අලි කොටි ප්‍රහාර නිසා ගම්මානයක් භීතියෙන්…

August 1, 2020 at 2:09 am | lanka C news
අලි කොටි ප්‍රහාර නිසා ගම්මානයක් භීතියෙන්…

වව්නියාව ඕමන්ත නාවට්කුලම් ප්‍රදේශයේ කොටි කොටි රංචුවක් විසින් ගවයින් මරා දැමීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව භීතියෙන් පසුවන බවට එම ප්‍රදේශවාසීන් පවසා සිටිති.

එම රංචුවේ කොටි පස් දෙනෙකු පමණ නාවට්කුලම් කැලෑබද ප්‍රදේශයේ සැරිසැරීම ප්‍රදේශවාසීන් විසින් දැක තිබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් බියවී සිටින අතර මේ වසරේ (2020) ගත වූ කාලය තුලදී කොටි ප්‍රහාරයන් හේතුවෙන් ගවයින් හා එලුවන් 20 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇති බවටද ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

නාවට්කුලම් ප්‍රදේශයේ නැවත පදිංචි වූ ජනතාව පැවසුවේ මුලින් තමන්ට වන අලි කරදර දැඩි ලෙසින් පැවති බවටත් අලි කරදර අතරේ මෙලෙසින් කොටි පහරදීමේ අවධානමද පැවතීම හේතුවෙන් ප්‍රදේශවාසී ජනතාව දැඩි බියකින් පසුවන අතරම මේ පිළිබඳ අදාල බලධාරීන්ගේ අවධානය යොමු වී ඉක්මන් විසඳුමක් ලබා දිය යුතු බවට නාවට්කුලම් වැසියන් වැඩි දුරටත් පවසා සිටිති.

මේ පිළිබඳව වව්නියාව වනජීවි කාර්යාලයෙන් වමසූ විට එහි නිලධාරීන් පවසා සිටියේ අදාල ගම්මානයේ ගැටලුව පිළිබඳව සොයා බැලීමට මේ වන විටත් පියවර ගෙන ඇති අතරම ගම්වාසීන් පවසන අයුරින් කොටියන් හෝ දිවියන්ගේ පහරදීමක් පිළිබඳව සහතික කල නොහැකි බවටත් ගම්මානයේ ගවයින් කිහිප දෙනෙකු මිය ගොස් තිබීම සමබන්ධයෙන් මේ වන විට පරික්ෂණයක් අරඹා ඇති බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,222 Viewers

Leave a Comment

Main News