අලියාගෙන් නොදුන්තොත් සජිත් රාජාලියාගෙන්.. දැනටමත් සාකච්චා අවසන්..

August 19, 2019 at 12:00 pm | lanka C news
අලියාගෙන් නොදුන්තොත් සජිත් රාජාලියාගෙන්.. දැනටමත් සාකච්චා අවසන්..

ඇමැති සජිත් ප්‍රේමදාසට එජාපයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබානොදෙන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ රාජාලියා ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා සැලසුම් කොට ඇති බව වාර්තා වේ.

එවක එ.ජා.ප. නායකයාව සිටි හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට පියවර ගැනීම පිළිබඳව එජාපයෙන් නෙරපා දැමූ ලලිත් ඇතුලත් මුදලි හා ගාමිණි දිසානායක යන අය විසින් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ එජාපයට එරෙහිව දේශපාලන පක්ෂයක් ලෙස එවකට ලියාපදිංචි කරන ලදී.

එම පෙරමුණේ වත්මන් නායක ආරියවංශ දිසානායක සමග ඇමැති සජිත් ප්‍රේමදාසට හිතවත් එජාප ප්රබලයන් කිහිපදෙනකුම සාකච්ඡාවට ගණනාවක්ම සිදුකොට ඇති බවද වාර්තා වේ.

රාජ්‍ය ඇමැති දිලීප් වෙදආරච්චි ප්‍රකාශ කළේ ඇමැති සජිත් ප්‍රේමදාසට එ.ජා.ප. ජනාධිපතිධුර අපේක්ෂකත්වය ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ලියාපදිංචි වෙනත් දේශපාලන පක්ෂයකින් ඔහුට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා මේ වන විට සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවයි.

රංජිත් ගුණවර්ධන
– aruna.lk

204 views

28 Comments to “අලියාගෙන් නොදුන්තොත් සජිත් රාජාලියාගෙන්.. දැනටමත් සාකච්චා අවසන්..”

  1. malraj says:

    එහෙනම් තාත්තට කෙලවන්න හදපු පක්‍ෂය ඔබට ප්‍රයෝජනවත් වුනා

  2. වාස් says:

    රනිල් හාමුට උඩින් යන්න හදන මෝඩයෙක් උඹ සජිත්.උබ ගිහිල්ල මිනිස්සු ඉස්සරහ කෑගහල ගොං වැඩ කිඩ දැම්මට රනිල් ගේ එක මයිලකටවත් දැනෙයි කියල හිතුවද?

  3. අලියා ගෙන් බැරුව රජ අලියා ගෙන් ආවත් ගොන් අලියා ගොන් අලියාමයි. says:

    අලියා ගෙන් බැරුව රජ අලියා ගෙන් ආවත් ගොන් අලියා ගොන් අලියාමයි. දහ දහ…..ගොන් අලියා දහ

  4. Mudiyanse says:

    Shame on you Sajith Shame! Lalith formed this party against your father! You wanted to follow your fathers footsteps and now you are looking for your fathers enemies shelter to survive in politics! You and your father are national disgrace! You can never win with all your sandhana, People have learnt a good lesson!

  5. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Koken illuwath paraday.tanaturu tanhawen pelenawa.thanha jayathy soko.

Main News