අරුන්දික නිර්දෝෂී බව රාගම සරසවි ගැටුමේ කමිටු වාර්තාව කියයි… ඔහුට යලිත් ඇමති පින පෑදේ….

March 3, 2022 at 10:22 pm | lanka C news
අරුන්දික නිර්දෝෂී බව රාගම සරසවි ගැටුමේ කමිටු වාර්තාව කියයි… ඔහුට යලිත් ඇමති පින පෑදේ….

පසුගිය පෙබරවාරි මස පළවෙනිදා රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාර පරිශ්‍රයේදී සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී සිදුවූ පිළිබඳව වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇත.

අදාළ කමිටුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත්කර තිබිණි.

අදාළ වාර්තාවේ දැක්වෙන්නේ එම ගැටුම සිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියාවක් විනා සැලසුම් සහගත හා චේතනාන්විතව සිදු කළ ගැටුමක් නොවන බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙකු සිටි අරුන්දික ප්‍රනාන්දු මහතාගේ කිසිදු සම්බන්ධයක් හෝ බලපෑමක් නැති බවද එම වාර්තාවේ සඳහන්ය.

ඒ අනුව අරුන්දික ප්‍රනාන්දු මහතා නිර්දෝශී අයෙකු බව නිගමනය කරන බව එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් අරුන්දික ප්‍රනාන්දු මහතා තමන් දැරු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තානකාලිකව ඉල්ලා අස් වූයේ තමන් වරදකරු වුවහොත් අමාත්‍යධූරයෙන් යලි බාර නොගන්නා බව පවසමනි.

කමිටු වාර්තාවේ නිගමනය මත ඔහුට නැවතත් අමාත්‍ය ධූරයේ රාජකාරි කිරීමට හැකියාව විවර වී තිබේ.

23,785 views

17 Comments to “අරුන්දික නිර්දෝෂී බව රාගම සරසවි ගැටුමේ කමිටු වාර්තාව කියයි… ඔහුට යලිත් ඇමති පින පෑදේ….”

  1. සිසිල් සුදේශ් says:

    අරුන්දිකගෙ මෑණියො ජීවතුන් අතර නැතුව ඇති. නැත්නම් කමිටු වාර්තාව එතුමියට ලියන්න තිබුණා, මීටත් අපූරුවට.

    ආණ්ඩුවෙ වාහනයක් ගෙනිච්චේ රියැදුරාගේ අභිමතේට වෙන්න ඇති. අත්අඩංගුවට පත් ළමයාත් අරුන්දිකට සම්බන්ධ නෑ කියලා හොයාගෙනද?

  2. Priyankara says:

    Dan nam niyama, parliment jokes thamai. Madai apith Wadakarana Viruwekwa genawa .

  3. 0.00069 BIYYO says:

    දැන් බොලා හිතන් උන්නෙ අරුන්දිකය වැරදිකාරය කරල හිරේ දායි කියලද ? මේ බයි දේශය මිනියක් මරල හොරකම් කරල කිසි ගින්නක් නැතුව ජනතා මුදලින් ජීවත් වෙන්න පුලුවන් රට.
    එතකොට අරැන්දිකගෙ අමාත්‍යාංශයේ වාහන අරං ගිහින් ශිෂ්‍යයින්ට පහරදුන් කොල්ලා අරැන්දිකගෙ පුතා නෙවෙයිද? කමිටුවට පත්කරල තියෙන්නෙ කොහෙළිය රඹුක්වැල්ලත් ඒ ජාතියෙම බඩුවක්. උගෙ පුතත් මෙවැනි අමන වැඩ කීපයක්ම කළානෙ. මේව තමයි නියම පාර්ලිමන්ට් ජෝක්ස්.

  4. ගෞම් ඊයාරාජ් says:

    ගැට පොලොස් ගෙඩි හයක් කඩපු එකා රිමාන්ඩ් , බිලියන ගනන් ගහපු එවුන් ,මිනීමරුවො නිදොස් කොට නිදහස් , අධිකරණෙට අපහාස කරපු එකා අඑක් රටක් එක් නිතීයක් කොමඩියේ මුල් පුටුවෙ . දැන් ශැපද ?
    මෙහෙමයි මේ කටිං පුටිං ට මෙලො දෙයක් බැරි දේශපාලන අධබාලයෙක් . ඉක්මනට අයියා මලො දෙන්නා ඇමෙරිකාවට ගාටයි ,මෙහෙ නඩු ටික ක්ලීයර් කරගෙන , ඊලගට නාමල් බෙබියව සිංහාසනේ වාඩී කරවන්න පට්ට ගේමක් ගහයි 2030 වෙනකොට , හැබැයි හොදම කාරනාව තමයි එ වෙනකොට මේ රටේ ඉන්න වහල් ප්‍රජාව ක්‍රමිකව අඩුවෙයි.(බලාපොරොත්තුවක් විතරයි)

  5. sajith පුතා says:

    ඕක අහන්න දෙයක්ද අපි කලින්ම කිව්ව. පව් අහිංසකය

Main News