අලි රංචුවක් ගමක් වනසයි..

August 8, 2019 at 2:09 am | lanka C news
අලි රංචුවක් ගමක් වනසයි..

වවුනියාව කනගරායන්කුලම් පෙරියකුලම් ප්‍රදේශයට ඇතුල් වූ වන අලි රංචුවක් විසින් ගම්මානයේ තිබූ කෙසේල් පොල් ඇතුලු වගාවන් රැසක් විනාශ කොට පලා ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.

පවතින දැඩි නියං කාරී තත්වය හේතුවෙන් ජලය සොයා පැමිණෙන වන අලින් විසින් ගම්මාන වෙතට ඇතුල් වී වාගවන්ද විනාශ කිරීමට පෙළඹී ඇති හෙයින් ප්‍රදේශවාසී ජනතාවද දැඩි සේ අසරණව සිටිති.

අලුයම් කාලයේදී ගම්මානයට ඇතුල් වූ වන අලි විසින් ගම්මානයේ තිබූ කෘෂි වාගවන් රැසක්ද විනාශ කොට ඇති අතරම පොල් වගාවන් හා කෙසේල වගාවන්ටද හානි කොට තිබීමෙන් එහි අයිතිකරුවන් දැඩි සේ අසරණව සිටින අතර අදාල වගාවන්ට සිදුව ඇති හානියට වන්දියක් හෝ ලබා දෙන ලෙසටත් වන අලින් ගම්වැදීම නවතා ලබා දෙන ලෙසටද ගම්වාසීන් වැඩි දුරටත් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,802 Viewers

2 Comments to “අලි රංචුවක් ගමක් වනසයි..”

  1. nf says:

    These elephants have no where to go now. The land has been cleared and animals have no where to go find food. That’s why these elephants have come to villages looking for food.

  2. PULATHISI says:

    ඒ කකුල් හතරේ වල් අලින්‍ බව පැහැදිලිය.
    එහෙත් කකුල් දෙකේ අලි රංචුවක් 2015 සිට අපේ මුලු රටම වනසන බව ජනතාවට තවමත් පැහැදිලි නොවන්නේද?

Main News