‘අරැගේ මූණ රතුවෙලා යන්න ගියා..’ සජිත් විසින් අගමැති රනිල් විහිලුවට ගත් හැටි දයාසිරි ශ‍්‍රීලනිප අැමතිලා හා බෙදා හදා ගනිමින් විනෝද වේ..[Video]

May 3, 2017 at 10:40 pm | lanka C news
‘අරැගේ මූණ රතුවෙලා යන්න ගියා..’ සජිත් විසින් අගමැති රනිල් විහිලුවට ගත් හැටි දයාසිරි ශ‍්‍රීලනිප අැමතිලා හා බෙදා හදා ගනිමින් විනෝද වේ..[Video]

කලකට පෙර ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයෙන් පඩුවස්නුවර ප්‍රාදේශිය සභාවට තරග කොට එහි සභාපති වීමේ අවස්ථාව ශ්‍රිලනිප හිටපු නායිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් අහිමි කිරීමේන් උරන වූ දයාසිරි ජයසේකර පසුව එක්සත් ජාතික පක්ෂයට එකතු විය.

හිටපු අමාත්‍යවරියක් වු රෝසි සේනානායක මහත්මිය විසින් එජාපයේ නායකත්වයට කල දැඩි බලකිරිමේ මත කුරුණෑගල දිස්ත්‍රික්ය සඳහා 2005 වසරේදි මහා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය හරහා ඉදිරිපත් වීය. එහිදි හෙතෙම පාර්ලිමේන්තුව මන්ත්‍රී වරයෙකු ලෙස පත්වූ අතර මහින්ද රාජපක්ෂ යුගයේ විපක්ෂය නියෝජනය කල ප්‍රබල චරිතයක් බවට ඔහු පත්විය.

පසුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එකතුවී වයඹ පලාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් වයඹ පලාත් සභාවේ මහ ඇමතිවරයා විය. එහිදි දැඩිලෙස තමා හිටපු පක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ මෙන්ම හිටපු විපක්ෂ නායකයා විවේචන කිරීම ඔහුට ශ්‍රිලනිප තුල ලැබුණ කාර්යයභාරයයි.

2015 ජනාධිපතිවරණයේ දි පොදු විපක්ෂය නියෝජනය කල මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩිලෙස විවේචනය කල දයාසිරි ජයසේකර ඔහු ජනාධිපති වූ පසු ඔහු සමග එකතුව අද වනවිට සම්මුති ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරයි.

මේ වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩිව විවේචනය කරන වර්තමාන ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා තමා නියෝජනය කරන කැබිනට්ටුවේ අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ වර්තමාන ක්‍රියාකලාපය සම්බන්ධව ප්‍රවෘත්ති සාකච්ඡාවකට පෙර විහිලුවට ගත් ආකාරය මෙම විඩීයෝව මගින් දැක ගතහැකිය.

0 views

8 Comments to “‘අරැගේ මූණ රතුවෙලා යන්න ගියා..’ සජිත් විසින් අගමැති රනිල් විහිලුවට ගත් හැටි දයාසිරි ශ‍්‍රීලනිප අැමතිලා හා බෙදා හදා ගනිමින් විනෝද වේ..[Video]”

  1. Daisy says:

    Mum nam mana thank gembek…… Will Lajamanu Mathis ekekene

    • Medamulana says:

      පොලිස්පති ” Yes Sir , Yes Sir ” කිව්වා වගේ

  2. sukiri says:

    දයාසිරිගේ ඇගේම තියෙන්නේ පාවාදීමේ ලේ….

  3. ඇනෝපිලස් says:

    දයාසිරිය වගේ රනිල්ගෙ පිල්ලි තමයි ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු මහින්දට එකතු වෙන එක නවත්තගෙන ඉන්න එවුන්. ඕක රනිල්ට බනින්නෙත් රනිල්ගෙ උවමනාවට. මේක රටට විසකුරුයි. එතුනොත් අමාරුවෙ. අද සිරිසේන කඩපු ශ්‍රීලනිපට එකතු වෙන්න ඉඩ දෙන්නෙ නැත්තෙ මහින්ද අමරවීර, දුමින්ද දිසානායක වැනි පක්ෂයේ කිහිප දෙනෙක් සහ යූඑන්පියෙන් ආපු රනිල්ගෙ ඉත්තො කිහිප දෙනෙක්. ඒව පිළිල. සිරිසේනට ආදරේ කෙනෙක් ඔය නිදහස් පක්ෂයේ සිටිනවනම් පිළිල ටික සුද්ද කරල දාන්න. නැත්තං රටත් ඉවරයි තොපිත් ඉවරයි සිරිසේනත් ඉවරයි.

  4. ලපයා says:

    මු නම් දිව දෙකේ නෙමෙයි දිවවල් හතරේ ගෙම්බෙක්. මේපාර නම් පෙන්නේ අන්තිම පැනිල්ල තමයි. ආයිත් කිසිකෙනෙක් බර ගන්නේ නැහැ.

  5. malraj says:

    patta horeck…

  6. Ajith says:

    Mona boruda. Munwa gannai pathkarala ewannai ubala wage harak hamadaama innawa.

  7. sarath says:

    This is how they talk about their own colleagues. all have forgotten that they are in front of mikes.