අලි මදිවට කොටි.. ඉන්දියානු රූපලාවන්‍යාගාර රටපුරා අරඹයි..
July 20, 2017 at 8:40 am | lanka C news
ආයෝජකයින් රට තුළට කැඳවීමේ දී මේ පිළිබඳව සැළකිලිමත් විය යුතුබව ජාතික හෙල උරුමය පවසයි. මේ බව සදහන් කරමින් එම පක්ෂය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
දේශීය කර්මාන්ත බිඳ දමන ආයෝජන එපා
මෑතක සිට ඉන්දියානු ආයෝජන ව්‍යාපෘතින් ගණනාවක් පිළිබඳව ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී ඇත. යෝජිත මෙම ඉන්දියානු ආයෝජන ව්‍යාපෘති එම කේෂ්ත්‍රයේ දේශිය කර්මාන්ත වලට හා ව්‍යවසායකයින්ටත් රැකියාවල නියුක්ත අයටත් බලපෑමක් එල්ල කරන බවත්, එමගින් එම කර්මාන්ත අවදානමට ලක්වන බවත් ප්‍රකාශ වී ඇත.
දේශිය කර්මාන්ත හා එහි නියැලී සිටින ව්‍යවසායකයින් ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමකි. ආයෝජකයින් රට තුළට කැඳවීමේ දී මේ පිළිබඳව සැළකිලිමත් විය යුතු බව අමුතුවෙන් කිවයුතු නොවේ. පැමිණෙන හෝ අත දිගුකර කැඳවා ගනු ලබන ආයෝජන මගින් දේශිය කර්මාන්ත බිඳ දමා එම කේෂ්ත්‍රයේ නියැලෙන්නන් හා රැකියාවල නියුතුවුවන් අනතුරේ හෙලෙන්නේ නම් එයට අපට එකඟවිය නොහැක. ආනයන අපනයන වෙළඳාම හරහා දේශිය ගොවියාට ලැබිය යුතු ආරක්ෂාව නොලැබෙන්නේ නම් අපනයන භෝග සහ, භාණ්ඩ හා බැඳුනු කර්මාන්ත ද බිඳ වැටීම හෝ බෙලහීනවීම වැළැක්විය නොහැක. එබැවින් දේශිය කර්මාන්ත බිඳ වැටෙන හෝ බෙලහීන වන ආයෝජන වලට අපට එක`ගවිය නොහැකි වන අතර මේ පිළිබඳ විෂයභාර අමාත්‍යවරුන්ගේ සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේත් නිලධාරින්ගේත් අවධානය යොමු විය යුතුය.
ආසන්නතම ඉන්දියානු ආයෝජන ව්‍යාපෘතියක් වන මහා පරිමාණ සම්භාණ්ඩ, කර්මාන්ත ශාලාවක් ශී‍්‍ර ලංකාව තුළ ස්ථාපිත කිරීමට ආයෝජන මණ්ඩලයේ එක`ගතාවය පළ වී ඇත. ඒ අනුව ලාභ ශ්‍රමය හා ලාභ අමුද්‍රව්‍ය ආනයනය කර මහාපරිමාණ සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ශී‍්‍ර ලංකාව තුළ ස්ථාපිත කෙරේ. දේශිය සපත්තු, සෙරෙප්පු හා සම්භාණ්ඩ ආශි‍්‍රත නිෂ්පාදන කරන මහා පරිමාණ දේශිය කර්මාන්ත 05ක්, මධ්‍යම පරිමාණයේ කර්මාන්ත 10ක් හා සුඵ පරිමාණ කර්මාන්ත ශාලා 3000ක් පමණ රටතුළ ඇත. මෙයින් උත්පාදනය වී ඇති රැුකියා ප්‍රමාණය 40,000කට ආසන්නය. ඒ අනුව මෙයින් යැපෙන පවුල් සංඛ්‍යාව හා අමුද්‍රව්‍ය නිෂ්පාදනයෙන් යැපෙන පවුල් සංඛ්‍යාව ද අති විශාලය. දේශිය සම්භාණ්ඩ කර්මාන්තයට මෙවැනි ඉන්දියානු ආයෝජන ව්‍යාපෘති හරහා කණකොකා හ`ඩන්නේ නම් ‘‘සියරට දේ සිරි සැපදේ’’ යන හැගීමෙන් සියරට දේ රැකගත යුතු වේ යන ප්‍රතිපත්තියේ අප සිටින බැවින් මෙවැනි ආයෝජනවලට අප ඉඩදිය යුතු ද යන්න ප්‍රතිපත්ති සම්පාදකයින්, බලධාරින් ¥රදර්ශීව සිතා බැලිය යුතු ඇත.
