අලි සබ්රිට අධිකරණ ඇමතිකම දුන්නාට විරුද්දව අධිකණරණයේ නඩු දමයි..

August 15, 2020 at 10:14 pm | lanka C news
අලි සබ්රිට අධිකරණ ඇමතිකම දුන්නාට විරුද්දව අධිකණරණයේ නඩු දමයි..

මොහොමඩ් අල් සබ්රි මහතා අධිකරණ ඇමති ලෙස පත් කිරීමට විරුද්ධව අධිකරණයේ නඩු පවරන බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

අධිකරණ ඇමැති ධුරය අලි සබ්රි මහතාට ලබා දීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිද්ධ වී ඇතැයි උන්වහන්සේ පවසති.

තමනට විරුද්ධව අලි සබ්රි මහතා නඩු පවරා ඇත නිසා ඔහුට අධිකරණ ඇමති ධූරය දීමෙන් තමන්ට අගතියක් සිදු වන බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් තමන් අධිකරණ යන බවද උන්වහන්සේ කියා සිටී.

109,007 views
Main News