ගේ ගරුත්වය පවුල් රැකගන්න
The people in this this Asian country never ,ever want Arabic spring type of uprising as those took place in Middle East Arabic countries.
People are well aware whom are the people flank by around those national politicians . People don’t want Sri Lanka to be an another Indonesia.
රටට now required අලුත් වෙනසක් මිසක් පරන බාස්ල නොවෙඉ. We need a system change with visionay leader you care about current youth generation. ජනතාවනි එ ගෙන හිත්තන්න. රාජිත සජිත් බොර දෙඉ මාලු බාන්න හදන්නෙ.