අලි මදිවට කොටි කියන්නාක් මෙන් තවත් ඉන්දියානු ආයෝජන ව්‍යාපෘතියක් වන ඉන්දියානු රූපලාවන්‍යාගාර 100ක් රටපුරා ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳව දේශිය රූපලාවන්‍ය කර්මාන්තයේ යෙදී සිටින්නන් කලබලයට පත්ව ඇත. ඔවුන් තුළ සාධාරණ බියක් හා කැළඹීමක් ඇති වී ඇත. දේශීය රූපලාවන්‍ය කර්මාන්තය රටේ අස්සක් මුල්ලක් නෑර පැතිරී ගොස් ඇත. විශාල තරුණ තරුණියන් පිරිසක් එම කර්මාන්තයේ නියැලී සිටිති. රටට හා සමාජයට බරක් නොවී ස්වෝත්සාහයෙන් මෙම කර්මාන්තයේ යෙදෙන මෙම තරුණ තරුණියන් හා ඒ හා බැඳුනු කර්මාන්ත ආරක්ෂා කිරීම රජයේ වගකීමකි. විෂයභාර අමාත්‍යවරුන්ගේ වගකීමකි. මෙම දේශීය රූපලාවන්‍ය කර්මාන්තය විධිමත් කොට එහි ගුණාත්මක භාවයක් ඇතිකර කිසියම් නියාමනයකට යටත් කළ යුතු බවට කිසිදු විවාදයක් නැත. එය රජයේ වගකීමකි. එසේ නොකොට එම කර්මාන්ත විනාශ කරන මහා පරිමාණ ආයෝජකයින් ශී‍්‍ර ලංකාවට ගෙනඒම කිසිසේත් උචිත නොවේ.
එබැවින් මෙවැනි අදුරදර්ශි තීරණවලට නොඑළඹෙන මෙන් ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් හා බලධාරින්ගෙන් ඉල්ලා සිටින අතර සාර්ථකව ඉදිරියට යන දේශිය කර්මාන්ත රැකගැනීම සඳහා ඉදිරියට එන ලෙස ද ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
ජාතික සංවිධායක
ජාතික හෙල උරුමය
වර්ණසිංහ !!!
ඇයි ඔහෙලමනෙ කිව්වෙ ..”ඔයගොල්ලො දිගටම කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම්” කියල.
දැන් ඉතින් විරුද්ධ වෙයන්, උන් කරගෙන යයි.
බුද්ධ චීවරය විකුනලා සෝම හාමුදුරුවන්ගෙ දේහය විකුනලා චන්ද අරගෙන, ධර්ම රාජ්‍යට යනවා කියලා දැන් පාරෙ යන බල්ලොත් මරන කාලකන්නි හෙල කරුමය!!!
නැති බංගස්ථාන වේවා ඔය කරුමය !!
Yako warne. Ke nogha hitapan. Heta aniddata indiyanu badu pot rata purama vivurtha karahama katada prayojana?
All these things are done by your stupid and rotten government. If so give up your portfolios and quit .
එක ගොබිලෙක්. දඹුල්ලේ. පිංකැටය. කඩන්න
ගියා. අනෙත් ගොබිලෝ ටික . මහබැංකුවට දුන්නා. උතුර දකුණ මාරැවෙන්න. රටේපලාත්පාලානමැතිවරණ තියන්නේ නැ පැරදෙයි කියලා. පොඩි කාලේ ඉඳන් විජය එක්ක දේශපාලානය කරා කියලා කියපු එකාගේ මහඑකාඑකක් කියනවා එස් බි ය එකක් කියනවා සයිටම්අර්බුදය. අන්තරේ එවුන්ට ගහනවා නිල් වෙන්න.ආරක්ෂක ලේඛම් ජනාදිපති ලේකම් ටෙන්ඩර් මගඩි නිසා හුටස් ගාලා ඉල්ලා අස්වෙනවා..අනෙකාලොතැරැයි මන්ඩලය මුදල් එදිනෙදා ගේම ගහන්න ඉල්ලනවා ..දැන් තව එකෙක් සත්තුවත්ත රැට අරින්න. කෝ හිටන්ගේ මඩුවලිගේ….
parisaraya winaasa karana aayathanayak… Nawaththapalla… Indiyaaweth thahanam karapuwa…
අපේ සිංහ ලේ ලස්සන කෙල්ලන්ව අවලස්සන කරන්න එන නරුමයන් පන්නමු