අල්ලස් චෝදනාවෙන් අර්ජුන-අරවින්ද රත්වේ… හදිසියේ මාධ්‍ය කැදවයි..

July 31, 2018 at 12:00 pm | lanka C news
අල්ලස් චෝදනාවෙන් අර්ජුන-අරවින්ද රත්වේ… හදිසියේ මාධ්‍ය කැදවයි..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් එල්ල කරන ලද චෝදනාවට පිලිතුරු දීම සදහා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයින් වන අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා විසින් හදිසි මාධ්‍ය හමුවක් කැදවා තිබේ.

අද පස්වරුවේ කොලඹදී මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිතය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ මුල්ම තරග පාවාදීම කලේ අර්ජුන රණතුංග හා අරවින්දද සිල්වා යයි ප‍්‍රබල චෝදනාවක් තිලංග සුමතිපාල මහතා විසින් එල්ල කරනු ලැබීය.

ඒ සම්බන්දයෙන් වන ලිඛිත තොරතුරුද තමන් සතුව ඇතැයිද සුමතිපාල මහතා මාධ්‍ය වෙත කියා සිටියේය.

125 views

5 Comments to “අල්ලස් චෝදනාවෙන් අර්ජුන-අරවින්ද රත්වේ… හදිසියේ මාධ්‍ය කැදවයි..”

  1. Gemunu Ruhuna says:

    තිලංගල වගේ කාලකන්නි මිනිස්සු මේ සමාජයෙන් තුරන් කල යුතුයි. අර්ජුන, අරවින්ද කියන්නෙ කවුද කියල ඔවුන් ඔප්පු කරල ඉවරයි. ශ්‍රීලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ යුග පුරුෂයිණි ! ඔබලාට අපගේ උත්තමාචාරය.

    • පොල්පිතිඇමති says:

      ලෝකයටම ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන් එංගලන්ත කන්ඩායමටද මේ වෙනතෙක් “ලෝක කුසලානය” දිනා ගැනීමට නොහැකි විය.
      ශ්‍රී ලංකාවට “ලෝක කුසලානය” දිනා ගැනීමෙන් අභිමානයක් ඇතිකල අර්ජුන හා අරවින්ද
      සැහැල්ලු කල කරපු අහිගුණ්ඨක කතාව තරයේම ක්‍රීඩා ලෝලි අප සැම හෙලා දකිමු,,!

      මෑතකදි හුඹහ අස්සේ හිටපු “බෙංගාලි නයි නටවපු” දැක්මෙන්ම ඔප්පු කලේ ඒ කවුරුන් ගැන දැයි මනාව ඒත්තු ගැන්විය.
      මීලඟ ලෝක කුසලානය ගැන මම අදම අනාවැකියක් කියමි…

      එනම් එය දිනන්නේ ලෝකයටම ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන් එංගලන්ත කන්ඩායමයි!

      ඉතින් සූදු-ඇමතිපාල තුමෝ දැන්ම “සූදු යාත්‍රාව” දියත් කරන්න..!!!!

  2. Gayantha says:

    Arjunage deshapalanaya pilibadawa gaitalu thiyenawa numuth 96 world cup eka genna arjuna, aravinda, sana, watmore wagema ana punchihewa mahaththayala loku sewayak kara. Mai kalakanni sumathipalaya thamai upan gai tharaga pawadeepu bookikaraya.
    Hodama udaharanaya lagadi thibba odi match eka. Bookipalaya groundsman ekka ekathuwela tharagaya pawadunna haiti api okkoma daikkane

  3. REAL MAN says:

    It is really sad what happened to Arjuna ….today he is like gypsy man and no platform to stand…. In wain he came to politics…his political journey destroyed his entire life and expose all the bad qualities of his life….We had prominent respect to Arjuna but its no more….Thilanga also not a good person….But why Thilanga took Arawinda for this battle as Arawinda seems to be doing his own things and live life peacefully…its wrong you took Arawinda for this mud slinging…

    We know Arjuna and Thilanga are enemies… why Arawinda ??????

    • විද්දෙ පඳුරට වැදුනෙ හාවට says:

      ආප්ප සිරාගේ තියරි එක REAL MAN ලමයෝ… ඒක තේරුනේ නැද්ද??
      චන්දිරිකා නෝන කල දෙයම තමයි මේ තියරි එක පිටුප්සෙ තියෙන්නෙ…!

      මහින්දට විශ්වාශිව හිටපු මෛත්‍රී ගජ යාලුව වෛර කෙරෙව්වා චන්දිරිකා තමන්ගෙ තරහ පිරිමහ ගන්න මහින්දගෙන් පලිගන්න….!

      අර්ජුනය එක්ක පුදුම විදියට අරවින්දයා වෛර බඳිනව මින්පසු…

      හරියට දැන් මහින්දට මෛත්‍රී වහකදුරු වගේ…!!

Main News