‘අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණය’ Whatsapp ඔස්සේ 03 වැනිදා කැදවයි…

March 31, 2022 at 5:30 pm | lanka C news
‘අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණය’ Whatsapp ඔස්සේ 03 වැනිදා කැදවයි…

ජාතික නිදහස් පෙරමුණ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

“අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට” ගොදුරු වන්න එපා!

ශ්‍රී ලංකාව සිය ඉතිහාසය තුළ බරපතළම ආර්ථික අර්බුදයට පත්ව ඇති මේ මොහොතේ එමඟින් සමාජයේ සෑම ජන කොටසක්ම දැඩි පීඩාවට පත්ව තිබේ. එම අර්බුදයෙන් රට ගොඩගැනීම ඉලක්ක කරගත් “මුළු රටම හරිමගට” ජාතික වැඩපිළිවෙළ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ආණ්ඩුව නියෝජනය කරනු ලබන පක්ෂ එකොළහ විසින් කඩිනමින් ඉදිරිපත් කරනු ලැබුවේ ඒ කෙරෙහි අප බලවත් සේ සවිඥානක නිසාය.

වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්කොට නව ගමන් මඟකට මුලපිරීමට මේ පිළිබඳ සවිඥානක දේශපාලඥයන් සියල්ලටම අප ඇරයුම් කොට ඇත්තේ ද “මුළු රටම හරි මගට” ගැනීමට මිස පටු දේශපාලන වාසි ලබා ගැනීමට නොවේ. මෙවැනි මොහොතක දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා සාමාන්‍ය ජනතාවට එම අර්බුදයට විසඳුම් ඉල්ලා විරෝධය පෑමේ අයිතියට අපි ගරු කරන්නෙමු. එහෙත් වගකිවයුත්තකු, සංවිධායකයකු නොමැති විරෝධතා කෙරෙහි අපගේ බලවත් අවධානය යොමු විය යුතුව තිබේ. “අප්‍රේල් 03 දා සවස 03ට පාරට බහින්න” නම් විරෝධතාව ද එවැන්නෙකි. එවැනි විරෝධතාවන් පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයන් පැවතිය හැකිය.

එම විරෝධතාව සම්බන්ධයෙන් පළමුව පැවසියයුත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එම විරෝධතාවට සහයෝගය දෙන බවට සමාජ ජාලා මගින් සිදුකෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බව ය. එසේ ම ජාතික නිදහස් පෙරමුණ හෝ පක්ෂ 11ක එකමුතුව ද එම විරෝධතා ව්‍යාපාරයට කිසිදු ලෙසකින් සම්බන්ධ නොමැති බව ද ඉතා වගකීමෙන් දැනුම් දෙන්නෙමු.

කෙසේ වුවද රාජිත සේනාරත්න සහ සජිත් ප්‍රේමදාස යන දේශපාලඥනයන් විවෘතවම මෙම විරෝධතාවට සහභාගි වන බව පැවසීම මගින් මෙය සමගි ජන බලවේගය මෙහෙයවන විරෝධතාවයක් බව බොහෝ දුරට තහවුරු වෙමින් පවතී. රට අද පවතින තත්වයට ණය උගුලක සිර කරවීමට මූලික වූ එජාපයේ වත්මන් දිගුව වන “සජබ විරෝධතාවන්ට” අපි කිසිදු ආකාරයක සහයෝගයක් ලබා නොදෙන බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමු. එසේම මෙම “අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට” හසු නොවන ලෙස ආණ්ඩු විරෝධී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.

දේශපාලන මණ්ඩලය,
ජාතික නිදහස් පෙරමුණ

64,415 views

25 Comments to “‘අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණය’ Whatsapp ඔස්සේ 03 වැනිදා කැදවයි…”

  1. පැය 24 ම විදුලිය කපනු ! says:

    කුල්ල කුජීත ආණ්ඩුවට කඩේ ගිහින් පූ දීපු විමල් උදය දෙන්න ම මිනිස්සු කුණු කූඩෙට දා
    ලා ඉවරයි. මුන් එදා 20 ට රෙදි නැතුව කඩේ ගියා, අලුත් ව්‍යවස්ථා ගෙනෙන කම් පොඩ්ඩක් ඉවසන්න කිව්වා. මුන් එදා කරෙත්, අද කරන්නෙත්, හෙට කරන්නෙත් මුන්ගේ බලය වෙනුවෙන් ජනතාව අන්දවන එක. මුන්ගේ බයිලා දැන් හරක් අහන්නෙත් නැහැ.

  2. NGO says:

    පොට්ට කාසි වලට වටිනාකමක් නෑ ඇමරික්න එන් ජී ඕ නඩයේ වැඩක් කිව්වට වැඩක් නෑ හැමදාම මුන් බිල්ලො මවනව අහුවෙන්නෙ නෑ ආයෙත්

  3. D.Nimal says:

    We hope that National Freedom Front and their leaders are more wiser than that JVP and SJB leaders led political parties . Having set of policies by NLF do Not that wanted created political anarchism which was/is US model of Arab Springs…?

