අල්ලස් හා දූෂණ කොමිසම මගින් ලක්සල හිටපු සභාපති ඇතුළු රාජ්‍ය නිලධාරින් 4 කට නඩු.. එලිසබත් මහ රැජිනගෙන් ස්තුති ලිපියක්..
September 6, 2017 at 8:02 am | lanka C news
ලක්සල වෙනුවෙන් ජාතික කෞතුකාගාර භුමිය තුල රුපියල් මිලියන 156 ක් වියදම් කොට වෙළෙද ප්රදර්ශනාගාරයක් ඉදිකිරීමේ ටෙන්ඩරය මගින් රජයට පාඩු සිදු කොට ඇතැයි දූෂණ විරෝධී පෙරමුණ විසින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම වෙත ඉදිරිපත් කල චෝදනාවක් විමර්ශන කොට ඒ සම්බන්ධව අල්ලස් හා දූෂණකොමිසම මගින් ලක්සල හිටපු සභාපති අනිල් කොස්වත්ත ඇතුළු රාජ්‍ය නිලධාරින් 4 දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 4 වෙනිදා පෙනි සිටින ලෙස දැනුම් දීමකින් පසුව එම නිලධාරින් එදින අධිකරණයේ පෙනි සිටියහ,
ලක්සල ආයතනයේ සාමාන්‍යාධිකාරී, මූළ්‍ය අධ්යක්ෂ සහ ව්‍යාපෘති අධ්යක්ෂ හා හිටපු සභාපති යන නිලධාරින් 4 දෙනාට රුපියල් දහ දාහක මුදල් ඇපයක් සහිතව පුද්ගල ශරීර ඇප 2 ක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නියෝග කළ බවයි, ඒ සඳහා එදින ලක්සල වර්තමාන කාර්යය මණ්ඩල සමාජිකයින් නිවාඩු ගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ හිටපු සභාපති අනිල් කොස්වත්ත ඇතුළු තම සහෝදර නිලධාරින්ට ශරීර ඇප දීමට ඉදිරිපත් වීම මෙහිදී විශේෂත්වයක් බවත් ලක්සල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ ලක්සල මගින් රුපියල් මිලියන 156 ක් වියදම් කොට 2011 වසරේ ඉදිකල ජාත්‍යන්තර තත්ත්වයේ වෙළෙද ප්‍රදර්ශනාගාරය 2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ශ්‍රීලංකාවට පැමිණි බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරු පැමිණයහ.
එහිදි ප්‍රදර්ශනාගාරය තුල පොදු රාජ්‍ය මණ්ඩල වානිජ මණ්ඩල සාමජිකයින් මුණගැසීම සඳහා බ්‍රිතාන්‍යය රජය විසින් තෝරාගැනීම මෙහිදී විශේෂත්වයකි. ඒ වෙනුවෙන් මහා බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගයේ භාර නියෝජ්යා ප්‍රධානිය විසින් දෙවෙනි එලිසබත් මහ රැජින වෙනුවෙන් 2013 නොවැම්බර් 20 වෙනිදා ලක්සල කලමණාකාරිත්වයට ස්තූතිය පල කර ලිපියක් ද එවා ඇත.