අලවංගුවකින් පහර දි පුද්ගලයකු ඝාතනය කරයි….

August 6, 2019 at 7:17 pm | lanka C news
අලවංගුවකින් පහර දි පුද්ගලයකු ඝාතනය  කරයි….

වැලිගෙපොල මැදගම්ඔය ග්‍රාමසේවා වසමට අයත් රංවලකන්ද ප්‍රදේශයේ දි අලවංගුවකින් පහර දි පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ රංවල කන්ද ප්‍රදේශයේ පදිංචි සිටි (62) හැවිරිදි ඩි.කේ.අබෙිසිංහ නැමැති පුද්ගලයකුයි.

මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම වෙනත් පුද්ගලයකුගේ නිවසට ගොස් තිබෙන අතර එහිදි ඇති වු බහින් බස් විමක් දුරදිග යැමෙන් පසු එම නිවසේ පදිංචි පුද්ගලයකු විසින් මෙම පුද්ගලයාට අලවංගුවකින් පහර දි තිබෙන අතර එහිදි ඔහු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙි.

සිද්ධිය සමිබන්දයෙන් සැකකරුවෙකු වැලිගෙපොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

සිද්ධිය සමිබන්දයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා විසින් පවත්වන ලදි.

– සම්පත් ප්‍රියනන්දන

7,587 Viewers
Main News