අල්ලස් ගත් පී.දිසා-මහනාම බලන්න මහනුවර ඒකාබද්ද ප්‍රබලයෙක් වැලිකඩ ගිහින්..
May 24, 2018 at 12:40 pm | lanka C news
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අයි.කේ. මහනාම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා හා පී. දිසානායක හිටපු රාජ්‍ය දැව සංස්ථා සභාපතිවරයාගේ සුවදුක් බැලීම සදහා ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
මොවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලද දිනයට ආසන්නම දිනයක ගොස් ඇති මෙම මන්ත්‍රීවරයාගේ පැමිණීම බන්ධනාගාර අමුත්තන්ගේ ලේඛණයේද සටහන් කර ඇතැයිද සදහන්ය.
මෙම මන්ත්‍රීවරයා කවුදැයි ඒකාබද්දයේ මන්ත්‍රී පිරිස අතර කසුකුසුවක් පැතිරී යමින් ඇතැයිද සදහන්ය.
කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සම්බන්දයෙන් ඉන්දීය අයෝජකයෙකුගෙන් අල්ලස් ඉල්ලා ඉන් කෝටි 2ක මුදලක අත්තිකාරමක් ගෙන කොළඹ ගලධාරි හෝටලයේ රථ ගාලේදී ගනන් කරමින් සිටියදී මෙම දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.
හතුරෙක් වුනත් කරදරයක් ඇති වුන අවස්ථාවක පිහිටවීම හොඳ ගුණයක්.
SITHA NIWANA KATHA!!