අල්ලස් ගත් පී. දිසා- මහානාම බලන්න පාන්දරම ගිය ඒකාබද්ද ප‍්‍රබලයා කවුදැයි ඒකාබද්දයේ කුහුලක්…

May 17, 2018 at 6:24 am | lanka C news
අල්ලස් ගත් පී. දිසා- මහානාම බලන්න පාන්දරම ගිය ඒකාබද්ද ප‍්‍රබලයා කවුදැයි ඒකාබද්දයේ කුහුලක්…

ඉන්දීය ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලෙස ලබා ගත් රුපියල් කෝටි දෙකක මුදලක් කොළඹ ගලදාරී හෝටලයේ රථ ගාලේ මෝටර් රථයක් තුල ගණන් කරමින් සිටියදී අත්අඩංලගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී වී.කේ. මහනාම හා හිටපු දැව සංස්ථා සභාපති පී. දිසානායක යන අයගේ සුවදුක් බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයා කවුදැයි කුතුහලයක් ඇතිව තිබේ.

එම දෙදෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කරන දිනට පසු දින ප‍්‍රභූ වරප‍්‍රසාද යටතේ මෙම ප‍්‍රබලයා බන්ධනාගාරයට පැමිණි ඇති අතර ඒ බව එදින පැමිණීම් ලේඛණයේද සදහන්ව ඇත.

පසුගිය රජයේ ඇමති තනතුරක් දැරු එකී වත්මන් මන්ත‍්‍රීවරයා එකල පී. දිසානායක සමග බොහෝ ගණුදෙනු කර ඇතැයිද පැවැසෙයි.

49 views
Main News