අලි පහර දී දෙදෙනෙක් මරැට…විසඳුම් ඉල්ලා වැසියෝ වීදි බසිති..
June 29, 2017 at 2:20 am | lanka C news
වව්නියාව සෙට්ටිකුලම් හා අවට ගම්මානයන් වෙතට දිනපතා වල් අලින් ගම් වැදීම නිසා මේ වන විට වල් අලි ප්රහාරයන්ගෙන් දෙදෙනෙකු ඝාතනය වී ඇති බවටත් බව භොග විශාල ප්රමාණයක් විනාශ කොට ඇති හෙයින් වහාම වල් අලි කරදරයට විසඳුමක් ඉල්ලා සෙට්ටිකුලම් හා අවට ගම්මාන කිහිපයක වැසියන් උද්ඝෝෂණයක නිරත වූහ.
වව්නියාව සෙට්ටිකුලම්,මොහට්ටං කුලම් ,මණික්ෆාම් , ආඩියා පුලියංකුලම්, ගනේෂපුරම් , පෙරියකුලම් ආද ගම්මාන වලට දිනපතා වල් අලින් පැමිණීම නිසා ගම්මානයන්හි පිහිටි වගාවන් දැඩි ලෙසින් විනාශ වී ඇති අතරම වල් අලින් එලවා දැමීමට උත්සහ ගත් පුද්ගලයින් දෙදෙනෙකු වල් අලි ප්රහාරයන්ගෙන් මිය ගොස් ඇති බවටද උද්ඝෝෂකයින් කියා සිටියහ.
අදාල ගම්මානයන් වෙතට වල් අලින්ට ඇතුලු වීමට නොහැකි වන පරිද්දෙන් අලි වැටත් හෝ වල් අලින් පන්නා දැමීමට කිසියම් ක්රියා මාර්ගයක් ගන්නා ලෙසට වනජීවි නිලධාරීන්ට කිහිප අවස්ථාවකදීම දැනුම් දුන්නද මේ වන තෙක් විසුඳුමක් නොලැබීම නිසාවෙන් උද්ඝෝෂණයක් සිදු කිරීමට පියවර ගත් බවට ප්රදේශවාසීන් ජනතාව උද්ඝෝෂණයෙහි නිරත වෙමින් කියා සිටියහ.
සෙට්ටිකුලම් ගොවිජන සේවා කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ වූ උද්ඝෝෂණය පසුව පාගමනින් සෙට්ටිකුලම් ප්රාදේශීය ලේකම් කාර්යාලය දක්වා ගමන් කල අතර එහි ප්රදේශීය ලේකම් වරයා නොසිටීම නිසාවෙන් ග්රාමසේවක ප්රධානි ස්වාමිනාදන් ඥානේසවරන් මහතා වෙතට සන්දේශයක් බාර දෙනු ලැබීය.
අදාල ගැටලුව සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් දැනුවත් කොට ඉක්මන් විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවට ඥානේස්වරන් මහතා උද්ඝෝෂකයින්ට දැනුම් දෙනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