අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද‍්‍රිකා බාල්දියක් පෙරලයි..

December 7, 2019 at 2:10 pm | lanka C news
අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද‍්‍රිකා බාල්දියක් පෙරලයි..

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව ගොඩනගන නව සන්ධානයේ ලකුණු ලෙස ‘පුටුව’ ලකුණු ලබාගැනීමට ගැටලුවක් ඇති වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ එම ලකුණු අයත් පොදු ජන එක්සත් පෙරමුණේ නායකත්වය දරන ලද්දේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වීමයි.

පොදුජන එක්සත් පෙරමුණ ලේකම් ලෙස කටයුතු දිමු ජයරත්න මහතා මේ වනවිට අභාවප්‍රාප්ත වී ඇති අතර එම ධූරයටද තවම කිසිවෙකු පත් කර නැත.

එනිසා එම පෙරමුණේ තීන්දු ගැනීමට සිදුව ඇත්තේ එහි මධ්‍යම කාරක සභාවටයි.

එම සභාවේ වැඩි පිරිසක් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සමීපතම හිතවතුන් වෙයි.

මේ තත්ත්වය මත නව සන්ධානයේ ලකුණ පුටුව ලෙස ලබාගැනීමට ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවද වාර්තා වෙයි.

43,578 Viewers

8 Comments to “අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද‍්‍රිකා බාල්දියක් පෙරලයි..”

  1. 😥💀😥💀😥 says:

    රටම වනසපු මැඩ මිය මැද පින්තූරෙ ඉන්නේ
    අත උඩ ලකුණෙ මොහු රට වනසලා ඉන්නේ
    පොහොට්ටු පුබුදු මොහු රට බේරලා ඉන්නේ
    පුටුවට මකුණු වේයො ගහලා දිරලම ඉන්නේ

  2. බන්ඩා says:

    පුටුව අවශ්‍ය ශ්‍රිලනිපට මිස බැසිල් අනුගාමිකයන්ට නෙවෙය්. පුටුවෙ ප්‍රශ්ණ තෝරා බේරා දීම දයාසිරිලගෙ වැඩක්.

    • සිංහල බන්ඩා says:

      පාර්ලිමේන්තු මැතිවරණයයෙදි දයාසිරිලට දිනන්න නම් සිරිසේන ගෙ නොව ගෝඨා/මහින්ද ෆොටෝ එක එල්ල ගන්න වෙය්.

  3. රටට හිතවත් says:

    පුටුත් එපා….බුලත් කොලත් එපා….අතත් එපා….ඔය ඔක්කොම අයින් කරලා රට දිනවපු, රටම දන්නා, රටම විශ්වාස කරපු පොහොට්ටුවෙන් ඉල්ලමු. රට පුරා විසිරී ඉන්න උගත්, බුද්දිමත් පිරිසකට නාම යෝජනා දීල ජනතාව දැනුවත් කරලා ඔවුන්ව දිනවමු. ඊට පස්සේ ඔවුන්ට රට හදන, රට නගන වගකීම බාර දෙමු.

  4. පුටුව ලකුණ අත හැර පොහොට්ටුවෙන් තරග වදින්න වෙස් වලා ගෙන ආ ආශිර්වාදයක්…

  5. Kadiya says:

    හොඳ ආරංචියක්. ඉතාම ඉහළ ජන ප්‍රසාදයක් සහිත පොහොට්ටුව තියාගෙන චෞර ගැහැණිය චන්ද්‍රිකා වැනි අමන චරිතයකට සම්බන්ධ සළකුණක් දෙස බැලිය යුතු නැත.

  6. අක්බාර් ලොක්කා says:

    ජනාධිපතිවරණයෙදි ශ්‍රිලංනිපෙ මන්ත්‍රීවරු ඇත්තටම උදව් කල අය පිළිබඳව විශ්ලේෂණයක් කල යුතුය . පොලොන්නරුවේ ශ්‍රිලංනිපෙ ඡන්ද එජාපයට දාන්න කිව්වේ කවුදැයි සෙවිය යුතුය. මොවුන්ගේ පෙළඹවීමකින් තොරව රට පුරාම සිටින ශ්‍රීලංනිපෙ ජනතාව ගෝඨාභය මහතාට ඡන්දය දී ඇති බව පෙණීයයි. මේ අනුව පොරොන්දුවූ පරිදි මෛත්‍රීපාල මහතා කටයුතු කර නැති බව පෙණීයන බැවින් ඔහුගේ කොන්දේසි නැවත සලකා බලා සංශෝධනය කල යුතුය.පුටුවෙන් බැරි නං පොහොට්ටුවෙන් තරඟකිරීම සුදුසුය

  7. Nim says:

    MULU MAHATH JATHIYAMA
    DENAWAPU POHOTTUWA
    HODAA.

Main News