අරුන්දිකගෙන් ශ්‍රීලනිප මහ ලේකම් සම්බෝල වෙයි.. මහ ලේකම් පසුබා යයි..
June 17, 2017 at 12:13 am | lanka C news
නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා පසුගියදා ජපානයේ සිදු කල සංචාරයක් අතරතුරදී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග විරතුංග හමුවීම සම්බන්ධයෙන් පෙරේදා දිනයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රීලනිප ආණ්ඩු පක්ෂ කණ්ඩායම් හමුවේදී සාකච්චා වී ඇත.
එහිදී ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සහ නියෝජ්‍ය ඇමති අරුන්දික අතර උණුසුම් වතන හුවමාරුවක් ඇතිව තිබේ.
මේ සම්බන්ධයෙන් දැඩිව කටයුතු කල යුතු යයි මහ ලේකම්වරයා පවසද්දී ඔහුට දැඩිව දොස් පවරා ඇති නියෝජ්‍ය ඇමති අරුන්දික සදහන් කර ඇත්තේ අදයංග වීරතුංග වරදකරුවෙක් නම් ජාත්‍යන්තර වරෙන්තුවක් ඇත්නම් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
තමනට ආණ්ඩුවෙන් ඉවත් වීමට උවමනා නම් එය ජපානයට ගොස් හොරෙන් කතා නොකරන බවත් ප්‍රසිද්ධියේ කතා කර එම පියවර ගන්නා බවත් සදහන් කරද්දී මහ ලේකම්වරයා පසුබා ගොස් ඇති අතර ජපාව සිදුවීම ගැන පරීක්ෂණ කතා එතැනින්ම හමාර වී ඇත.