අරුන්දික ප්‍රනාන්දු විපක්ෂයේ අසුන් ගනී..
September 16, 2017 at 12:40 pm | lanka C news
සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමති ධුරයෙන් පසුගියදා ඉවත් කරන ලද අරුන්දික ප්‍රනාන්දු මහතා ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරවලදී විපක්ෂයේ අසුන් ගනු ඇති බව වාර්තා වෙයි.
කථානායකවරයාගේ අනුදැනුමෙන් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විපක්ෂයේ අසුන් ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාද සදහන් කරයි.