අලියෙක් බිම් බෝම්බයකට හසුවේ.. වනය මැද කෑ ගසයි..

June 16, 2019 at 4:40 pm | lanka C news
අලියෙක් බිම් බෝම්බයකට හසුවේ.. වනය මැද කෑ ගසයි..

වවුනියාව පාලමොට්ටෙයිකුලම් ප්‍රදේශයේ බිම් බෝම්බයකට හසු වූ විශාල වන අලියෙකු කැලෑවක දින 10 ක් පුරාවට ප්‍රතිකාරයක් නොමැති එම වන අලියා වේදනාවෙන් කෑගසමින් සිටින බවට ප්‍රදේශවාසීන් කියා සිටිති.

පාලමොට්ටෙයි කුලම් ප්‍රදේශවාසීන් පවසා සිටියේ මේ පිළිබඳව වව්නියාව වනජීවි නිලධාරීන්ට දැනුම් දී වනජීවි නිලධාරීන් පැමිණ වනඅලියා පරික්ෂා කළද මෙතෙක් අලියාට කිසිදු ප්‍රතිකාරයක් නොකොළ බවටයි.

මේ පිළිබඳව වව්නිය වනජීවි නිලධාරී කාර්යාලයෙන් විමසූ විට මීට දින 6 කට පමණ පෙර තම නිලධාරීන් අදාල අලියා පරික්ෂා කිරීමට අදාල ස්ථානය ගොස් ඒ පිළිබඳව කිලිනොච්චියේ පශූ වෛද්‍යවරයාට දැනුම් දුන්නද මෙතෙක් අදාල පශුවෛද්‍ය වරයා මේ වන තොක් නොපැමිණි බවටත් තම කාර්යාලය මගින් සිදු කළ යුතු සියලු දෑ මේ වන විට සිදු කොට ඇතත් අලියාට ප්‍රතිකාර කිරීම පමණක් ප්‍රමාද වී ඇති බවටත්ය.

එමෙන්ම අදාල තුවාලය අලියාගේ පාදයේ යට කොටසේ ඇති බවටත් බොහෝ විට අලියාට බිම් බෝම්බයක් පෑගී හෝ බඳින කඳකට හසුව ඇති බවට තමන් සැකකරන බවටත් අදාල තුවාලය මේ වන විට බරපතල වී ඇති බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,696 Viewers

7 Comments to “අලියෙක් බිම් බෝම්බයකට හසුවේ.. වනය මැද කෑ ගසයි..”

  1. gihan says:

    ?ME KIYANA WANA ALIYA ponilda, kotn nam kamkarida, kathaanaada upaasakada, heka heka nawinda?
    mun okkoma bombeta ahuwunaanam mulu rayama dinum.

    • ලිහිණි says:

      වව්නියාව වනජීවි නිලධාරීන්ට දැනුම් දී වනජීවි නිලධාරීන් පැමිණ වනඅලියා පරික්ෂා කළද මෙතෙක් අලියාට කිසිදු ප්‍රතිකාරයක් නොකොළ බවටයි.
      මෙවැනි නිලධාරින්ගෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද ? මේ නිලධාරීන්ගේ වැඩ තහනම් කර සතුන් රැකබලාගන්නා වන ජීවී නිලධාරින් පත්කරන ලෙස බලධාරීන්ගෙන් අපිඉල්ලමු ,,වහාම අලියාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස වන ජීවී ඇමතියෙන් ඉල්ලමු
      බලාසිටීමට කාලයක් නැහැ අසරණ අලියාගේ ජිවිතේ අනතුරේ ..මිනිසුනේ මේ අලියා බේරාගැනීමට වහාම පියවර ගන්න

  2. Nanyang says:

    that must hurt.get well soon jumbo

  3. පොරමෝලා says:

    වනජීවී ඇමති හැමනෙනවද ?

    • Love nature says:

      කිලිනොච්චියේ පශූ වෛද්‍යවරයා වහාම සේවයෙන් ඉවත්කර සතුන්ට ආදරයෙන් සලකන පශූ වෛද්‍යවරයකු වහාම පත්කළ යුතුයි
      ලංකාවේ ඉන්නේ එක පශූ වෛද්‍යවරයකු පමණක්ද ?
      අලියා යනු රටේ ජාතික සම්පතක් ..වහාම එම අලියාට ප්‍රතිකාර කරන මෙන් පශූ වෛද්‍යවරුන්ගෙන් සහ ආණ්ඩුවේ වගකිවයුත්තන්ගෙන් ඉල්ලමු ..
      අලියාට ඉක්මන් සුවය ලැබේවා

  4. PTR says:

    SF වනජීවි එකෙ ඉන්න කලෙ මේට වඩා හොදට වනජිවි එකෙ කට්ටිය වැඩ කරා

  5. sunimal says:

    වනජීවි නිලධාරීන් බෞද්දයන් විය යුතුය

Main News