අලියා අතහැර ජනාධිපති අපේක්ෂක සජිත් ජනපති මෛත්‍රී පාරේම එයි.. ජනාධිපතිවරණ ලකුණ හංසයා..
September 26, 2019 at 10:12 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන්නේ හංසයා ලකුණින් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ජනාධිපති අපේක්ෂක ධූරය ලැබීමෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පොදු සංධානයකින් වන නිසා මෙම සලකුණ යටතේ ඉදිරිපත් විය වීමට සාකච්ඡා කර ඇති බවද ඔහු පැවසීය.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඉදිරිපත් වූයේ හංසයා ලකුණින් වන අතර ඔහු එහිදී ලක්ෂ 62ක් ඡන්ද ලබා ජය ගත්තේය.