  4. Gembanpila hora says:

    Rajapaksha horun ge ashoochi hodapu nidahas peramune sakkili. Pala ballo yanna.

    • Boo says:

      ඇත්ත, යනවනං යන්න ඕනෙ රනිල්ගෙ අසූචි හෝදපු ජෙප්පො, කිඹුල්ලු, ජනතා පඩියෙන් මයිල් බාලා බැක්සයිඩ් ගහ ගහ හිටපු උන් එක්ක විතරයි. උන් පැත්ත ගියත් ඇත්ත කියන උං. රට බේරගන්න පුලුවං උන්ට විතරයි.

  5. D.Nimal says:

    We hope that National Freedom Front and their leaders are more wiser than that JVP and SJB leaders led political parties . Having set of policies by NFL do Not that wanted to be created which that political anarchism was/is encourage by US model of Arab Springs…?
    The proposed April 03 movement is really back by desperation forces who lost the last election. No needed that so-called sponsors self -motivated acts by Foreign activities of undermined country sovereignty and independence .

  6. D.Nimal says:

    We hope that National Freedom Front and their leaders are more wiser than that JVP and SJB leaders led political parties . Having set of policies by NFL do Not that wanted to be created which that political anarchism was/is encourage by US model of Arab Springs…?
    The proposed “April 03 movement” is really back by desperation forces who has been lost the last election.
    No needed such a that so-called sponsors elements by self -motivated acts of Foreign activities of undermined country sovereignty, Territorial integrity and independence .
    We an opposed such forces which against that aspiration of majority people’s vital interest of our country.

    • aniwa says:

      lol, had to Google National freedom front in SL
      No one in the right might set would even go near Weerawansa or Gammanpila with such a history behind them.

  7. dev says:

    oyala waga kiyanna ona samuhika wagakeem pahara hara 11 samajayak hada gattata

  8. Kappetipola says:

    තොපි පෙන්නපු පාරෙ ගිහින් තමයි අද රට මේ තත්වෙට වැටිල තියෙන්නෙ. තමන්ගේ දේශපාලන බඩ වියත රැක ගන්න ජනතාව එලවපු හම්පඩ නාකියෙක් උස්සන් ඇවිල්ල රට නැත්තටම නැති කරලා දැම්ම. රාජපක්ශල එක්ක තොපිත් මේ රටින් අතු ගාලම දානවා. 3 වෙනිදා තමයි තොපේ අවසානේ ඒක මතක තියා ගනිල්ලා.

    • මහජනයා says:

      එළ !⚘
      එකෙන්ම එකඟයි !! ⚘⚘

    • dev says:

      Yudda karapu apita topi wage ngo payday ganakwath na

    • Mage Rata says:

      මහින්ද රාජපක්ෂ කියන්නේ දැනට දේශපාලනයේ සිටින වඩාත්ම අත්දැකීම් ඇති කෘතහස්තම දේශපාලඥයා. ඔහු ජනාධිපති ධූරයේ සිටියා නම් අද ජනතාවට විඳින්න වෙලා තියන දුක් පීඩාවන් විඳින්න වෙන්නේ නෑ.ඔහුට ඇති බය නිසා ඔහු යළි බලයට ඒම වැලැක්වීමට සියලු නීති සකස් කලේ හම්පඩ නාකි රනිලා. ඒනිසායි අත්දැකීම් අඩු ගෝටාට ජනාධිපති වෙන්න සිදු උනේ. තවදුරටත් මහින්ද අගමැතිතුමා නිහඬව සිටිය යුතු නෑ. ඇමරිකන් කපුටා පලවා හැර ඔබතුමාගේ මගපෙන්වීම යටතේ මේ කරදර නිමා කරන්න සුදුසු පියවර ගන්න

  9. Susantha says:

    විමල්ටයි ගමන් පොළටයි විවෘත අභියෝගයක්: තොපි දෙන්න පුළුවන් නං මිනිස්සු පන්දාහක් පාරට ගෙනල්ලා පෙන්නපල්ලා. තොපිට කොහෙද යකෝ ජනමතයක් තියෙන්නෙ

    • පීඩිතයා says:

      👍🌷👍
      අනුරයට කියල සෙනග ගෙන්න ගනී.
      බල තණ්හාව ඔලුවට ගහපු මුන් ඔක්කොම
      යාලුවො , මල්ලි….

    • Hu ! says:

      එහෙමද උඹ ආස ? 🤣විමල් හා ගම්මන්පිලට මොන්ගල් නෑ උඹ කියන දේවල් කරලා පෙන්නන්න.

  10. 225 says:

    225:ම එපා කියමින් 225:අයත් එක්ක විරෝධතා පැවැත්වීමත් හොඳ දෙයක් තමා….

Main News